වාස් ගේ බිරිඳ හැරෙන්නේ කොහාටද?

shyamalikk

බොරල්ස්ගමුවප්‍රදේශයේ නිවසක කදී මුඩියේ පැවති මාධ්‍ය හමුවකදී වස් ගුණවර්ධන හේ බිරිඳ,ශ්‍යාමලී පෙරේරා තමන්ගේ පුතා සහ ස්වාමි පුරුෂයා  ගේ නිර්දෝෂී බව වෙනුවෙන් පෙනී සිටිමින් මේ නඩුව රහස් පොලීසියේ ශානි අබේසේකර සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අයේෂා ජිනසේන ගේ උවමනාව මත ගෙතු බොරු නඩුවක් බව කියා සිටියාය.මාරාන්තික උපවාසයක් කරන බවද කියා සිටියාය.

 

ඇති තරම් පැටලිලි හදා  ගෙන සිටින වාස් පවුල දැන් රහස් පොලීසියේ ශානි අබේසේකර සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අයේෂා ජිනසේන සමඟ කොකක් දාගන්නේ උළේ  හිටියත් පිළේ හිටියත් එකයි යන න්‍යායෙන් බව පැහැදිලිය.

වාස් ගුණවර්ධන රිමාන්ඩ් භාරයේ සිටිමින්’දැනගනින් මම මිනීමරුවෙක් ,එළියට ඇවිල්ලා බලාගන්නම් යැයි තර්ජනය කල බව පොලීසිය දැනටමත් උසාවියට පැමිණිලි කොට තිබේ.

ඒ තර්ජන ගර්ජන වලින් ප්‍රයෝජනයක් වී නැති හෙයින් ශ්‍යාමලී පෙරේරා ඊළඟ ආයුධ සැට් එක එළියට ගැනීමට ඉඩ ඇත.

ඒ වාස් ගුණවර්ධන සතු රහස් පෙට්ටගමයි.

ඇත්ත වශයෙන්ම ඇය මීට පෙර ඒ රහස් පෙට්ටගමේ බඩු  එලියට අදින්නට තැත් කළත් ඇගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු භාවිතා කරමින් ඇගේ ප්‍රතිවාදීන් පියවර ගත්හ

වස් ගුණවර්ධන සිය දිවි නසා ගැනීමට තැත් කළේ මේ කාලයේ බව වාර්තා විය.

දැන් රහස් පෙට්ටගමේ ඇති බඩු අතරින් ප්‍රධාන තැනක් ගන්නේ භාණ්ඩාගාරයේ රත්ත්‍රන් පැන්නීමේ කථාවයි.

භාණ්ඩාගාරයේ ඇති රත්ත්‍රන් හැමෝටම අත පත ගාන්නට  බැරිය.

ඒ නිසා මේ චෝදනාවට ඉලක්ක වන්නේ ලොකු අතුය.

අනෙක් ප්‍රතිවාදියා අනුර සේනානායකය ,ඔහුගේ සේවා කාලය වස් තරම්ම හෝ ඊට වැඩියෙන් ප්‍රශ්නාර්ථ වලින් සමන්විතය.මෙහෙයින් ලොමු හා ගැන්වෙන බොහෝ දේ දැන් හෙලිදරව් වීමට ඉඩ තිබේ.

 

ශ්‍යාමලී පෙරේරා ලෙහෙසියෙන් ඇත නොහරින ගැහැනියක් බව පෙනෙන්ට තිබේ ,නිපුන රාමනායක නම් සිසුවාට ඇය අමානුෂික ලෙසෆ්ර් දුන් බව උසාවියේ වාර්තාගතය.අනෙක් අතට කාසිම් ගේ මව්පියන් යොදාගෙන උසාවියේ සිදු වූ රංගනයෙන් පෙනී යන්නේ වස් පවුලට තාමත් යක් කල හැකි බවය.

 

 

 

[vsw id=”/mVqc9xzyLWc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

මී පෙර ශ්‍යාමලී පෙරේරා රහස් පෙට්ටගම දිග හරින්නට තැත් කල අවස්ථාවේ දුන් මාධ්‍ය සාකච්ඡාවකින් උපුටා ගත කොටස් කීපයක් මේ.

 

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ කළා යෑයි කියන රත්තරං ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් ඔබ පසුගියදා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළා. එවැනි බරපතල චෝදනාවක්‌ ඉදිරිපත් කිරීමට ඇති පදනම මොකක්‌ද?

