catalina :වල්ග දෙකේ තාරකාව අන්තිම වතාවට බලාගන්න

maxresdefault (3)අවසාන වතාවට දැකිය හැකි යළිත් කිසිදා දකින්නට නොලැබෙන අසිරිමත් සිදුවීමක්‌ වන කැටලිනා නම් වල්ගාතරුව දැකගන්නට මේ දිනවල හැකියාව ලැබෙමින් තිබේ. කැටලිනා නම් වල්ගාතරුව මෙම මස 23 වැනිදා සිට ජනවාරි මස 17 වැනිදා දක්‌වා පියවි ඇසින් දකින්නට හැකිව තිබේ.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්‌ෂණ විද්‍යාඥ, තාරකා ජීව විද්‍යා ගවේෂක සහ ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ ලේකම් කීර්ති වික්‍රමරත්න මහතා මේ පිළිබඳව  මෙසේ පැවසීය.

මෙය පියවි ඇසට දකින්නට හැකියාව තිබෙනවා. සිකුරු තරුව ආසන්නයේ ඊට පහළින් උදෑසන හිරු එළිය වැටෙන්නට පැයකට පමණ පෙර මෙම අසිරිමත් සිදුවීම දැකගත හැකියි.

පසුගිය 15 වැනිදා වන විට සූර්යයාට ආසන්නවයි තිබුණේ එම අවස්‌ථාවේ මෙහි වල්ගයේ දිග කි. මී. ලක්‍ෂ 08 ක්‌ හෙවත් සැතපුම් ලක්‍ෂ 05 ක්‌ පමණ වෙනවා. මෙම කැටලිනා වල්ගා තරුව ඉන් පසුව විශ්වයේ අඳුරු කොටසකට යන බැවින් නැවතත් අපට එය දකින්නට ලැබෙන්නේ නැහැ. එම නිසා ලංකාවේ ජනතාවට මෙම අසිරිමත් දසුන පියවි ඇසෙන් දැන් බැලීමට හැකියි.

මෙය දෙසැම්බර් 7 වන තෙක්‌ සිකුරු තරුව ආසන්නයේ හිරු නැගෙන්නට පැයකට පෙර දැක බලාගන්න පුළුවන්. නමුත් මෙය ජනවාරි මස 17 වන තෙක්‌ම පවතිනවා. ඒ අලුයම 2 ත් 3 ත් අතර කාලයේ. එවිට මෙම වල්ගාතරුව පෘථිවියට කිලෝ මීටර් මිලියන 110 ක්‌ දුරින් තිබෙන්නේ.

මෙම වල්ගා තරුව වල්ගා දෙකකින් සමන්විත වෙනවා. එක්‌ වල්ගා කොටසක අයිස්‌ කොටස්‌ තිබෙනවා. අනෙක්‌ වල්ගා කොටසේ නොයෙකුත් අයනීකරණය වූ වායූන් තිබෙනවා. මෙය බොහෝ දෙනකු නත්තලට පැයූ තරුව ලෙසද හඳුන්වනවා.

සූර්යයා අසලට යන වල්ගා තරු පිළිබඳව සොයා බලන නාසා ආයතනයට සම්බන්ධ සොහෝ නමැති ආයතනය මගින් පසුගිය වසර කිහිපය තුළදී වල්ගා තරු 3000 ක්‌ පමණ අධීක්‍ෂණය කර තිබෙනවා. නැවතත් මේ ආකාරයෙන් අපට වල්ගාතරුවක්‌ දැක බලා ගන්නට ලැබෙන්නේ 2018 වසරේදීයි.

ඒ අතර වාරයේ විශ්වයේ අඳුරු ප්‍රදේශ තුළින් ඇතැම් වෙලාවට වෙනත් වල්ගාතරුවක්‌ පැමිණෙන්නට ඉඩ තිබෙනවා යෑයිද කීර්ති වික්‍රමරත්න මහතා  වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

[vsw id=”/PU9U-4VUhAg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.