Visuals:රූප පෙළක එතෙන මියැසිය

දෘෂ්ඨි රසය ??

ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන් පරිපූර්ණ විය යුතුද?

අප්සරා ද සිල්වා
අප්සරා ද සිල්වා

ගීතයකට පියවරුන් තිදෙනෙකි (නෛතික අයිතිය පදරචකයාට සහ සංගීතඥයාට හිමි වුවත්)  . නැතිනම් ගීතයක් බිහි වෙන්නේ පදරචකයා , සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාගේ සාමුහික ප්‍රයත්නයක් ලෙසයි. නමුත් රූපවාහිනියේ විකාශනයත් සමග ගීත අසා රසවිඳීම වෙනුවට ගීත අසා බලා රසවිඳීමට රසිකයින් හුරුවිය.

ඒ අනුව රූපවාහිනී තිරය තුල පෙනෙන ගායකයාගේ හෝ ගායිකාවගේ රූපකාය දෙස එක එල්ලේ බලාසිටීමට හුරුවූ රසිකයාට ගීතය තුල අත්දකින ඒකාකාරී බැවින් මුදාගැනීමට යම් යම් නර්තනාංග ඉදිරිපත් කිරීමට වැඩසටහන් නිෂ්පාදකයින් උත්සාගත්හ.

නමුත්අද වනවිට ගීතය තුන්ඈඳුතු ප්‍රයත්නයක් වෙනුවට සිව්ඈඳුතු ප්‍රයත්නයක් බවට පත්වී ඇති තරම්ය. ගීත රචකයා , සංගීතඥයා සහ ගායකයා තරමටම රූපරචකයා ද ගීතයේ සාර්ථක බවට සම සමව හිමිකම් කියන අයුරක් දකින්නට තිබේ.

සමහරවිට ගීතයක සාර්ථක අසාර්ථකභාවය රූප රචනයෙන් තීරණය වන තරමටම රූපරචනය ගීතය අතික්‍රමය කර ඇති සෙයක් දැනෙයි.

” විෂුවල් එකනම් පට්ට “, විෂුවල් තමා සින්දුවෙනම් ගතයුත්තක් නෑ”  යන වදන් නිරතුරවම පසක් කරන්නේ රූපරචනයෙන් ගීතයේ මුඛ්‍යාර්ථ පරාජය කර ඇති බවකි . සමහර අවස්ථාවල රූපරචනය ගීතයට සාධාරණයක් කරන්නෙම නැත. ගීතයේ අරුත වෙනුවට රූප රචකයාගේ හිතේ ඇති වෙනත් මොකක්දෝ බහුබූතයක් තරයේ දෘශ්‍යමාන වෙයි.

මුල් අවධියේ රූපවාහිනියේ විකාශය වුනු සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ නිර්මාණයක් වූ  ” යාත්‍රා ” (“තාරුණ්‍යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අරුමය ” ) වැඩසටහනත් , “නඳුන් උයන” ත්  ගීතය මූලික කරගත් අගනා රූපරචනා බිහිවූ තිඹිරිගෙයක් විය . මේ වැඩසටහන් වලදී රවීන්ද්‍ර මුණසිංහ නම් වූ රූප රචකයා දැක්වූ දක්ෂතාවය අමතක කල නොහැක.

එකල ” ඉවාන් පවුලූශා” ගීතයට අගනා රූප රචනයක් නිර්මාණය වූවා එය අදටත් ඉතාම ජනප්‍රිය නිර්මාණයකි.

[vsw id=”/TRewRYxOYmw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

යාත්‍රා තුලින් බිහිවූ මීළඟ සාර්ථක නිර්මාණයක් ලෙස මා දකින්නේ “සඳ සාක්කී කියාපුදෙන්”  ගීතයට කල රූප රචනයයි. මේ කාලයේ රූප රචනා වල දකිනට ලැබුණු පොදු ලක්ෂණය වූයේ ඉතාම අඩු මට්ටමක වූ තාක්ෂණික හරඹයන්ය.

