සෙන්තුරන් කෝච්චියට පැනීමේ රහස

 

 

 

 

 

Senthuran_Rajeswaran_110797_200යාපනයේ දී දුම්රිය ට පැන දිවි තොර කරගත් යාපනයේ කොකුවිල් හින්දු විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරන 18 වියැති රාජේස්වරන් සෙන්තුරන් නමැති සිසුවා කොකුවිල් දුම්රිය ගේට්ටුව අසලදී කන්කේසන්තුරෙයි- යාපනය දුම්රියට පැන දිවි නසාගෙන  ඇත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමටද එසේත් නැති නම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත.

මාධ්‍යවේදීන් කියන පරිදි මළ සිරුර හමුවූ  සිසුවාගේ  පොත් මල්ලේ තිබූ ලිපියකින් ඉල්ලා ඇත්තේ දේශපාලන සිරකරුවන් පුනරුත්ථාපනයට නොයවා වහාම නිදහස් කරන ලෙසයි.

 

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  මේ කාරණයම ප්‍රතිරාව කරයි.

පොත් බෑගය තුල තිබු ලිපිය හා සිසුවාගේ සෙසු අත් අකුරු පරීක්ෂා කිරීමෙන් මේ අභිරහස අනාවරණය කරගත හැකිය එහෙත් ප්‍රශ්නය ඇත්තේ එතැන  නොවේ සෙන්තුරන් මරණය කරා තල්ලු කළ බලවේග තිබුනානම් ඒවා මොනවාද යන්නයි.tamil2_0Rajeswaran_Senthuran_suicide_03_110792_445

එම ලිපියේ ඡායාරූප ද යාපනයේ මාධ්‍යවේදීන් විසින් ලබාගෙන තිබේ.

එවැනි ලිපියක් සිසු දරුවා ළඟ තිබී හමු නොවූ බව  කියන පොලිසිය  පෙන්න්නුම් කරන්නට උත්සහ කරන්නේ මෙය වෙනත් හේතුවක් නිසා සිදුවූ මරණයක් වන බවයි.

සිරකරුවන් නිදහස් කිරීමේ ප්‍රශ්නය ගතහොත් සාපේක්ෂ වශයෙන් යමක් සිදුවෙමින් පවතී.

එවැනි අවස්ථාවකදී හැඟුම්බර ක්‍රියාවලින් පවතින තත්වය ආපස්සට  හැරවීමට යමෙක් උත්සාහ කරන්නේ නම් එයින් දිනාගත හැකි යමක් ලබා ගන්නේ දකුණේ අන්තවාදී බලවේග පමණි.

යාපනේ සරසවී සිසු උද්ගෝෂණ
යාපනේ සරසවී සිසු උද්ගෝෂණ

අනෙක් අතට උතුරේ තරුණ පරම්පරාව තුලමේ පවතින් ක්‍රමය ගැන පවතින නුරුස්සනා බව ඉවත ලන්නට නොහැකි බව දකුණ තේරුම් ගත යුතුය.

Leaving behind a letter demanding the Maithiripala regime in Colombo to immediately release Tamil political prisoners, 18-year-old Advanced Level Arts section student of Kokkuvil Hindu College, Senthuran Rajeswaran from Koappaay North, sacrificed his life Thursday morning by jumping in front of a speeding ‘Sri Lankan’ train at Kokkuvil junction. Said Tamilnet 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.