Single but live:තනිකඩ පියුමි ගෙන් හොට් චොක්ලට්

අහන්න දෙයක්‌ නැහැ ඒ ගැන හැමෝම දන්නවා.
මම ආයෙත් තනිකඩයි
පියුමි පුරසිංහ සිව් වසරකට පසුව මීවිතට කී කතාව

අවුරුදු හතරකට විතර පස්‌සේ ඔබලා හොඳින් දන්න හඳුනන චරිතයක්‌ අපිට මුණගැසුණා. දිගු කාලෙකට පස්‌සේ මුණගැසුණු පියුමි පුරසිංහගේ ජීවිතේ ගොඩාක්‌ වෙනස්‌වෙලා. පෙනුමෙන් විතරක්‌ නෙමෙයි. විවාහ ජීවිතය පවා වෙනස්‌ වෙලා. කාලෙකට පස්‌සේ මුණගැසුණු පියුමිගෙන් අපි අහපු ප්‍රශ්නවලට ඇය මෙලෙස පිළිතුරු දුන්නා.

මෙච්චර කල් කොහෙද ගිහින් හිටියේ?

කොහෙවත් ගිහින් හිටියේ නැහැ. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ උපාධියක්‌ හැදෑරුවා.

දැන් ඉස්‌සරට වඩා ලස්‌සන වෙලා. මොකක්‌ද ඒකේ රහස ?
Piyumi-+beauty-models-lk-++47 piumi1mmm
විශේෂයක්‌ නැහැ. කෑම පාලනය කරනවා වගේම ව්‍යායාම්වලට මුල්තැන දෙනවා.

ගෙවීගිය කාලයේ මොනවද කළේ ?

මම ව්‍යාපාර අංශයට යොමුවුණා. ඒවා දියුණුකරගන්න තමයි හිතාගෙන ඉන්නේ.

ඇයි මේ ව්‍යාපාර කටයුතුවලට යොමුවෙන්න හිතුවේ ?

රංගනයෙන් ඉවත්වුණාට පසුව මම හිතුවා ව්‍යාපාරයක්‌ පටන්ගන්න ඕනෑ කියලා.

ආපහු රඟපාන්න සූදානමක්‌ නැහැ ?

මම ආපහු රඟපාන්න සූදානමක්‌ නැහැ.

ආපහු රංගනයට යොමුවුණා නම් නරකද?

අපොයි මම ආපහු රඟපාන්න කැමැති නැහැ. දැන් ක්‍ෂේත්‍රය හරිම වෙනස්‌. කිසිම දෙයක්‌ පිළිවෙළකට සිදුවන්නේ නැහැ. මම රංගනයට යොමුවෙලා ඉන්න හින්දා ඒ ක්‍ෂේත්‍රය ගැන හොඳට දන්නවා. ඒක හින්දා ආපහු ඒ ක්‍ෂේත්‍රයට යොමුවෙන්න අදහසක්‌ නැහැ.
12246616_19228636112piyummii
නිරූපණයට යොමුවෙන්න හදනවා කියන්නේ ඇත්තද?

ඇත්තටම නිරූපණයට යොමුවෙන්න පොඩි අදහසක්‌ තියෙනවා. මොකද මගේ ව්‍යාපාරයට එය ගොඩක්‌ උදව්වෙනවා.

ගෙවීගිය කාලය මුල්තැන දුන්නේ අධ්‍යාපනයට විතරද?

අධ්‍යාපනයට විතරයි.

කාලෙකට පස්‌සේ ෆොටෝ ෂූට්‌ එකක්‌ කරන්න හිතුවේ ඇයි ?

මගේ ව්‍යාපාරයට අවශ්‍ය හින්දා තමයි ෆොටෝ ෂූට්‌ එකක්‌ කළේ.

ආපහු රඟපෑවොත් නරකද?

ආයෙත් නම් රඟපෑම ගැන හිතන්නේවත් නැහැ.

ආරාධනා ලැබුණේ නැතිද?

ආරාධනා ලැබුණා. ඒ වුණාට ඒ කිසිවක්‌ භාරගත්තේ නැහැ.
imagespiyumbi
ක්‍ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද ඉන්නේ ?

