EPF+ETF = ලොකු අර්බුදයක්

 

Victor_Ivan,ඊපීඑෆ් සහ ඊටීඑෆ් ඊපීඑෆ් හා ඊටීඑෆ් අරමුදල් දෙක එකට එකතු කොට විශ‍්‍රාමික පාරිතෝෂික අරමුදලක් ඇති කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුවලද බරපතළ ප‍්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකිය. මෙම අරමුදල් රජයේ කිසිදු දායකත්වයක් නැති පෞද්ගලික අංශයේ සේවකයන්ට අයත් අරමුදලකි. අරමුදලේ ප‍්‍රමාණය ටි‍්‍රලියන 1.7කි. එය රුපියල් කෝටි 17,000කට සමානය.

මෙම අරමුදල මෙතෙක් පැවතුණේ මහ බැංකුව භාරයේය. රාජපක්ෂ පාලන කාලයේදී මහ බැංකුවේද අනුදැනුම ඇතිව මෙම අරමුදලේ කිසියම් ගසාකෑමක් සිදුවී තිබුණද මුළු එකක් වශයෙන් ගත්විට මහ බැංකුවෙන් මෙම අරමුදලට ආරක්ෂාවක් ලැබී තිබුණේයැ’යි කිව හැකිය.

 

මෙම අරමුදල් දෙක එකට ඒකරාශි කොට දේශපාලනඥයන්ට අනිසි ලෙස ඇඟිලි ගසන්නට ඉඩක් නැති, ගසාකෑම්වලට ඉඩක් නැති, සේවකයන්ට වැඩි ප‍්‍රතිලාභ ලබාදෙනවාට අතිරේකව රටේ පොදු යහපතටද හේතුවන අරමුදලක් නිර්මාණය කිරීම අගමැතිවරයාගේ අවංක අභිලාෂය විය හැකි වුවත් ඒ ගැන මහජනයා තුළ විශ්වාසයක් නැති නම් අගමැතිවරයාගේ අභිලාෂය යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකිවන්නේ නැත.

 

මේ තත්ත්වය ලංකාවේ දේශපාලන නායකයන් මුහුණදී තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ජනතාව අතර දේශපාලන නායකයන් කෙරෙහි ලොකු විශ්වාසයක් හෝ ගෞරවයක් නැත. ලංකාවේ මහජනයාට දේශපාලනඥයන් පෙනෙන්නේ ගසාකන්නන් ලෙසය. නව ආණ්ඩුවක් බලයට පත්වී ඇතත්, දේශපාලනඥයන් පිළිබඳව මහජන සිත්වල ඇඳී තිබුණු එම චිත‍්‍රයේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට මේ ආණ්ඩුවද සමත් වී නැත. මහ බැංකුව ගැනද මහජනයාට විවේචනයක් ඇතත්, ඇති කරන්නට යන නව ආයතනය ගැන මහජනයාට වැටහීමක් නැති නිසා නොදන්නා යක්ෂයාට වඩා දන්නා යක්ෂයා හොඳයැ’යි සිතන ආකල්පයක් මහජනයා අතර පවතී. –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.