මැතිවරණ කොමීසම් සභාපති කැලේ පනින සුදානමක

81655_ffggfl1
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පේරාදෙණියෙන් බිහිවූ රජ බඩුවකි. දැන් හට පැන සිටින මහින්ද දේශප්‍රිය එදා ජනවාරි 8 වෙනිදා කොන්ද කෙලින් තබා ගෙන ජන මතය හෙළි දක්වන්නට ගත පියවර් හේතුවෙන් ඔහුගේ බැචාලා කොළඹ දී උපහාර සන්ධ්‍යාවක් පවත් වූ බව සැබෑය.
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය පැත්තෙන් ද යමක් සිදුවිය යුතු බව අදහස් පල්වෙමින් පවතී.
සරල මිනිසෙක් වූ මහින්ද දෙෂප්රිය්ට ආචාර්ය පට්ටමක් තිබුනත් නැතත් වැඩි ගානක් නැති සිතමු.
සරසවියේ සිටි කාලය තුලදී බෙලෙක්කයකට බොරළු ගසන්නක සේ හඳ නගා කතා කිරීම හේතුවෙන් ඔහට ඒ හා සමාන අන්වර්තා නමකින් හදුන්වනු ලැබීය.
රජ වැඩ කිඩ ප්‍රදර්ශනයකින් අනතුරුව ඒ සරසවි බිමේදීම බෙXXXයා වෙනුවට ආචාර්ය මහින්ද දේශප්‍රිය යනුවෙන් ඔහුව හදුන්වන්නට ඇත්නම් කොතරම් අගේද?
විශේෂයෙන්ම නව කළා පීඨාධිපති අචාර්ය ඕ .ජී දයාරත්න බණ්ඩා ඇතුළු පිරිස බැරෑරුම් ලෙස කල්පනා කල යුතුය.මන්දයත් රජ්‍ය පරිපාලනය විෂය අයත්වන්නේ
ශාස්ත්‍ර පීඨය යටතේ ඇති දේශපාලන විද්‍යා අංශයටයි.
වඩාත් වැදගත් වන්නේ ඒ මගින් සපයන පුර්වදර්ශයයි.
පේරාදෙණියෙන් පිටවන්නන් ගලහ හංදියෙන් පිටවන්නන් කොන්ද කෙළින් තියාගෙන වැඩකරන සත්ව විශේෂයක් බවත් මහින්ද දේශප්‍රිය ඒ රැලේ ඉදිරියෙන්ම සිටින්නෙක් බව හ්න්දගා කීමට හොඳ අවස්ථාවකි – මහින්ද දේශප්‍රියට  සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීම.
මේ අතරවාරේ  හිටපු මැතිවරණ කොමසාරිස්වරයා කැලේ පනින සුදානමක පසුවෙන් බව ආරංචි වුනේ බාසුරු ජයවර්ධන සමඟ  කල කතා බභකිනි.
6 (1)
අපි කැමතියි ඔබතුමාගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් වුණ ආකාරය දැන ගන්න.
