කරු පත් කළේ ඇයි?

 

karu-3

 

 

කරුණාරත්න පරණවිතාන මහතා  ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස පත් කිරීම පසුගිය මාස කීපය තුල ජනාධිපතිවරයාගේ කුස්සි. කැබිනෙට්ටුවේ සිදුවූ  කථා බභේ ප්‍රතිපලයකි.

අළුත් ආණ්ඩුව ජනමාධ්‍ය මෙහෙයවන ආකාරය හොඳ මදි බව මේ කැබිනෙට්ටුවේ වැඩි දෙනාගේ මතය විය.

ඔවුන් ඊට හේතුවක් සේ දැක්වුයේ ජනමාධ්‍ය මත ආණ්ඩුවේ බලපෑම ප්‍රමාණවත් ලෙස දැනෙන්නේ නැති බවයි.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ කලාක් සේ සියළු කතුවරු කැඳවා  සතියේ මධ්‍ය න්‍යාය පත්‍රය  ඔවුන්ට දැන්වීම හෝ නාහෙට  නාහන උන් ගේ අත්  කකුල් කැඩීමෙන්  මාධ්‍ය පාලනය කල නොහැකි බව  මේ පිරිසේ වටහා  ගැනීම විය.

නිසැක තේරීම

ගයන්ත කරුණාතිලක හොඳ මිනිහෙක් වුනත් ලාංකීය මධ්‍යයේ ගතික බව පිලිබදව ඔහුගේ තේරුම් ගැනීම ප්‍රමාණවත් නොවන බවට තර්ක මතු වෙද්දී  නිසැක තේරීම කරු විය.

අළුත් වාතාවරණය යටතේ මාධ්‍ය සමඟ හිත මිතුරු සම්බන්ධයක් පවත්වාගෙන යන ගමන් ප්‍රගතිශීලී මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට  නැංවීමේ ජවය කරු සතු බව වැඩි දෙනාගේ වැටහීම  විය.

අනෙක් අතට සිරිසේන ජනධිපතිවරයා මහින්ද පරිපාලනයෙන් එළියට බසින විට දැන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් පත් වී සිටින මලිත් ජතිලක හා එක්වී පරණවිතාන දැවැන්ත මෙහෙයක් ඉටු කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි පරණවිතාන  ජනාධිපති සිරිසේන ගේ විශ්වාශාවන්තයෙක් වීම යන කරුණු දෙක එකට එක්තැන් වූ කළ කරුට කිට්ටු කරන්නට කෙනෙක් නැති විය.

paranavithanassde

 

කරු නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමතිකම භාර ගන්නේ ශ්‍රි ලංකාවේ මාධ්‍ය තීරණාත්මක මංසංධියකට පැමිණ තිබෙන වකවානුවකය.

එක අතකින් දැනට පවතින අශීලාචාර මාධ්‍ය ගොහොරුවේ එරෙමින්  තවත් කල් ගත කල හැකිය.

ආණ්ඩුවත්,සල්ලි කාරයින්  ගේත් අඬහැරය බවට පත්ව ඇති මාධ්‍ය තළු මරමින් ජීවිතය ගෙවා දැමිය හැකිය අනෙක් අතට ජීවිතයට ජවයක් දෙන මාධ්‍යයක් ගොඩ නගා ගත හැකිය.

අතීත අත්දැකීම්

කරු නව තනතුරට පත් වන්නේ අතීත අත්දැකීම් ගොන්නක් සමගිනි.

ශිෂ්‍ය නායකයෙක් වන පරනවිතාන ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල් කම, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කම ආදී තනතුරු රැසක් දරා  ඇත්තෙකි.අනෙක් අතට මාධ්‍ය  භූමිකාව ගැන ශාස්ත්‍රීය පත පොත ලියා ඇත්තෙකි.

මේ කවර සුදුසුකම් තිබුනත් කරු  ගේ සාර්ථකත්වය මැනෙන්නේ ඔහු කරන වැඩ වලිනි.

එහෙයින් කප්පාදු වලින් තොර තොරතුරු දැනගැනීමේ පනතක් ඉක්මනින් එලියට දැමීම වැදගත්ය.සෙස්ස පස්සට.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.