Power:රනිල් කලබල නොවී ගමනට සුදානම් වෙයි

තවත් කල් බලා සිටියහොත් වැඩේ දෙල් වෙන බව දැනගත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩේට බැස්සේය.

කැබිනට් රැස්වීමට පැමිණි ඇමතිවරුන්ට පිටු දෙකක ලියවිල්ලක් ලැබුණි.

එහි තේමාව වුනේ ව්‍යවස්ථා සංශෝධන යන්නයි.

ස්වාධීන කොමිෂන් සභා පත් කොට විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීමට හැකිවුනත් පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය පුර්ණ ලෙසින් අහෝසි කිරීමට සහ මැතිවරණ ක්‍රමය සංසෝධනය කිරීමට හැකි  වී නැති  බව එම ලියැවිලෙන් ප්‍රකාශ වී තිබිනි.

ඒ සමඟම දේශපාලන ලෝකය පුරා පැතිර  ගිය කුකුස වුයේ ‘මෛත්‍රි විධායක ජනාධිපතිකම අහෝසි කරලා අගමැති වෙන්න හදනවද?’ යන්නයි

 

ranilma

 

 

අගමැති තරඟයට

අගමැති තරඟයට ඉදිරිපත් වීමේ අදහසක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට නැති බව ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කොට තිබුනත් ඔහු වටා සිටින පිරිසක් මේ අගමැති සිහිනය පෝෂණය කිරීමට කැමැත්තෙන් සිටින බව පෙනේ .

විධායක ජනාධිපති ක්‍රමය පුර්ණ ලෙසින් අහෝසි කිරීමට සහ මැතිවරණ ක්‍රමය සංසෝධනය කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ ඒ සඳහා යුහුසුළුව ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.

දෙසැම්බරය වන විට සිවිල් සංවිධාන වල අදහස් විමසා කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව මගින් පිලියෙල් කොට ලබන වසරේ මුල පාර්ලිමේන්තුවට ඉදිදරිපත් කිරීමට හැකි වෙතැයි රනිල් වික්‍රමසිංහ කියා සිටී.

රනිල් වික්‍රමසිංහ දුර ගමනක් යාම සඳහා  තම රිය සුදානම් කර ගන්නා රියැදුරෙක් වැනිය.ඒ අතර වාරේ ගමනට ඇතිවිය හැකි මාර්ග බාධක ගැන වැඩි තැකීමක් කරන්නේ නැති අතර දිනෙන් දින වැඩිවෙන ජීවන් වියදම.පොරොන්දු වූ ආයෝජන ඉක්මනින් ලබා ගත නොහැකිවීම ,ඉදිකිරීම් ක්ෂේත්‍රය අඩපණ වීම නිසා රැකියා අහිමි වැනි කරුණු ඔහුගේ ප්‍රතිවාදීන් අත ආයුධ විය හැකි බව සතේකට ගණන් ගන්නේ නැත.මෙය මුරන්ඩුකමද එසේත් නැති නම් උපාය ශුර රාජ්‍ය තාන්ත්‍රිකයා ගේ ගුණයක්ද යන්න තවමත් පැහැදිලි නැත.

 

rani mahinda r ani

බල පෙරලියක පෙර නිමිති

මේ අතර වාරේ  අළුත් බල පෙරලියක පෙර නිමිති ගැන වාර්තා වී ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලය ගෙන ඒමට උත්සහ කිරීම එක් පෙරමුණක් වී ඇති අතර

වත්මන් ආණ්‌ඩුව පෙරළා දමා නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට එකිනෙකට එරෙහි බලවේග දෙකක්‌ මේ දිනවල වෙන වෙනම සාකච්ඡා අරඹා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් හෙළිදරව් වී  ඇත.

 

 

New power struggles

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.