Constitutional Change:රනිල්ට සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකිද?

bakmaharanilඅගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නේ  පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කොට නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමයි.

මේ ක්‍රමවේදය හරියන්නේ පාර්ලිමේන්තුවේ බලය ශක්ත්මත් අතකින්මෙහෙයවන අවස්ථා වලදීය.

1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය  ශ්‍රීලංකාව ජනරජයක් බවට පත් කරන ව්‍යවස්ථාමය වෙනස් ඉදිරිපත් කල අවස්ථාවේදීත් 1978 දී ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපතිකම ඇති කළ අවස්ථාවේදීත් ඔවුන්ගේ විධානයට බහුතරය  සිග්නල් කණු සේ අත ඔසවන්නට සැදී පැහැදී සිටියහ.

වර්තමාන තත්වය සහමුලින්ම වෙනස්ය.

රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන්නේ සුළුතර ආණ්ඩුවකටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල ලෙස දෙකඩ වී ඇත.

අළුත් ව්‍යවස්ථා යෝජනා වලට එරෙහි වී තමන්ගේ ගොඩ වැඩි කල හැකි නම් ඒ චාන්ස් එක ලබා ගැනීමට උනන්දු බොහෝ කොටස් පාර්ලිමේන්තුව තුලත් පිටතත් සිටිය හැක.

 

ranilsocial

 

ජනතා උවමනාවක්

මේ තත්වය හමුවේ කල හැකි හොඳම දෙය නම්  ව්‍යවස්ථා වෙනස ජනතා උවමනාවක් බවට පත් කිරීමය.

මේ සඳහා  සමාජ සංවාදයක් ගොඩ නැගීම සඳහා මාධ්‍ය  ජාලයක් උපයෝගී කර ගන්නා බව අගමැතිවරයා  කියා සිටී.

මෙය හොඳ වැඩක් වන නමුත් ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නයකි.

ව්‍යවස්ථා වෙනස  සඳහා ජනතා  උවමනාවක් ඇති කල හැක්කේ පුද්ගලික ලාභ අපේක්ෂාව  සඳහා මෙම වෙස්කම් වලට එරෙහි වීම ජනතාවට ද්‍රෝහී වීමක් බව සමාජ ගත කලහොත් පමණි.

ශුර සන්නිවේදකයින්

මේ  සඳහා ගම් දනව් සිසාරා යන සමාජ කතිකාවතක් බිහි කල යුතුය.

මේ කතිකාවතේ අරටුව විය යුත්තේ අළුත් ව්‍යවස්ථා වෙනසින් ජනතාවට කුමක් ලැබෙන්නේද යන්නයි.

ව්‍යවස්ථා වෙනස යනු වියුක්ත සංකල්පයක් බව සැබෑය එය පාන්  මිළ රුපියල් දහයකින් අඩු කිරීමෙන් ලැබෙන වාසිය පැහැදිලි කිරීම තරම් පහසු නැත.

එහෙත් වීයුක්ත සංකල්ප ජනතාවගේ හිතට දැනෙන-ගත පන ගන්වන දේ බවට පරිවර්තනය කිරීම ශුර සන්නිවේදකයාගේ කාර්යයයි.

මාවෝ සේතුං,මහත්මා ගාන්ධි.ලුතර් කින්ග්.ලෙනින්,මැන්ඩෙලා හට පුළුල් සමාජ ව්‍යපාර වලට නායකත්වය ලබා දිය හැකි වුනේ ඔවුන් ශුර සන්නිවේදකයින් වූ හෙයිනි.

ජනාධිපතිවරයාට සමාජ රැල්ලක් මතින් වෙනසකට මග පාදාගත හැකිවිය දැන් ප්‍රශ්නය වන්න රනිල්ට ඒ වෙනස සමාජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළ  හැකිද යන්නයි.

 

Can Ranil give leadership to a social movement?

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.