Pigeons:පියයුරු පිළිකා හොයන පරෙවියන්

 

 

 

pidgeon_cancerb

 

කුරුළු මොළ ඇත්තා යන අරුතින් ඉංග්‍රීසියෙන් කියන්නේ බුද්ධියෙන් අඩු අය හැඳින්වීමටයි. පියෑඹීම, මසුන් ඇල්ලීම, අලංකාර හා සංකීර්ණ කූඩු තැනීම ආදී මිනිස් අප සතුව නැති ඇතැම් කුසලතා පක්ෂීන්ට තිබුණ ද පක්ෂීන් ‘මොළකාරයින්’ හැටියට නම් සැලකෙන්නේ නැත. එහෙත් මෑතක සිදු කළ අධ්‍යයනයකින් පෙනී යන්නේ අපේ පක්ෂී මිත‍්‍රයන්ට,  විශේෂයෙන්ම පරෙවියන්ට අප හිතනවාට වඩා දක්ෂතා තිබෙන බවයි. නිරෝගී මෙන්ම පිළිකාමය පටක වෙන් කොට හඳුනාගැනීමට වෛද්‍ය වෘත්තිකයන් යොදා ගන්නා x  කිරණ සහ අන්වීක්ෂණ කදාවල(slides) ඇති සියුම් ඉඟි සමහරක් පරීක්ෂණාගාර තුළ සිදු කෙරෙනු පරීක්ෂණවලදී කියැවීමට පරෙවියන්ව පුහුණු කිරීමට හැකි වී තිබේ. යම් තම් සති  දෙක ඉක්ම වූ පුහුණුවකින් පසුව 85%ක් සාර්ථකත්වයකින් යුතුව නිවැරදිව රෝග විනිශ්චය කිරීමට පරෙවියන් සමත් වූහ. හැකියාව මිනිස්

 

 

bcacerpigion

මේ‍ පුදුමාකාර හැකියාව ගැන අසා ඔබ පිළිකා රෝග විනිශ්චය සඳහා පරෙවි යෙකුගේ සේවය ‍අද හෙටම ලබා ගැනීම නොපෙළඹන බව සත්‍යයකි. එහෙත් අධ්‍යයනයේ ප‍්‍රතිඵලවලින්  හැඟීයන්නේ නව වෛද්‍ය අනුරූප  තාක්ෂණවේදයන් ඇගැයීමේදී මෙන්ම වඩා හොඳ සංදර්ශක (displays) තාක්ෂණශිල්ප නිර්මාණයේදී පක්ෂීන්ටත් යම් කාර්ය භාරයක් ඉටු කළ හැකි  බවයි. ‘පරෙවියන්ට කාව්‍ය රචනා කිරීමට නම් හැකියාවක් නැහැ. ඒ වුණාට ඉතාමත් සංකීර්ණ හා අනතුරුදායක ලොවක සැරි සැරීම සඳහා ඔවුනට අවැසි හැකියාවන් වැඩි දියුණු  කර ගැනීම පිණිස  පරෙවියන් වසර මිලියන ගණනාවක් ගෙවා තිබෙනවා.’ අධ්‍යයනයේ ප‍්‍රධානී රීචඩ් ලැවෙන්සන් ප‍්‍රකාශ කරයි. ඔහු කැලිෆෝනියා සරසවියේ ව්‍යාධිවේදය සහ  පරීක්ෂණාගාර වෛද්‍ය සේවා මහාචාර්යවරයායි. පරිණෘමීය වශයෙන් ගත් කළ පක්ෂීන්ගේ මොළ කුඩා වී පරිණාමය වුණේ පියාඹායාම පහසුකරවීම පිණිසය. ‘ඔළුව බර වුණා  නම් උන් ඉගිලිලා හමාරයි.” යනුවෙන් පවසන්නේ අධ්‍යයනයේ සම කර්තෘ එඩ්වර්ඩ් වැසර්මාන්ය. ඔහු ඉඩාහෝ සරසවියේ මනෝ විද්‍යා සහ මොළ විද්‍යා (brain science) මහාචාර්ය වරයායි.

පරෙවියකුගේ මොළය අපේ දබරැගිල්ලේ අග්ගිස්සෙහි තැබීමට හැකි තරම් කුඩාය. එහෙත් එහි ගැබ් කළ හැකි දෘශ්‍යමය බුද්ධි ප්‍රමාණය විශ්මය ජනකය. ඇතැම් අංශවලින්  අපටත් වඩා ඉහළයි. නිදසුනක් ගතහොත් පරෙවියන්ගේ ඇසෙහි වර්ණ ප්‍රතිග්‍රාහක හතරක් පහක් ඇති අතර අපට ඇත්තේ තුනකි. ඔවුනට මිනිසුන්ට වඩා හොඳ පර්යන්ත  දෘෂ්ටියක්ද (brain science) ඇති බවක් පෙනී යන්නේ එහි යයි වැසර්මන් පවසයි. ඊටත් වඩා පක්ෂීන් කුඩා ඇට සහ කෘමීන්  සොයමින් පැය ගණනක් තිස්ෙස් පොළව නිරීක්ෂණය කරමින් ගත කරයි. එහෙයින් ඔවුනට සංකීර්ණ දෘෂ්ටිමය රටා විශ්ලේෂණ කිරීමට සහ විෂමතා සොයා ගැනීමට හැකි තරම් සොබා දහමේ තියුණුතම හැකියාවන් ඔවුන් සතුව ඇත.

