Next:සමන් ජයලත්ට කුමක් කරමුද?

 

seya

කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කළ 36 හැවිරිදි ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත්  දැන් වරද පිළිගෙන ඇත.

කොණ්ඩය කොටට කපාගෙන උසාවි පැමිණි සමන් ජයලත් තමන් මේ කුරිරු අපරාධය කල බව පිලිගත්තේ

අංගසම්පූර්ණ ඩී. එන්. ඒ. වාර්තාව උසාවියට ඉදිරිපත් වීමෙන් අනතුරුවය.

ජින්ටෙක්‌ ආයතනය මගින් ඩී. එන්. ඒ. පරීක්‍ෂණ වාර්තාව  සම්පදනන්ය කෙරින.

ඝාතනයට ලක්‌වූ සේයා දැරියගේ සිරුරින් ලබා ගන්නා ලද ආගන්තුක සෛල සාම්පල් සහ සමන් ජයලත්ගේ රුධිර සාම්පල් එකිනෙකට ගැලපෙන බව ඩීඑන්ඒ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වී ඇත.saman-jayalath 

සමන් ජයලත් නමැත්තා විවිධ අපරාධ සම්බන්ධයෙන් වසර 6 කට අධික කාලයක්‌ බන්ධනාගාරගතව සිටි අයෙකි.

ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ සමන් ජයලත් සහ ඔහුගේ සොහොයුරා වන කොණ්‌ඩයා එම ප්‍රදේශය අතහැර කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයට එන්නේ සිය සොහොයුරියගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගැනීමටය.

විකෘති කාමාශාවන්

රාත්‍රි කාලයේ නිවෙස්‌වලට එබිකම් කිරීම නිවෙස්‌වල වටිනා දේ සොරා ගැනීම, කාන්තාවන් ස්‌නානය කරන දෙස බලා සිටීම ඇතුළු විවිධ විකෘති කාමාශාවන් ඇති පුද්ගලයන් ලෙස සමන් ජයලත් සහ කොණ්‌ඩයා පොලිසිය හඳුනාගෙන තිබිණි.

සේයා දැරිය ඝාතනයට ලක්‌වූ දින රාත්‍රියේ සමන් ජයලත් නමැත්තා බඩල්ගම ග්‍රාමයේ ඇවිදිමින් නිවාසවලට එබිකම් කරමින් සිටියදී සේයා දැරියගේ නිවසේ කාමරයක විදුලි පහන් දැල්වෙන අයුරු දැක එහිගොස්‌ ජනේලයක්‌ විවෘත කරගෙන තිබේ. සේයා දැරියගේ මව නිදා සිටින අයුරු දුටු සමන් ජයලත් නමැත්තාට ඇය කෙරෙහි ආශාවක්‌ ඇති වී තිබේ.

රාත්‍රිය වනතුරු සේයාගේ නිවස අසල සැඟවී සිටි සමන් ජයලත් එහි ජනේලයකින් ඇතුළුවී ඇත්තේ දැරියගේ මවට අතවරයක්‌ කරන බලාපොරොත්තුවෙන්ය.

සේයාගේ මවගේ ගෙලට පිහියක්‌ තබා ඇය බියට පත් කර ඇය දූෂණය කිරීමට සැලසුම් කළ සමන් ජයලත් නිවස පුරා ඇවිදිමින් පිහියක්‌ සොයා ඇත.

එහෙත් ඔහුට පිහියක්‌ හමුවී නැත. ඒ අවස්‌ථාවේ සේයා දැරිය නිදා සිටින ඇසුරු දැක ඇති සමන් ජයලත් පසුව ඇය රැගෙන ගොස්‌ අතවර කිරීමට සැලසුම් කර තිබේ.

සේයා දැරිය නිදියහනෙන් රැගෙන නිවසේ ජනේලයෙන් පිටවූ සමන් ජයලත් ඇය නිවස අසල වන ලැහැබකට රැගෙන ගොස්‌ ඇත.

එහිදී සේයා දැරියට අතවර කරද්දී ඇය සමන් ජයලත්ගේ මුහුණ සපා ඔහුගෙන් බේරීයැමට උත්සාහ කර ඇත. මුහුණ සපා කෑම නිසා කෝපයට පත්වූ සමන් ජයලත් දැරියගේ ගෙල සිරකර ඇය ඝාතනය කර තිබේ.

පසුව දැරියගේ සිරුර ඇළට විසිකර දැමූ සැකකරු නිවසට ගොස්‌ ඇත.

දැන් කුමක් කරමුද?

www.srinews.info iz.

 

දැන් සමන් ජයලත් ට දඬුවම් කිරීමෙන් සියළු දෙනානටම තමන්ගේ පව් වලින් නිදොස් විය හැකිද?

සේයා සදෙව්මි වැනි දරුවන් කී දෙනක් අනාරක්ෂිතව දිවි ගෙවන්නේද?

සමන් ජයලත් වැනි තවත් කී දෙනෙක් නිදහසේ සරිසත්ද?

මීලඟ විපත වාර්තා කරන්නට ඉඩ ලැබෙන තෙක් සන් ජයලත්ට උපරිම දඬුවම් ලබාදීමට ඉඩ ලැබීම ගැන සතුටු සිතින් කල් යවමුද?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.