වාස් ගුණවර්ධන අහිංසකයෙක් බව කීවේ වැරදීමකින්-ෂියාම් ගේ පියා

wass defence

 

 

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පිළිබඳ තමාට කිසිදු සැකයක් නොමැති බවට පසුගිය දින තමා මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශය. ඉල්ලා අස්කර ගන්නා බව ඝාතනයට ලක්වූ මොහොමඩ් ෂියාම්ගේ පියාවන මොහොමඩ් සුබේර් මොහොමඩ් හුසාම්ඩීන් මහතා පවසයි.

තමා එම අවස්ථාවේදී එම ප්‍රකාශය සිදු කරන ලද්දේ එම අවස්ථාවේදී තමාගේ සිතේ තිබු කලබලකාරී තත්ත්වයෙන් බවත්, අදාළ අධිකරණ තීන්දුව තමා පිළිගන්නා බවත් ඒ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

ඊයේ (27) මොහොමඩ් ෂියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු නි.පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතු ඇතුළු 6 දෙනෙකු වරදකරු බවට පත්කරමින් මහාධිකරණය විසින් මරණ දඬුවම් ලබාදීමෙන් පසු අධිකරණ භූමියේදී හෙතෙම හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පිළිබඳ තමාට කිසිදු සැකයක් නොමැති මේ බව කියා සිටියේය.

වාස් ගුණවර්ධන මහතා මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කරන්නේනම් ඊට සහයට සාක්ෂි දීමට තමා සූදානම් බවද ෂියාම්ගේ පියා එහිදී සඳහන් කළේය.

ෆවුස්ඩීන් හා ක්‍රිසාන්ත

තම පුතුගේ ඝාතනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ෆවුස්ඩීන් හා ක්‍රිසාන්ත යන දෙදෙනා බවත්, වාස් ගුණවර්ධන මහතා පිළිබඳ තමාට කිසිදු සැකයක් නොමැති බවත් ෂියාම්ගේ පියා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

2013 වසරේ මැයි මස 21 වන දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මොහොමඩ් සියාම් ඝාතනය කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යාම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 8ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.