ඉහළ බාලාංශයේ ඉඳලා උසස් පෙළ සමත් වෙනකම් අම්බලන්ගොඩ ධර්මාශෝකෙ ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට ටිකක් හොඳ ප්‍රතිඵළ තිබුණා. අවශ්‍ය නම් ඒ සුදුසුකම් වලින් ඉංජිනේරු පීඨයටත් යන්න තිබුණා. නමුත් මං රසායන විද්‍යා විශේෂ උපාධියක් හදාරන්න ඕන කියලා හිතාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගියා. මං පළවෙනි අවුරුද්ද අවසානයේදී තෝරා ගත්තා රසායන විද්‍යා විශේෂ උපාධියක්. නමුත් මං සුමාන දෙකක් විතර කරලා ඒකෙන් ඉවත් වෙලා නැවතත් සාමාන්‍ය උපාධිය කරන්න ආවා. මං සාමාන්‍ය උපාධියට කළේ රසායන විද්‍යාවයි, ව්‍යවහාර ගණිතයයි, ශුද්ධ ගණිතයයි. මං ඒ ලෙවල් කළේ 73, 74 යුනිව(ර්)සිටි ගියා. වීරසූරිය සිද්දිය වෙන කාලෙ අපි යුනිව(ර්)සිටි එකේ හිටියෙ. ඊට පස්සෙ 77 එළියට එනකොට එක සබ්ජෙක්ට් එකක් ඉතුරු වෙලා තිබුණා. විභාගෙ ඉවර වුණේ අගෝස්තු මාසෙ මුළ. සැප්තැම්බර් මාසෙ මුල මට ධර්මාශෝකෙට පත් වීමක් ලැබුණා උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක් හැටියට. 82 වෙනකම් මං ධර්මාශෝකෙ ඉගැන්නුවා. ඊට පස්සෙ තමයි මම පරිපාලන සේවා 82 තිබ්බ විභාගයෙන් සමත් වෙලා අවුරුද්දක පුහුණුවෙන් පස්සෙ ඉලෙක්ෂන් ඩිපාර්ට්මන්ට් එකට ආවේ. එතන ඉඳන් මෙතනම තමයි. ඒ අතරතුර මම දෙවනියට සමත් වෙච්ච නිසා පරිපාලන සේවා විභාගයෙන් ඩිප්ලෝමා එකක් කරන්න ශිෂ්‍යත්වයක් ලැබිලා මං මාස දහයක් පමණ ඉන්දියාවේ දිල්ලි නුවර ජාත්‍යන්තර කළමණාකරණය පිළිබඳව ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් කියන එක. ඕක තමයි උසස් අධ්‍යාපනය.
ඔබතුමා විශ්‍රාම ගිය දවසට කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
මම විශ්‍රාම ගියාම , මගේ තරුණ කාලේ තිබ්බ කටයුතු වලට යනවා. මම අපේ ගමේ අපේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව කටයුතු කරමින් ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නෙමෙයි. ප්‍රාදේශීය සහ පළාත් මට්ටමෙන් ඒකට සම්බන්ධ වෙමින් ඉන්නවා. ඒවා තමයි මගේ විනෝදාංශ. ඊළඟට අපේ ගමේ තියෙන පුංචි ඉස්කෝලේ වැඩ කරනවා. තුන්වෙනි එක තමයි මම දැනටමත් ආකෘතියක් ගහමින් ඉන්නවා පහුගිය කාලේ අත්දැකීම් ඉස්සරහා අයටත් ප්‍රයෝජනය වේවි කියලා හිතාගෙන ලියන්න. හැබැයි සමහර කරුණු ඒකේ ලිව්වට මේ සේවයේ ඉන්නකම් මට ඒක පබ්ලිෂ් කරන්න බැහැනෙ. ඉතිං ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නෙ. නමුත් සමහර ඒවා කෙටි සටහන් වශයෙන් ඔළුවේ තියෙනවා. කඩදාසිවලට තාම දාලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා කොමිෂන් සභාවේ වැඩකටයුතු පිළිවෙලකට ඇවිල්ලා එක එක්කෙනාට වැඩ බෙදලා දුන්නට පස්සේ බර අඩු වේවි කියලා. එතකොට ලියන්න පටන් ගන්න පුළුවන්.
mahinda-deshapriya
ඒක තමයි බලාපොරොත්තුව.  ඉතිං අවුරුදු පහක් ඉවර වුණාට පස්සෙ මේක කරනවා කියලා කියන්න බැහැනෙ. මොකද හේතුව ඕනම කෙනෙක්ගෙ වොරන්ටි පීරියඩ් එකක් හරි ගැරැන්ටි පීරියඩ් එකක් හරි නෑ නෙ තව පහක් ඉන්නවා කියලා. වීසා ඉවර වුණොත් යන්න ඕන. ඒක නිසා ඒ කාලය තුළ පොඩියට හරි ලියන්න බලාපොරොත්තු වෙනවා. මොකද හුඟක් අපි කරපු දේවල් හෝ අපේ උපදෙස් මත නිළධාරීණ් කරපු දේවල් කඩදාසි මත නැහැ. ඒවා සටහන් කෙරුණොත් අපිට සහාය වෙච්ච හැමෝටම ගෞරවයක් කියලා හිතනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.