කාම සුත්‍රය  පිරිමි පොතක්ද?

Sherlyn-Chopra-Hot-Posters-of-Kamasutra-3D

 

 

සිව් වෙනි සහ හතර  වෙනි සියවස් අතර   ගෙවුණු ගුප්ත රාජ්‍ය සමය තුල උතරු ඉන්දියාවේ ජීවත් වූ වත්ස්‍යයාන  අතින් ලියැවුණු කාම  සුත්‍රය මේ තාක් වඩාත්ම කතා භට ලක් වූ  කාම  සංග්‍රහයයි.

 

තමන් විරාගිකයෙක් යැයි  හදුන්වා ගත් වත්ස්‍යයාන විසින් ලියැවුණු මේ පොත සමහරුන්ට පිරිමි පොතක්. බොහෝවිට මෙහෙම කියන්නේ ස්ත්‍රීවාදී ව්‍යපාරයේ කන්තා අරටු..

තවත් ත් සමහරෙකුට මේ  පොත යුගයට කලින් ලියැවුණු පොතක්.හුදෙක් ලිංගික ඉරියව් ගැන කතා කරන පොතක් නෙවෙයි,මනුස්ස කම ගැන කතා කරන පොතක්.

ඇත්තම කියනවානම් මේ දෙපැත්තටම තර්ක කරන්න පුළුවන්.

ඒනිසා මම පොඩි ප්ර්යේෂණයක්   කළා ස්කයිප් ඇමතුමකට කාම සුත්‍රය තුන්  හතර වතාවක් කිවල තිබුන දෙන්නෙක් සම්බන්ධ කළා.

එක්කෙනෙක් ඉන්දියාවේ හරියනාවේ සිට කැලිෆෝනියාවට ගිය මාධවී අපර්ණා.ඇය ස්ත්‍රීවාදී අරටුවක්. ඇයට අනුව කාම  සුත්‍රය තුළ පිරිමි කම වැහෙනවා විතරක් නෙවේ තදුරටත් කාම සුත්‍රය ගැන පම්පෝරි ගහන  එකෙන් වෙන්නේ පිරිමි සිරුරට යටවෙන ලිංගික සංස්කෘතිය සුරැකෙන  එකයි.

ස්කයිප් ඇමතුමේ එහා කෙලවර හිටි රුක්ලන්‍යා ගේ තාත්තා ඉතාලි අම්මා ඉන්දියාවේ හිමාචල් පළාතේ ,මේ දවස්වල ය එංගලන්තයේ

සරේ විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක. අයට අනුව කම සුත්‍රය කියන්නේ නුතන පොතක්.රාහුල හාමුදුරුවන්ගේ වහන පොඩ්ඩක් එහා මෙහා කළොත් -නොව පැරණිය අති රමණී වන රමණය.

විනාඩි දහයකින් පහළොවකින් ඉවර කරන්න හිතගෙන ගත්ත ස්කයිප් ඇමතුම පැයකටත් වඩා දික්  ගැස්සුනා.

 

suthra

 

ඒ  සංවාදයෙන් ඔලුව තුළ රඳවා ගන්න පුළුවන් වුනු කොටස් කීපයක් මේ.

මාධවී: වත්ස්‍යයාන කියන විදියට ඔහු විරාගිකයෙක් ඒ නිසා එයාට අත්  දැකීම් නැහැ. එතකොට එයාට ලියන්න වෙන්නේ අනුන් කියන කරන් දේ නේ,ඉතින් ඒකාලේ තිබුණේ ගනුන්ව තමන් කැමති පැත්තකට පෙරලගෙන සතුටු වෙන වැඩවසම් සමාජයක් නේ ඉතින් එක තමයි මේකෙන් පෙන්නේ.හැම ලිංගික ඉරියව්වක්ම පිරිමියාගේ සතුට ගැන හිතලයි ඉදිරිපත් කරලයි තියෙන්නේ.

