අයවැයට මහින්ද ගෙන් ප්‍රබල විරෝධයක්

 

 

 

 

mahinda+rajapaksha+budget+poems[1]හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා   කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථාන ශාලාවේදී 2016 අයවැය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කොට ඇත මේ සමඟම මහින්දවාදීන් අයවැයට එරෙහිව දැඩි ප්‍රහාරයකට සුදානම් වන බව පෙනෙන්නට තිබේ.

මෙතෙක් මහින්ද රාජපක්ෂ අයවැයට එරහිව ප්‍රබල හඬක් නොනැගීම ගැටළුවක් වී තිබින.

අයවැය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා නගන ප්‍රධාන තර්ක මෙසේය.

 

 

රටේ ආර්ථික තත්වය හා 2016 අයවැය පිළිබද විෂ්ලේශණය

(1) මම පාලනය බාරදුන් අවස්ථාවේ දී රටේ ආර්ථිකය තිබුණේ ඉතාමත්ම ශක්තිමත් පදනමක. මගේ ආණ්ඩුව රට පාලනය කල අවුරුදු 09 තුළ මේ රටේ ඒකපුද්ගල ආදායම 2005 දී ඇමරිකානු ඩොලර් 1,241 සිට 2014 දී ඇමරිකානු ඩොලර් 3,654 දක්වා වැඩිවුණා. 2010 සිට 2014 දක්වා මගේ පාලන සමයේ අවසන් අවුරුදු 5 දී මේ රටේ වර්ධන වේගය පිලිවෙලින් 8‍% ක්, 8.2‍% ක්, 6.3‍%,ක් 7.3‍%ක් සහ 7.4‍% ක් වශයෙන් සනිටුහන් වුනා.

(2)

අලූත් ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ ආර්ථිකයේ පැහැදිලි බිදවැටීමක් දකින්න තියෙනව. සංවර්ධන ව්‍යාපෘති ගනණාවක්ම අතරමග නවත්වල තියෙනව. මේ අවුරුද්දෙ ජනවාරි ඉදල අද දක්වා එකම අලූත් සංවර්ධන ව්‍යාපෘතියක් වත් ආරම්භ කරල නැහැ. ගිය වසර අවසන් වන විට බිලියන 8.2 ක් වුන විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් දක්වා මාස කීපයක් ඇතුලත අඩු වුනා. මගේ ආණ්ඩු සමයේ අවසන් කාලයේ දී රුපියල් 131 ක් වූ ඩොලරය අදවන විට රුපියල් 145 ක් බවට පත්වෙලා තියෙනවා.

 

(3)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්නලා දීල තියෙනවා මේ අවුරුද්දෙ වර්ධන වේගය 5.5‍% දක්වා අඩුවිය හැකි බව. තුළ එම පහත් අගය වටා සුලූ වශයෙන් උච්චාවචනය වෙමින් මොනම ඉදිරිගමනක් වත් නැතුව එකතැන පල්වෙලා තියෙනවා. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ බැදුම්කර වල විදේශීය අයෝජකයන් 2014 දෙසැම්බර් අවසානය වන විට රුපියල් බිලියන 452 ක් අයෝජනය කරල තිබුණු අතර අද වන විට එය රුපියල් බිලියන 302 ක් දක්වා අඩුවෙලා තියෙනව.

 

 

 

[vsw id=”/Qo8UsBEsW-I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

one-minute-400x400

 

වඩාත්ම හානිකර යෝජනා කීපයක්

  1. මේ අයවැයෙන් රජයට අයත් ආයතන විශාල ප‍්‍රමාණයක් පුද්ගලීකරණය කරන්න ගෙනල්ල තියෙන යෝජනාවට මට කොහෙත්ම එකඟ වෙන්නෙ බැහැ. උපායමාර්ගික වැදගත්කමක් ඇති නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරය, සියලූම ජල විදුලි බලාගාර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, හම්බන්තොට හා කොළඹ වරායවල්වල මෙහෙයුම් කටයුතු, කටුනායක හා මත්තල ගුවන්තොටුපල, ජලසම්පාදන හා ජලාපවහාන මණ්ඩලය වැනි උපායමාර්ගික වැදගත් කමක් ඇති ආයතන සියල්ලම එක සමාගමක් යටතට ගෙන එහි කොටස් කොළඹ කොටස් වෙළදපල හරහා අයෝජකයන්ට විකිණීමට සැලසුම් කරල තිබෙන අතර මේ සමාගම ලාභ උපයන ව්‍යාපාරයක් හැටියට ඉන් ඉදිරියට පවත්වාගෙන යාමට සිදුවෙනව.
  2. අයවැය යෝජනාවලට අනුව කලින් සදහන් කරපු ආයතන වගේ උපායමාර්ගික වැදගත්කමක් නැතත් ආණ්ඩුවට බහුතර කොටස් ප‍්‍රමාණයක් හිමි ලංකා හොස්පිටල්ස්, හිල්ටන් හොටෙල්, වෝටර්ස් එජ්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හොටෙල් හා මොබිටෙල් වැනි ආයතන වලින් රජයට අයත් කොටස් සියල්ල විකුණල දමන්න සැලසුම් කරල තියෙනවා. මේවා ආණුඩුවට ආදායමක් ගෙනදෙන ලාභදායි ව්‍යාපාර.
    .
  3. ඒ වගේම මගේ ආණ්ඩුව පනවපු බද්ද නැතුව විදේශිකයන්ට දිගුකාලීන බදු පදනම මත ඉඩම් ලබා ගැනිමට ඉඩදීමත් මම කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ. පසුගිය වතාවේ යූ.එන්.පී ආණ්ඩුවත් මේ ආකාරයට බදු රහිතව විදේශිකයන්ට ඉඩම් මිලදී ගන්න ඉඩදුන්නම ගාල්ල කොටුවයි, දකුණේ වෙරළබඩ ඉඩම් විශාල ප‍්‍රමාණයක් විදේශිකයන්ට හිමි වුනා.
  4. මේ අයවැයේ තවත් භයානක යෝජනාවක් වෙන්නෙ ලංකාවට පිටරටවලින් අඩුමිලට තේ ගෙන්වා ඒවා ලංකාවේ තේ සමග කලවම් කරල නැවත රට පැටවිමට ඉඩදීමට ගෙන ඇති තීරණයයි. මේකෙන් සිද්ධ වෙන්නෙ දේශිය තේවලට ඇති ඉල්ලූම එකවරම අඩුවෙන එකයි.
  5. ඒ වගේම පොහොර සහනාධාරය වෙනුවට මුදල් ආධාර ලබා දීම හා පාසැල් නිල ඇදුම් සදහා නොමිලේ රෙදි ලබාදීම වෙනුවට වවුචර් ලබාදීම තුළින් මේ සහනාධාර හෙමින්සීරුවේ නැති කර දැමීමේ සැලැස්මටත් මම විරුද්ධ වෙනවා.
  6. 2016 සිට රජයේ සේවයට බැදෙන අය දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් යටතට ගෙන ඒමට කර තිබෙන යෝජනාවට මට එකඟ වෙන්න බැහැ. විශ‍්‍රාම වැටුප කියන්නෙ රජයේ සේවකන්ට ලැබෙන වරප‍්‍රසාදයක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.