මෝල්ටාවේදී මෛත්‍රීට උපරීම ලකුණු

z_new801

මෝල්ටාවේ  අන්තර් ජාතික ගුවන් තොටුපළට බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ බිරිඳ පුෂ්පා ජයන්ති සමඟ ගොඩබට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පිරිසට ලැබුනේ උණුසුම් පිළිගැනීමකි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එලිසබෙත් රැජින ඇතුළු රජ පවුලේ උදවිය සහභාගී වන හෙයින් මේ පිළිබඳව මාධ්‍ය උණුසුමක් මෝල්ටාව තුල ඇතිවී තිබිණි.

පසුදා පැවති ආරම්භක සැසිවාරයට ජනාධිපති සිරිසේන ඇතුළු සෙසු රාජ්‍ය නායකයින් පැමිණියේ තරමක් ප්‍රමාද වීය.

සාමන්‍යයෙන් රැජිණ අනෙක් අය එනතුරු තබා ගෙන් සිටීම සම්ප්‍රදායට පටහැනි වුවත් තැනේ හැටියට ඇනේ ගැසීමට සමත් රැජින ප්‍රමාදය විඳ දරා ගත්තාය.

රජය නායකයින් ගේ ප්‍රමාදයට හේතු වුනේ මාර්ග තද බදයකි.

maltsirisena

පොදු රාජ්‍ය මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා වන ජනාධිපති සිරිසේනට මුල් පෙලේ අසුනක් හිමිවිය.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉහලම  ලකුණු  දමා  ගැනීමේ අවස්ථාවක් ජනාධිපති වරයාට හිමි වුනේ මහා  ලේකම් කමලේෂ් ෂර්මා  ගෙනි .ඔහු ජනධිපති සිරිසේන හදුන්වා දුන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිය ඉදීරියට ගෙන යෑමට දැවැන්ත මෙහෙවරක් කළ  නායකයෙක් ලෙසිනි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති

ජනාධිපති සිරිසේන කථා කලේත් පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති ගැනයි.

සමුළුවේ උණුසුම් මාතෘකා වූ කාලගුණ විපර්යාස, සිරියාවේ අර්බුද හෝ ඉස්ලාමීය කැරලිකරුවන් වැනි තම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කීමට වැඩි යමක් නැති වුනත් පෙර පරිදි මානව හිමිකම් අර්බුද පිලිබඳ කුණු ගොඩ අවුස්සා ගන්නේ නැතුව සරල චාම්  මනුස්ස ප්‍රතිරූපය රැකගෙන මොල්ටාවෙන් නික්ම යාමට මෛත්‍රී සමත් විය.

මීට මාස කීපයකට පෙර ජනධිපතිවරය කියා සිටියේ ලබන අවුරුද්ද වන විට ශ්‍රිලංකාවේ  ප්‍රශ්න ගැන තැන කථා කරන එක තමන් නතර කරන බවයි.

qqsirimalta

මේ ඉලක්කය කරා ජනධිපතිවරයා  ශ්‍රීලංකාව ගෙනියන  බව මොල්ටාවේදී සනාථ විය.

සමුළුවට පමණ සිටි කැනඩාවේ යොවුන් අගමැති ජස්ටින් ට්‍රරුඩෝ   හට ඔහුගේ  පියා වූ හිටපු  පියරේ ට්‍රරුඩෝ ශ්‍රී ලංකාව හා පැවැත්වූ සමීප සබඳතාව සිහිපත් කොට දුන්නේය.

ඇදය දිග හැරගත් හමුවක්

කැනඩාව මානව  හිමිකම් ගැටලුව උඩ කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කළේය.

විදේශ අමාත්‍යංශ නිලධාරියෙක් කැනඩාවේ අගමැතිවරයා සඟ පැවැත්වූ හමුව හඳුන්වා  සිටියේ ඇදය දිග හැරගත් හමුවක් ලෙසිනි.

ඕස්ට්‍රේලියානු අගමැති  ටර්න්බුල් . සමඟත් සිරිසේන ජනාධිපතිවරයාට ද්විපාර්ශික කතිකාවක යෙදීමේ අවස්ථාව ලැබින.

සාමන්‍යයෙන් පොඩි රටකින් ගිය රාජ්‍ය නායකයෙකුට ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයින් කීප දෙනක් සමඟ ද්වී පාර්ෂික සාකච්ඡා වල යෙදීමට අවස්ථාව ලැබෙන්නේ

කලාතුරකිනි.

හොඳම ආරංචිය

0128-1140x595-575x300

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව පැවැත්වෙන අතරවාරයේ හොඳම ආරංචිය අහ්නට ලැබුනේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ගෙනි.

ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම් සහ සංහිඳියාව ගොඩ නැගීම වෙනුවෙන් පවුම් මිලියන 6.6 ක් ලබා දෙන බව සිරිසේන ජනධිපතිවරයා හමුවූ බ්‍රිතාන්‍යය අගමැතිවරයා කියා සිටියේය.

මෙය පිනට ලැබෙන චෙක් පතක් නොවන බව සිරිසේන ජනධිපතිවරයා ඉතා හොදින් දැනුවත්ව සිටින බවට සැක  නැත.

මේ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරමින් ජනප්‍රිය නොවන දේශපාලන තීරණ ගැනීමට සිදුවෙන නමුත් තමන්ගේ දේශපාලන අනගතය මෙන්ම රටේ දේශපාලන අනාගතය වැටී ඇත්තේ මේ දුෂ්කර  මාර්ගය ඔස්සේ බව මේ වන විට ජනධිපතිවරයා තේරුම් ගෙන  ඇති බවක් පෙනෙන්ට තිබේ.

malta

මේ ගමනේදී මංගල සමරවීර ඇමතිවරයා ඉතා කාර්යක්ෂම මෙහෙයුමක යෙදී සිටී.

ජාත්‍යන්තරයේ අත් වාරුවෙන් අන්තවාදයන් පරජය කොට එමගින්  සාපේක්ෂ දේශපාලන  ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීම මෙහෙයුමේ කෙටි  කාලීන අරමුණ බව පෙනෙන්නට තිබේ.

එක්සත් ජාතින් ගේ ම්හ් ලේකම් බැන්කි මුන් හමු වී

president sirisena in Malta

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.