සිරකරු ප්‍රශ්නය විසඳීමට දේශපාලන ඩිස්ප්‍රින්

 

11790005-600-1tamil prisioners

 

 

දැනට  ආණ්ඩුවට දේශපාලන හිසරදයක් වී ඇති කොටි සංවිධාන සැකකරුවන් ගේ ප්‍රශ්නය විසඳීම  සඳහා අතරමැදි යෝජනාවක් මානව හිමිකම් කොමිසම විසින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇත.

පොලිසියට කරන ලද පාපොච්චාරණ පදනම් කරගෙන  පවරා ඇති නඩු මෙන්ම  සුළු වැරදි සඳහා පවරා ඇති නඩුද ඉල්ලා කරගෙන එම පිරිස් නිදහස් කරන් මෙන්  මානව හිමිකම් කොමිසම නීතිපති යුවන්ජන  විජයතිලකට යෝජනා කොට ඇත .

 

නීතිපති වරයා මෙම යෝජනාව පිළිගතහොත් කොටි සංවිධාන සැකකරුවන් වැඩි දෙනෙකුට නිදහස ලබා ගත හැකි වෙනු ඇත.

ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනත  යටතේ ඇත අඩංගුවට ගත් සැකකරුවන් රැසකට එරහිව නඩු පවර ඇත්තේ ඔවුන්ගේම පාපෝච්චරණ පදනම් කරගෙනය.

මෙම පාපෝච්චරණ වධ හිංසා පදනම් පමුණුවාලීමෙන් ගත්තේද නැද්ද යන්න පිළිබඳව උසාවියේදී හොයා බලන නමුත් තවමත් අත්අඩංගුවේ සිටින සිරකරුවෙකුට බලධාරීන් තමන්නට  හිංසා  කල බව අධිකරණයට කියා සිටීමට ඇත්තේ අඩු ඉඩකඩකි.

සිරකරු උපවාසය නතර කිරීමට ගිය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ
සිරකරු උපවාසය නතර කිරීමට ගිය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ

මෙහෙයින්  මේ පාපොච්චාරණ පදනම් කරගෙන  පවරා ඇති නඩු ජත්‍යන්තර ප්‍රමිතියට ගැලපෙන්නේ නැත.

ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවේ හොඳ හිත දින ගැනීම සඳහා උත්සහ දරමින් සිටින අවස්ථාවේ කොටි සැකකරුවන් නිසා හටගෙන ඇති  දේශපාලන හිසරදයට ඩිස්ප්‍රින් පෙත්ත්තක් ලෙසින් මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගෙන හැකිතරම් සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ඉඩ  ඇති අතර අනෙක් අතට නඩු නොපවර බැරි අවස්ථාවකදී අධිකරණයෙන් නිදහස් වීමට ද ලැබෙන ආකාරයට ඉඩ  තිබෙන බව   නීති විචාරකයින් පෙන්වා දෙති.detainee cartoon tamil

දෙමළ  ජාතික සන්ධානය කියා සිටින්නේ මෙය දේශපාලන ප්‍රශ්නයක් නිසා ඊට දේශපලන විසඳුමක් දිය යුතු බවයි. රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවේ මුල් ස්ථාවරය වුයේ මෙතැන දේපාලන කථාවක් නැති බවත් ත්‍රස්තතවාදය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කල යුතු බවයි.

 

එහෙත්  නීතියේ  හිල් තිබීමේ  හේතුවන් ලෙඩක් බවට පත්වී ඇති මේ ගැටළුවට දේශපාලන ඩිස්ප්‍රින් පෙත්තක් අවශ්‍ය වීම හේතුවෙන් ආණ්ඩුවට තමන්ගේ තර්ක රිවර්ස් කර ගැනීමට සිදුවී තිබේ.

 

demand the immediate release of Tamil-speaking political prisoners.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.