අමරදේවයන් ගේ ජනප්‍රියතම ගීතය කුමක්ද?

Mr Amaradeva

 

අමරදේවයන්  ගේ ජන්ම දින එළඹෙන දෙසැම්බර් පස්වෙනිදා එතුමන් ගැන විශේෂයෙන් කුමක් හෝ ලිවිය යුතු බව කියා සිටියේ ඉන්දිකය.අමරදේවයන්ට නිදුක් නිරෝගි වේවා කියා ප්‍රර්ථනා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නදැයි මා  කී විට ඉන්දික කීවේ ‘ඔයා ඒක ලියා ගන්න මම අලුත් වැඩක් කරනවා යනුවෙනි

 

‘.මොකද්ද’ යැයි සුරන්ජියා හොට දැම්මේය

අමරදේව මාස්ටර්ගේ  වැඩිය  ප්‍රසිද්ධ නැති ගීත ගැන යමක් ලියනවා.

 

සුරන්ජියා බක බක  ගා හිනාවෙන්නට විය.

ඒ සින්දු ඇති තැනින් ගත්තොත් මගේ කනෙන් කෑල්ලක් කපලා දෙනවා කියා සුරන්ජියා  අභියෝග කළේය.

 

සින්දු වල මහා භාරකරීත්වය දරන්නිය ගෙන් ඒවා ඉල්ලා ගැනීම පහසු නැති විත්තියට අපි හැමෝම  එකඟ වුනිමු.

 

හරි මම මාස්ටර් ගේ ගී ගැන මත් විමසුම කරනවා යැයි පරදින්නට සුදානම් නැති ඉන්දික කියා සිටියේය.

 

එතැන් පටන් මාස ගණනක් ඊ මේල් එහා මෙහා විය.

 

450 දෙනකුට අපි කෙටි ප්‍රශ්නාවලියක් යවමින් අමරදේවයන් ගේ ගීත 10 යක් අනුපිළිවෙලින් තෝරන්නැයි  කීවෙමු.අපට 176 දෙනෙක් ප්‍රතිචාර දැක්වුහ.

 

අනතුරුව සමුච්චිත. එකතුව ගණනය කොට  ජනප්‍රියතාවේ අනුපිළිවෙල ගණනය  කළෙමු.

 

 

 

 

07 මා  දැන් මහලු වියේ(මහ වැස්සක පෙර නිමිති)-   6%

[vsw id=”/QPobyJEzLMk” source=”youtube” width=”225″ height=”144″ autoplay=”no”]

 

 

06 අඩවන් දෙනෙතින්-09%

[vsw id=”/iGVTL-3HZ4c” source=”youtube” width=”225″ height=”144″ autoplay=”no”]

 

05 මා මළ  පසු 11%

 

[vsw id=”/r0_pUpyBdeM” source=”youtube” width=”225″ height=”144″ autoplay=”no”]

04 නිම්හිම් සෙවුවා 12%

[vsw id=”/QGb42haN5D8″ source=”youtube” width=”225″ height=”144″ autoplay=”no”]

03 ඇසේ  මතුවෙන කඳුළු බිඳු  ගෙනා 14%

[vsw id=”/ysbpE0NYudY” source=”youtube” width=”225″ height=”144″ autoplay=”no”]

02මින්දද හීසර 15%

[vsw id=”/y3AoSN76AmE” source=”youtube” width=”225″ height=”144″ autoplay=”no”]

01සසර වසන තුරු 33%

[vsw id=”/QL4iU8WEJIw” source=”youtube” width=”225″ height=”144″ autoplay=”no”]

 

මේ සමීක්ෂණය කිරීමෙන් අනතුරුව අපිට  වැටහී ගියේ  අමරදේවයන් ගේ වඩාත්ම ජනප්‍රිය ගීතය කුමක්දැයි

ඇසුවහොත් ඊට පිළිතුරු දෙන්නට සමීක්ෂණයක් අනවශ්‍ය බවයි.මන්දයත් ප්‍රතිචාර දැක්වූවන් ගෙන් 33 % ක්ම කියා සිටියේ තමන්ගේ මුල්ම තේරීම  සසර වසතුරු ගීතය බවයි.