පොලිස්‌පති විදිහට රාජකාරි කරන කාලේ. එතකොට ජ්‍යෙෂ්ඨ සැලසුම් සහගතව පොලිසියේ කිහිප දෙනෙකු රත්තරං මිලට ගන්න මුවාවෙන් ගිහින් රත්තරං හොරකමට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා තිබුණා. ඒ ප්‍රශ්න කිරීම් අතරතුරදී සැකකරුවන් විසින් ශිරන්තිගේ නම කියලා තියෙනවා. සතිඅන්ත පත්තර දෙකකත් ඒ ගැන ලිපි පළ වෙලා තිබුණා. ‘පත්තරවලට ගියේ කොහොමද’ කියලා ඉහළ තැන් උදහස්‌ වුණා. වාස්‌ විතරක්‌ නෙමෙයි ඔය රත්තරං ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු කරලා තිබුණේ තව කිහිප දෙනෙකුගේ එකතුවෙන්. අන්තිමේ වාස්‌ට විරුද්ධ කෙනෙක්‌ ඉහළට කියලා තියෙන්නේ වාස්‌ තමයි මේක එළියට දුන්නේ කියලා. ‘කේස්‌’ එක යට ගියා. අපේ මහත්තයගෙන් පළිගන්න පටන් ගත්තා. ඔය සිද්ධිය වුණේ මැයි මාසෙ. ජුලි මාසෙ අපේ මහත්තයව ෂියාම්ගේ සිද්ධියට අත්අඩංගුවට ගත්තා.

රත්තරං ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත කිහිප දෙනා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ තව මොනවද හෙළිදරව් කරලා තිබුණේ…

ශිරන්තිගේ, තරංගා ඩයස්‌ගෙ නම් සහ තව නම් කිහිපයක්‌ම හෙළි කරලා තිබුණා. හෙට්‌ටිවීදියේ රත්තරං ව්‍යාපාරිකයන් මුවාවෙන් පොලිසියේ අය රත්තරං මිලට ගන්න ඔවුන් එක්‌ක ගනුදෙනු කතා කරනකොටත් ඒ අය කියලා තිබුණේ ‘කිසිම දේකට බය වෙන්න එපා මේවා මේ තැන්වල බඩු’ කියලයි.

ඒ අය කියන්නේ කවුද…?

රත්තරං විකුණන තැරැව්කාරයො.

ඒ කියන්නේ තැරැව්කාරයෝ හරහා තමයි බිස්‌නස්‌ එක කරලා තියෙන්නේ…?

ඔව්…

ඔය තැරැව්කාරයෝ කොහේ අයද…?

කොළඹ සහ අවට ප්‍රදේශවල කිහිප දෙනෙක්‌.

ඔය කියන විදිහට සැලසුම්සහගතව තැරව්කරුවන්ගෙන් පොලිසිය රත්තරං කිලෝ කීයක්‌ ගන්නද කතා කරගෙන තියෙන්නේ…?

කිලෝ සීයක්‌.

කතිකා කරගත් විදිහට රත්තරං මිලට අරගෙනද…?

මුලින්ම චෙක්‌ දීලා… පස්‌සෙ තමයි රත්තරං ගෙනත් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒත් රත්තරං ගන්න බැරි වෙලා.

ඔබ කියන විදිහට ඔය කියන පුද්ගලයන්ට රත්තරං තොගය ලැබිලා තියෙන්නේ කොහොමද…?

ඒක මම හරියට දන්නේ නෑ. ඒ ගැන දන්නේ වාස්‌ තමයි.

ඔබ ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව රත්තරං ගනුදෙනුව සම්බන්ධ සැකකරුවන් කීදෙනෙක්‌ ඉන්නවද…?

එකොළොස්‌ දෙනෙකුගේ නම් සඳහන් වෙලා තිබුණා.

ඒ නම් සඳහන් කරන්න පුළුවන්ද…?

නම් සේරම මතක නෑ.

වාස්‌ ගුණවර්ධන රාජකාරියේ නිරතව සිටි කාලයේ තවත් මෙවැනි අයථා ගනුදෙනු සිදු වෙලා තිබෙනවාද?

තව ගොඩක්‌ සිද්ධි එයා දන්නවා. ඉදිරියේදී වාස්‌ ඒ හැම දෙයක්‌ම හෙළි කරයි.

