Tamil:විදේශගත දෙමළ සංවිධාන රැසක් නිදහස්

 

 

tamil youth

 

 

විදේශගත දෙමළ සංවිධාන රැසක් සඳහා වූ තහන ම ශ්‍රි ලංකාවේ ආණ්ඩුව විසින් ඉවත් කොට ඇත.

2015 නොවැම්බර් 21 දා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, ගෝලීය දෙමළ සංසදය (GTF), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනඩා දෙමළ කොන්ග්‍රසය (CTC), ඕස්ට්‍රේලියා දෙමළ කොන්ග්‍රසය (ATC), කැනඩා දෙමළ ජාතික මණ්ඩලය  (NCCT), දෙමළ ජාතික මණ්ඩලය (TNC), දෙමළ තරුණ සංවිධානය (TYO) සහ ජගත් දෙමළ සම්බන්ධීකාරක කමිටුව (WTCC) යන සංවිධානයට පනවා තිබු තහනම ඉවත් කොට ඇත.

මේ අතරවාරේ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට අමතරව දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO), දෙමළ සම්බන්ධීකරණ කමිටුව (TCC), ගෝලීය දෙමළ ව්‍යාපාරය (WTC), පාරජාතික දෙමළ ඊළම් ආණ්ඩුව (TGTE), දෙමළ ඊළම් ජනතා සභාව (TEPA), ලෝක දෙමළ සහන අරමුදල (WTRF) සහ මුලස්ථාන කණ්ඩායම (HQ Group) යන සංවිධාන සම්බන්ධයෙන් පනවා තිබු තහනමතව දුරටත් රට තුල තහනමට යටත් වෙයි.

 

 

Canadian_Tamil_Congress_Logo

 

‘ත්‍රස්තවාදය සම්බන්ධ ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම’ තහනමට හේතු ලෙස ආණ්ඩුව පවසයි.

මේ වසර අගදී ඩයස්පෝරා හමුවක්  පැවැත්වීමට නියමිත අතර මේ ලෙසින් තහනම ඉවත් නොකළේ නම් ආණ්ඩුව සමඟ සංවාදයක නිරත සංවිධානවලට මෙම හමුවට ආරාධනා කිරීමට ඉඩ  නොලැබෙනු ඇත.

 

අනෙක් අතට තෝරාගත් විදේශගත දෙමළ  සංවිධාන කීපයක තහනම ඉවත් කිරීමත් සමඟ මෙම සංවිධාන අතරේ බෙදීමක් ඇති විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.

 

සම්පුර්ණ ගැසට් නිවේදනය මෙතැනින්

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.