[vsw id=”/MMCgIORc6D4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

නඳුන් උයන තුලින් බිහිවූ ” රුක්අත්තන  මල මුදුනේ” ගීතය සඳහා බිහි වූ රූප රචනය මා එදා මෙදාතුර දුටු සරලවූත්  සුන්දරවූත්  රූප රචනා වලින් එකකි

[vsw id=”/9vCGPl0kujg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

තාක්ෂණයේ අරුණළු රූපවාහිනිය හෝ දෘශ්‍ය මාධ්‍ය මතට නොවැටී තිබුණු කාලයක සීමිතවූ මානව සම්පතින් සහ සීමිත පහසුකම් මැද අසීමිත කැපවීමකින් බිහිකළ රූප රචනයක් වන “සකුරාමල් පිපිලා ගේ දොරකඩ නිල වන පියසේ” ගීතය තවත් සුන්දර නිර්මාණයක් විය . අප කුඩාකාලයේ ආසාවෙන් නරඹන්නට පෙළඹුණු නිර්මාණයක් ලෙස හැඳින්විය හැක .

[vsw id=”/vvtF2i_bzv4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

මෙසේ ජන්ම ලාභය ලැබූ රූප රචනය අද වන විට අනෙක් කළා මාධ්‍යයන් හසුවූ වාණිජමය රැල්ලට හසුවී අවසන්ය . අද නව පරපුරේ ගීතයක් නම් අනිවාර්යයෙන්ම එය රුප රචනයත් සමගින් නිර්මාණය වන්නක් වී තිබේ. කෙසේ වෙතත් තවමත් රුපරචනය ගීතයට සාධාරණයක් කරන්නක් වන අවස්ථාද නැතුවම නොවේ.

රූපරචනය සඳහා දැරීමට වන වියදම සමහර අවස්තාවලදී දැරිය නොහැකි මට්ටමක වීම නිසා , යම් යම් රූප රාමු බද්ධ කිරීම මගින් රූප රචනයක් නිර්මාණය කිරීම අද වනවිට සුලබ වී තිබෙනවා. නමුත් මෙයින් වැඩි ප්‍රතිශතයක් කුමක් හෝ හින්දි චිත්‍රපටයක, ද්‍රවිඩ චිත්‍රපටියක එකිනෙකට නොගැලපෙන රූප රාමු බද්ධ කිරීමෙන් නිර්මාණය කරන රූප රචනා වේ.

මෙවන් නිර්මාණ වලින් බොහෝ විට ගීතයේ හරයට කරන්නාවූ හානිය ඇති මහත්ය.

තාක්ෂණික හැකියාව පමණක් නොව කලාත්මක වූත්, නිර්මාණශීලී වූත් ඇසකින් බලන්නෙකුට වඩාත් විශිෂ්ට නිර්මාණ බිහිකළ හැකි බව මේ නිර්මාණය සාක්ෂි දරයි , මෙහි රූප නිර්මාපකයා වන්නේ ගිබ්සන් පෙරේරායි.

[vsw id=”/RI5nkjpe0gk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
රූප රචනා තුල මේ වනවිට දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ ආදර ගීත සඳහා නිර්මාණය වන්නාවූ බොහෝ රූප රචනා ඒකාකාරී ස්වභාවයක් ඉසිලීමයි. බොහෝ ආදර ගීත වලට රූපරචනය වන්නේ සුන්දර යුවතියක් සහ ඊට නොදෙවැනි කඩවසම් තරුණයෙක්, නේකවිධ කඩ සාප්පු, නවීන පන්නයේ ගෘහයක් සහ වාහන යතුරපැදි වැනි එකම ලැයිස්තුවේ අඩුම කුඩුම එක්කර තැනූ රූප රචනාවන්ය ,
මෙයින් ඔබ්බට යමින් ගීතයේ අර්ථය හා සැසඳෙන සම්මත ඒකාකාරී රටාවෙන් බැහැර වූ සුන්දර වූත්, සරල වූත් රූප රචනයක් මේ ගීතයේදී දක්නට ලැබෙයි. ඩබ්.ඩී. ආරියසිංහයන්ගේ හඬට මේ රූප රචනය නිර්මාණය කරන්නේ උදාරා ෆිල්මස් ආයතනයයි.
[vsw id=”/ylKKoDlIPoY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
ඉතින් ගීතය සහ රූප රචනය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?
iwanpaulooshaa.blogspot.com

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.