 

රුක්ලන්‍ය:  කාම  සුත්‍රය ලිංගික ඉරියව්  විතරක් ගැන ලියවුනු පොතක් හැටියට ගත්තොත් එහෙම කියන්න පුළුවන්.එත් එක එහෙම පොතක් නෙවේ. ස්ත්‍රිය ලිංගිකව සතුටු කිරීම කොයි තරම් වැදගත්ද කියලා අවධාරනය කරලා තියෙනවා.හොඳට  කල්පනා කරලා බලන්න ඉරියව් ගැන කථා කරන කොට ගැහැණිය ඊට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා විස්තර කෙරෙනවා. ගැහැණිය වාදනය කරලා පැත්තකින් තියන්න පුළුවන් වීනාවක් හැටියට සලකල නැහැ.

මාධවී  : ඒ වුනාට හොද වීණාවක් තෝරා  ගන්න හැටි පිරිමින්ට උපදෙස් දීල තියෙන හැටි බලන්න.ගැහැණිය ඒ සමාජ මිමි හැටියට අංග සම්පුර්ණ වෙන්න ඔනී.නැතිනම් ප්‍රතික්ෂේප වෙනවා

රුක්ලන්‍ය: ඒකත් බලන  හැටියට තමයි වෙනස් වෙන්නේ.එතැන තියෙන්නේ ගැහැණියෙක් කොහොමද ආකර්ශණීය වෙන්නේ කියන එක විස්තර කරන එකයි.හැට  හතර මායම ගැන හිතලා බලන්න.දැන් මායම් හැට හතර දාහක් විතර තියෙනවා. ගවුම ටිකක් පලන එක, බ්‍රා එක ටිකක් පෙනෙන්න අරින එක.ලේස් පෑන්ටියක් අන්දලා ඉන්න බව පේන්න අරින එක වගේ දේවල් කවුරුත් කරනවා.ඉතින් ඒ වගේ දේවල් ටිකක් සංයමයෙන් කරන හැටි තමයි කාම සුත්‍රයෙන් කරන්නේ.

මාධවී  : ඒ වුවමනාව ඇති කරන්නේ පුරුෂ මුලික සමාජය දැන් ගෑණු අඩි  උස සපත්තු දාගෙන කොන්දේ අමාරු හදා ගන්නෙත්.බ්‍රෙසියර් ගෙන පියයුරු හිර කර ගන්නෙත් තමන්ගේ උවමනාවටද නැහැ පිරිමි පිනවන්න.එකෙන් මානසික වහල් බවක් ගැහැණිය තුල ඇතිවෙනවා.

රුක්ලන්‍ය: ඉතින් ගැහැනු   ඒ හන්දා  පිරිමි තමන් වෙත ආකර්ෂණය වෙන කොට එකෙන් සතුටක් විඳිනවා.

මාධවී     :ඉතින් ඒකට ජීවිතයම  කැපකරන හටි තමයි කාම සුත්‍රයෙන් මතුරන්නේ.

රුක්ලන්‍ය : ඒ තරම්ම මේක සරල කරන්නන් එපා . වත්ස්‍යයාන කාමය දේවත්වයෙන් සැලකුවා. හන්දියේ ගණිකාවක් ගාවට ගිහිල්ලා ඩොලර් දහයකට විනාඩි  පහකින් ගන්න පුළුවන් දෙයක් හැටියට වත්ස්‍යයාන ලිංගිකත්වය සැලකුවේ නැහැ.කාම  සුත්‍රය හරිම සරලයි.ගෙදර වැඩ ගෙදරදීම කරගන්න.එකට මග තමයි තුන් කල් බලන නුවනින් වත්ස්‍යයාන හෙළිදරව් කරලා තියෙන්නේ

මාධවී : හරි ..හරි  එහෙමනං ඔයා ගෙදර වැඩ ටික කර ගන්න කෝ

මාධවී එහෙම කිව්වේ උණුසුම් වෙමින් තිබු සංවාදයකට සිනා වැස්සක් එකතු  කරමින්.

 

කාමසුත්‍ර ඉරියව් සීයක් සඳහා මේ පින්තුරය මතට ක්ලික් කරන්න

1116

 

 

 

සුභාෂිනි උත්පලවන්නා මාදෙන

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.