සසර වසනතුරු ලියැවුණු හැටී  ගීත රචක ඩෝල්ටන් ගේ බිරිඳ ආරියවතී සේනානායක ගෙන්

 

d.-alwis-4 (1)

ඩෝල්ටන් අතින් ලියැවුණු සසර වසන තුරු ගීතය ඔබේ ජීවිතයට අනුස්මරණීය ගීතයක් බව කිව්වේ ඇයි?

ඩෝල්ටන් කීප වරක් මට කියා තිබුණා එයා අතින් ලියැවුණු ගීත අතුරින් වඩාත්ම කැමැති ගීතය ලෙස එයා කිව්වේ ක්ෂණිකව එයා අතින් ලියැවුණු පිරිත් සජ්ජායනාවක දෝංකරයෙන් මතුවලා ආපු මේ ගීතය කියලා.

මේ ගීතය ලියනු ලැබුවේ ගෙදරදී. මට මතක හැටියට 1972 වසරේදී විතර. එදා පසළොස්වක පෝය දිනයක්. එදා රෑ දොළහට විතර ඇති. රේඩියෝ එකේ මහ පිරිත විකාශය වෙනවා. මගේ අම්මත් ඩෝල්ටනුත් පිරිත් අසමින් හිටියා. ඔය අතරේ ඩෝල්ටන් නිදිමතයි කියලා අම්මාට පිරිත් අහන්න රේඩියෝව දාලා එයා නිදාගන්න ගියා. මමත් නිදාගන්න ගියා. කොහොම හරි පැය කීපයක නින්දෙන් පසු මාව හදිසියේ ඇහැර වුණේ කාමරයේ මහත්තයා ඇහැරගෙන කරන ලියන කියන දේවල් නිසා. මම ඇයි මේ රෑ ඇහැරගෙන කියලා මහත්තයාගෙන් ඇහුවාම එයා ඔය ලිව්ව ගීතය මගේ අතට දුන්නා. ඒක දැකපු මම පුදුමයට පත් වුණා. ඒ පාර මහත්තයා මට කිව්වා මේක පිරිතකින් පස්සේ බිහි වෙච්ච සිංදුවක්. මේක මම අමරදේවට දෙනවා කියලා.

සසර වසනතුරු ගීතයේ සිහින කතාවකුත් ඔබට කිව්වා නේද?

 

 

 

d.-alwis-3

පිරිත් යන රේඩියෝව දාලා තියෙද්දීම එයාට ටික වෙලාවකින් නින්ද ගියාලු. නින්දේදී එයාට සිහිනයක් පේන්න පටන් ගත්තලු. ඒ හීනේ තමයි මහත්තයා සුදු ඇඳගෙන සුදු මල් වට්ටියක් අතින් අරගෙන පළමුව ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් වැඳලා ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගිහින් වැඳලා පස්සේ තිසා වැවෙන් නාලා ආයෙත් රුවන්වැලි සෑයට මල් වට්ටියක් පූජා කරලා ඉවර වුණාලු. ඊට පස්සේ සීගිරියට ගිහින් සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තේ සිංහාසනයක් වගේ එකක වාඩි වෙලා මහත්තයා ගිමන් හැරියාලු. එක පාරටම ඇහැරුනාලු. සසර වසන තුරු – නිවන් දකින තුරු – පින් කෙත හෙළ රන් දෙරණේ – යළි උපදින්නට හේතු වාසනා වේවා කියන වචන මාලාවක් එක්කම මහ නාදයක් එයාගේ කණට ඇතුළු වුණාලු. ඒ පාර එයා එක පාරට ඇඳෙන් බිමට බැහැලා කාමරයේ ලයිට් එක දාලා පෑන අරන් ලියාගෙන ලියාගෙන ගියාලු. ගීතය ලියලා ඉවර වුණා විතරයිලු එයාව සසල වෙලා ගියාලු කොහොමද මම මේ ගීතය ලිව්වේ කියලා. ඔය වෙලාව පාන්දර හතරට විතර ඇතිලු.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.