පගා මරුවන්ට නොමිළේ ප්‍රචාරක සේවාවක්

 

9a69429e6cad33f6d44b0113dcaf5034

 

කච්චේරියට  ගිය විට ඔබ කරා ළඟා වෙන කාක්කෙක් ඔබෙන් අල්ලසක් ඉල්ලූවොත් දැන් පවතින ක්‍රමය හැටියට අල්ලස් දී වැඩේ කරගෙන මාරු වීම හැරෙන්නට කරන්නට දෙයක් නැත.

වැඩිම වුනොත් අල්ලස්  කාක්කා සහ ඔහුගේ සනුහරේ දෙමව්පියන් වෙනුවෙන් පුන්‍යනුමෝදනවක්  කල හැකිය.

එහෙත් ළඟදීම ඔබට ඊට වැඩි යමක් කල හැකි වෙනු ඇත. අල්ලස් විරෝධී ස්ටිකර් ඇලවීම සඳහා පාරට බැස්ස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ

කියා සිටියේ ඉන්දියාවේ ‘I paid a bribe’ හෙවත් ‘මාත්  අල්ලසක් දුන්නා’ වැනි වෙබ් අඩවියක් ආරම්භ කරන බවයි.‘ජනාග්‍රහ’ හෙවත් ජනතා බලය නම් බැංගලෝරයේ  එන්.ජී ඕ එකක් පවත්වාගෙන යන  ස්වාති සහ රමේෂ් රාමනාදන් යුවල විසින් 2010 අගෝස්තුවේදී ආරම්භ කර ඇති එම වෙබ් අඩවියට ඉන්දීය ජනතාව එවා ඇති අල්ලස් චෝදනා සංඛ්‍යාව  දැන්හැට හයදහස ඉක්මවයි.

මේ වෙබ් අඩවිය ඔස්සේ පගා මරුවන් වැඩි වශයෙන් ගැවසෙන මර්මස්ථාන හඳුනා ගත හැකි වෙනු ඇත.අනෙක් අතට පගාව ප්‍රතික්ෂේප කළ අවස්ථා සහ අවංක නිලධාරීන් ගැනත් කරුණු ස්ථාන කළ හැකිය.

දුෂිතයන් පිලිබඳව දුරකතනයෙන් දැනුම් දීම සඳහා 1954 අංකය අමතන ලෙස දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

තොරතුරු ලබා දෙන අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරි මාර්තු මාසයේ සිට සුරක්ෂිත නිවාස සැලසුමක්ද ක්‍රියාත්මක කරන බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

a2fb8d4e4120bcb12d9c26e25eac6030_XL

 

 

නීතියට එපිටින්

ඇමරිකාවේ මරණීය දණ්ඩනය ලබන සිරකරුවන් ගෙන් ට මරණයට පෙර යමක් කියන්නට තිබේදැයි අවසන් මොහොතේදී එක සිරකරුවෙක් අපුරු යමක් කියා සිටියේය.

‘නීතියට එපිටින් යමක් කරන්නට හිතුනොත් පැත්තකට ගිහිල්ලා විනාඩි දෙක තුනක් කල්පනා කරලා බලන්න’ යයි කියු සිරකරු විදුලි පුටුව කරා ගියේය.

 

ශ්‍රී ලංකා  වාසී පගා ඔස්තාද් ලා වෙනුවන් මේ උපදේශය තරමක් මොඩිෆයි කල හැකිය.

(1) පගාවක් ගැනීමට සිතුනහොත් විනාඩි දෙක තුනක් ඒ ගැන හිතන්න.

(2)පගාවෙන් ලැබෙන මුදල් හෝ වෙනයම් දෙයකින් ලැබෙන ආතල් එක ගැන කල්පනා කරන්න

(3) දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇගේ කාර්ය  මණ්ඩලය මේ දිනවල කරගෙන යන වැඩ ගැන හිතන්න.

(4) මාංචු , මුහුණ වහගෙන උසාවි එන අය, කුඩුව සහ කුරු ගැන හිතන්න,විවහක නම් දරුවන් සහ බිරිඳ ගැන හිතුවාට කම් නැත.

(5) පගාවෙන් ලැබෙන ආතල් එක  වැඩි නම් නොපමාව වැඩේට  බහින්න.

 

 

අල්ලස් ගන්නා අය අල්ලා ගැනීමට ‘නිර්භීත ලෙස’ කටයුතු කරන තම නිලධාරීන්ගේ සංඛ්‍යාව 250ක් 300ක් පමණි ඒ නිසා බේරී යාමටත් ඉඩක් තිබේ.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.