ඔව්. හොඳටම කලකිරීමෙන් ඉන්නේ.

පියුමිට ක්‍ෂේත්‍රයෙන් ආසාධාරණයක්‌ වෙලා තියෙනවාද?

අසාධාරණයක්‌ වෙලා නැහැ. මම රංගනයෙන් ඉවත්වුණේ මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යැමට. ඉතිං මම හිතුවා මේ හිටියා වගේ හිටියා නම් හොඳයි කියලා. අනික අද රංගනය තියෙන තැන අන්තිම පහළට වැටිලා තියෙන්නේ.

පියුමිගේ හොට්‌ චොකලට්‌ කවුරු වෙනුවෙන්ද?

මමයි, මගේ සහෝදරියයි එකතුවෙලා තරුණියන් වෙනුවෙන් තමයි ආරම්භ කළේ.

 

p13mee.maa-davasvala (1)

දිගු කාලයකට පසුව නේද මාධ්‍ය ඉදිරියට ආවේ ?

ඔව්. මම හිතන්නේ අවුරුදු හතරක්‌ විතර.

මෙච්චර කල් මාධ්‍යයෙන් හැංගිලා හිටියේ ඇයි ?

හැංගිලා හිටියේ නැහැ. වෙනදේකට යොමුවෙන්න වෙලාවක්‌ තිබුණේ නැහැ අධ්‍යාපන කටයුතු හින්දා. දැන් ටිකක්‌ විතර නිදහසක්‌ ලැබුණා. ඒක හින්දා නිරූපිකාවක්‌ විදිහට වැඩකරන්න අදහසක්‌ තියෙනවා.

ජනප්‍රියත්වයට අකැමැතිද?

ඔව් මම දැන් ජනප්‍රියත්වයට අකැමැතියි. අනික ගෙදරින් රඟපෑමට විරුද්ධයි.

ඒ මොකද ?

මේ ඉන්න විදිහ හොඳයි කියලා හිතෙනවා.

ගෙවීගිය කාලයේ දුක සතුට මොන විදිහටද දැනුණේ ?

සාමාන්‍ය විදිහට තමයි මගේ ජීවිතයත් ගෙවීගෙන ගියේ. ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙලා මම අද ඉන්න තැන ගැන සතුටුවෙනවා.

ඔබේ ජීවිතයේ දුක්‌වුණු අවස්‌ථා නැතිද?

දුක්‌වුණ අවස්‌ථා තිබුණා. ඒක නැහැ කියන්න බැහැ. හැමෝටම දුක්‌මුසු අවස්‌ථා තියෙනවානේ.

ජීවිතය ගැන ආපසු හැරිලා බැලුවොත් ?

මම කරපු හැමදෙයක්‌ ගැනම කතාබහට ලක්‌වුණා. ඒ වගේම අද මම ඉන්න තැන ගැනත් සතුටුවෙනවා.
piymii
හැමදේම ගැන කිව්වා. ඔබේ විවාහ ජීවිතය ගැන කතා කළොත් ?

ඒක පුද්ගලික දෙයක්‌. ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ.

පුද්ගලිකත්වය බොහොම රහසිගත විදිහට තියාගන්නද සූදානම ?

අහන්න දෙයක්‌ නැහැ ඒ ගැන හැමෝම දන්නවා. මම දැන් විවාහක නැහැ. තනියම ඉන්නේ. ඒක රහසකුත් නෙමෙයි.

ඒ නිසාද නිරූපණයට යොමුවෙන්න හිතුවේ ?

ඒක කිසිම හේතුවක්‌ වුණේ නැහැ. ව්‍යාපාරයකට යොමුවෙන්න මගේ හිතේ ලොකු ආසාවක්‌ තියෙනවා.

පවුලේ අයත් එක්‌ක ගෙවන ජීවිතය ?

මගේ පවුලේ අයත් එක්‌ක බොහොම සුන්දරව කාලය ගෙවීගෙන යනවා.

 

Hot chocolate from the single and lively star

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.