වෛද්‍ය අනුරූප ඇගැයීමේදී පරෙවියන් කොපමණ හොඳින් ක්‍රියායාකරවිද යන්න පරීක්ෂා කිරීම පිණිස ලැවෙන්සන් සහ සහයන් පෙලඹවුණේ ඉහත කී පක්ෂී ගති ලක්ෂණය (trait). සංඛ්‍යාංක බවට පෙරලූ (digitized) අනුරූප යොදා ගනිමින් ඔවුන් මැමෝග‍්‍රාෆ මගින් ලබා ගත් ජායාරූප(mammograms) සහ බයොප්සිය ඒ කියන්නේ ජෛවේක්-ෂා හෙවත් රෝග නිර්ණය සඳහා ජීව පටක පරීක්ෂාවට හෙවත් ජිව පටක පරික්ෂාවට අදාළ කදා(biopsy slides) පරෙවියන් 16 දෙනෙකුට පුහුණු කරවනු ලැබීය. අනුරූප සපර්ෂ සංදර්ශන තිරයක (touch display screen) ප‍්‍රදර්ශනය කෙරුණු අතර නිල් සහ කහ යනුවෙන් ‘තේරීම්’ බොත්තම් දෙපස විය. එක් පරීක්ෂණයකදී කහ බොත්තම වූයේ අඛර (benign) පටක තේරීමටය.  නිල් පැහැ බොත්තම දුස්සාධ්‍ය පටක සඳහායි. පරෙවියන් නිවැරදි පිළිතුරට අදාළව බොත්තමට හොටෙන් කෙටූ විට පාරිතෝෂ වශයෙන් දීසියක බහා ගුලියක් අහරට දෙනු ලැබීය.

pigion

සමහර පරීක්ෂාවන්ට අදාළ වූයේ පියයුරු පිළිකාව සමහර අවස්ථාවල පෙන්නුම් කරන කැල්සියම් තැන්පතු සෙවීමටයි. සංකීර්ණ පසුබිමක් තුළ මෙකී ධවල අංශු සෙවීමේ  අභියෝගය දෘෂ්ටිමය වශයෙන් හැඩි වී ඇති පරිසරයක් තුළ පරෙවියන් නිරතරුව සිදුකරන කාර්යයන්ට සමානය. පක්ෂීන් ඉගෙනීම සිදු කළේ කිසිම වාචික හෝ වෙනත් ඉගි නොමැතිව තැත්වැරදි(trial and error) ක‍්‍රමයෙන් බව වැසර්මාන් පෙන්වා දෙයි. ආරම්භයේදී  ඔවුන් නිවැරදි බොත්තම තේරුවේ 50% අනුපාතයකිනි. එය හුදෙක් අහම්බයෙන් සිදු විය හැකි ප්‍රමාණයකි.  කෙසේ වෙතත් දින 5 ක් ඉගෙන ගන්නා විට පටක සාම්පල පිළිකාමයද සාමාන්‍යයද යන්න තේරීමේ සාර්ථකත්වය 85%ක්  දක්වා වැඩිවූ අතර දින 25 ක් යන විට එය 90%ක් විය.

‘බුද්ධිය පරිණාමනය වීම සහ ඉහළ සංජානන හැකියාව ක්ෂිරපායින් තුළ පරිණාමනය වූයේ ප්‍රිමා ෙට්ස්, මහා වානර හා මානවයන් යනාදී වශයෙන් යයි ජනයා බොහෝ විට  කල්පනා කරනවා’යයි ජපානයේ කියෝ සරසවියේ මනෝවිද්‍යා විද්‍යාඥ ෂිගේරු වටනාෙබ් ප්‍රකාශ කරයි. එහෙත් සංසන්දනාත්මක සංජානනය පිළිබඳ මෑතක අධ්‍යයනවලින්  හෙළිවන්නේ බුද්ධිමය ජීවන වෘක්ෂයක (tree of life) බොහෝ  ශාඛා ඔස්සේ පරිණාමනය වී ඇති බව පෙන්වා දෙන ඔහු ඊට කදිම නිදසුනක් ලෙස පක්ෂීන් තුළ වර්ධනය වී ඇති ඉතා  ඉහළ මට්ටමක දෘෂ්ටිමය සංජානනය දැක්විය හැකි බව කියා සිටී.

මිනිස් අපෙත් හැකියාවන්ට සමාන කමක් පෙන්වන පහළ මට්ටමේ කාර්යයන්හිදී  පවා පක්ෂීන් නොයෙකුත් නියාමන හා නෛතික බාධා ඇති බව පෙන්වා දෙන පර්යේෂණ කණ්ඩායම එහෙත් පරෙවියන් දෘෂ්ටිමය තොරතුරු ඇගැයීමට ලක්කරන ආකාරය වෛද්‍ය අනුරූප  විශ්ලේෂණය වඩා හොඳින් සිදුකිරීම පිණිස ආධාර විය හැකි බව කියයි.

 

Smithsonian  Science හි  Pigeons Can Spot Breast Cancer in Medical Images ලිපිය ඇසුරෙනි

 Researchers associated with UC Davis found that when pigeons were trained to peck a screen when they spotted disease, they learned to distinguish between benign breast tissue samples and malignant slides.-www.thathu.com 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.