තේරෙනවානේ. අපිට හිතවත් අයත් කිව්වේ ආණ්‌ඩුවත් එක්‌ක හැපෙන්න යන්න එපා විඳ දරාගෙන ඉන්න සාධාරණයක්‌ ඉටු වෙයි කියලයි. මගේ ගෙදරට බෝම්බ ගැහැව්වා කිසිම පරීක්‍ෂණයක්‌ කළේ නෑ. අපේ වාසනාවට ඒ බෝම්බය පිපිරුවේ නෑ. පිපිරුව නම් මගෙ වයසක අම්මයි මමයි දෙන්නම ඉවරයි. අන්තිමේ ඒකත් ගියේ අපි බෝම්බ දාගෙනයි කියලා.

ඔබ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කරපු පැමිණිල්ල ඔප්පු කරන්න සාක්‍ෂි තියෙනවාද…?

ඔව්… මගේ මහත්තයානෙ ඒ හොරකම ගැන පරීක්‍ෂණ කළේ. මහත්තයා ළඟ සියලු සාක්‍ෂි තියෙනවා.

ආණ්‌ඩු පෙරළියක්‌ සිදු වුණා. දැන් වාස්‌ ගුණවර්ධනට සහ ඔබේ පුත්‍රයාට නිදහස ලැබෙයි කියලා විශ්වාස කරනවාද?

අපි නිවරැදි නම් සාධාරණයක්‌ ඉටු වෙයි. පැවති ආණ්‌ඩුව වගෙ මිනිස්‌සුන්ගෙන් මේ රජය පළිගන්නේ නෑ. අධිකරණයට ඇඟිලි ගහන එකක්‌ නෑ. රජයට තීන්දු වෙනස්‌ කරන්න බෑ. උසාවිය සාධාරණ තීන්දුවක්‌ ලබා දෙයි කියලා විශ්වාස කරනවා.

වාස්‌ ගුණවර්ධන සහ ඔබගේ පුත්‍රයා සිරභාරයට පත් වෙලා දැනට කොච්චර කාලයක්‌ වෙනවාද?

අවුරුද්දකුත් මාස අටක්‌ විතර වෙනවා.

ඒ කාල පරාසය තුළ ඔබේ ජීවිතය ගෙවිලා ගියේ කොහොමද?

ඕනෑම දුකක්‌ කරදරයක්‌ දරාගන්න පුළුවන් ශක්‌තියත් මට තියෙනවා. ඒ ආත්ම ශක්‌තිය අපේ පවුලේ හැමෝටම තියෙනවා. හැමෝම හිතුවා මම වැටෙයි කියලා. නෑ… මාව වට්‌ටන්න බෑ. මට බයක්‌ තිබුණේ මගේ පොඩි පුතා ගැන. එයා රට ඉන්න නිසා තමයි බේරිලා ඉන්නේ. නැත්නම් එයාවත් මොකකට හරි කොටු කරලා හිරේට දානවා. ඒ දරුවට ලංකාවට එන්න බෑ. මට එයාව බලන්න නවසීලන්තයට යන්නත් බෑ. මම ගියොත් මේ වැඩ කරන්නේ කවුද… අපේ පවුලට වෙච්ච දේ නම් මේ ලෝකෙ කිසිම පවුලකට වෙන්න එපා. වැරැදි නොකර අපිට මෙහෙම වෙලා තියෙන්නේ. මම පන්සලක්‌, පල්ලියක්‌, කෝවිලක්‌ ගානෙ ගිහින් අපිට වෙච්ච අසාධාරණයට පිළි ගැහැව්වා අපේ තාත්තට අලි පස්‌ දෙනෙක්‌ හිටියා. අද වගේ හොරෙන් ගන්න අලි නෙමෙයි. ඒ කාලේ අලි ඉන්නේ හොඳ වත්පොහොසත්කම් ඇති පවුල්වලට. අපේ තාත්තා අලින්ගෙන් හම්බ කරගෙන කෑවේ නෑ. පන්සල්වල පෙරහැරවලට අලි දුන්නෙත් පිං පිණිස. අපි හොඳ පවුල්වල මිනිස්‌සු. එහෙම පවුලකින් පැවත එන අපිට ඔය කළු සල්ලි ඕන නෑ. වාස්‌ හොරකම් කරලා කියන අයට පුළුවන් අපේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරලා බලන්න. අපේ වත්කම් ගැන සොයාබලන්න පුළුවන්. එහෙම නොකර අපිට චෝදනා නඟන එක වැරැදියි.

සියාම් ගේ පියා  වෙනස් වූ හැටි
[vsw id=”/TW8WuQv0V1c” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.