Appointments:රංගේ බණ්ඩාර පත්වීම් ප්‍රශ්න කරයි

 

යහපාලන ආණ්ඩුවක් බිහිකිරීමට ඇපකැපවූ සුදුසුකම් සහිත අය කොතෙකුත් සිටියදී, හිටපු ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනය යලිත් තහවුරු කිරීම සඳහා ක්‍රියා කළ අයම රාජ්‍ය ආයතන වල ඉහල තනතුරු වලට පත්කිරීමෙන් රටට දී ඇත්තේ වැරදි ආදර්ශයක් බව නිපුණතා සංවර්ධන හ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දන්වනු ලැබ ඇත.

 

range-e1444574033939

ලිපියෙන් උපුටා ගත්  කොටස්

 

වයස අවු.70 ඉක්මවූ පුද්ගලයින් සභාපති හෝ වෙනත් උසස් තනතුරුවලට පත් නොකරන බවට ජනාධිපති කාර්යාලයෙන් දැනගන්නට ලැබුණු නමුත් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියෙහි (NAITA) සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ 1944 අගෝස්තු මස 08 දින උපත ලද දැනට වයස අවු.71ක ඉක්මවූ පුත්තලමේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන යූසස් පීරිස් මහතාය. ඔහුගේ පත්කිරිම ජනාධිපති කාර්යාලය විසින් ගත් මූලික සිද්ධාන්තයම බිඳ දමා ඇති බව පවසනු කැමැත්තෙමි.

එමෙන්ම වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇති විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි මහතා හා උපසභාපතිවරයා ලෙස පත්කර ඇති නීතීඥ සුගත් හඳුන්ගේ මහතා ද ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ අය නොව, හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ අය බව කණගාටුවෙන් යුතුව පෙන්වා දෙමි.

විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණි හෙට්ටිආරච්චි මහතා හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් නාවල, නාරහේන්පිට පාර, වෙදපන්සල ඉදිරිපිට පවත්වාගෙන යන ලද විශේෂ මෙහෙයුම් මැදිරිය භාරව සිටි තැනැත්තාය. මෙම මෙහෙයුම් මැදිරියේ විශ්‍රාමික හිටපු ආරක්ෂක නිලධාරීන් 200කට අධික පිරිසක් සේවය කළ අතර ඔවුන් වෙනුවෙන් ලක්ෂ ගනනින් වැටුප්  ගෙවන ලද්දේ මේ දිනවල මහත් කතාබහට ලක්ව ඇති ඇවන්ගාඩ් සමාගම විසින් බව මාධ්‍යවලද විස්තර පලවිය.

වෘත්තීය පුහුණු අධිකාරියේ උපසභාපතිවරයා ලෙස පත්කර ඇති නීතිඥ සුගත් හඳුන්ගේ මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් “ආයුරක්ඛන්තු ආවඩා” නම් ගීතයේ පසුබිම් ගායකයා බවටද තොරතුරු ඇත.

ආයු රක්ඛත්තු ආවඩා

ආයු රක්ඛත්තු ආවඩා

Posted by හෙළබිම TV on Sunday, May 17, 2015

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.