අධ්‍යාපනයට වෙන්කළ මුදල 2.7ක් වීම ගැන FUTA මොකද කරන්නේ?

අයවැයෙන් අධ්‍යාපනයට
වෙන් කරල තියෙන්නෙ සියයට 2.72 යි දැන් මොකද කරන්නේ?

 

BBFUTA

මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සියයට 5.73ක්‌ වෙන් කළ බව ආණ්‌ඩුව කියයි. එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියන්නේ වෙන් කර තිබෙන්නේ සියයට 2.7 ක්‌ බවයි. මේ ආණ්‌ඩුව බිහිකිරීම වෙනුවෙන් විශාල දායකත්වයක්‌ සැපයූ එමෙන්ම අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක්‌ වෙන් කරන ලෙස ඇරඹූ සටනේ නියමුවා වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු පිරිස දැන් අර්බුදයකට මුහුණදී සිටිති.

ඒ 3.7 තුළත් ගැටලුවක්‌ තියෙනව. පාසල් ගොඩනැඟිලිවල වටිනාකම වැනි දේ එනම් මූල ධන වත්කම් වැනි දේවලුත් ගණනය කරල තමයි ඔවුන් මේ මුදල හදල තියෙන්නෙ. ගිණුම්කරණයේදී එය අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා වැයකරන මුදල අවුරුද්දකට වෙන් කරන එකක්‌ නෙමෙයි. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදලට එය එකතු කිරීම වැරදියි. මිලියන 121 කට කිට්‌ටු මුදලක්‌ එම ශීර්ෂය යටතේ වෙන් කරල තියෙනව. මේ තුනයි දශම හතෙන් ඒ මුදල අඩුකළාම ඇත්තවශයෙන්ම අධ්‍යාපනයට වෙන් කරල තියෙන්නෙ සියයට 2.72 යි. 2014 දී පසුගිය රජය 2015 වසරට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළේ සියයට 1.97 යි. ඒ අනුව මේ සියයට 2.72 පසුගිය රජයේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදලට වඩා සියයට 31 ක වැඩිවීමක්‌. යැයි ආචාර්ය දේවසිරි පවසයි

 

එදා-මෙදා?
එදා-මෙදා?

මේ පිළබඳව කුමක් කරන්නේදැයි විමසු විට ආචර්ය දේවසිරි පැවසුවේ  ‘ අපි කරන දේවල් හැමදේම කියන්න බෑ. දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිත් නෙමෙයි. දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට සියයට 6 ක්‌ එකපාරටම වෙන් කරන්න කියල අපි කිව්වෙ නෑ.  යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ අයවැයෙන් ගිය ආණ්‌ඩුවේ අයවැයට වඩා සියයට 31 ක්‌ අධ්‍යාපනයට වෙන්  කොට ඇත යන ප්‍රකාශයේ ඇත්තක් ඇති බව ආචාර්ය දේවසිරි පිළිගත්තේය. ඒ අනුව බලන් විට ඔහු ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්ය වරු පිරිසකට ඇත්තේ දාර්ශනික ප්‍රශ්නයකි.ඒ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් සේ සලකන්නේ නැති බවට පොරොන්දුවක් නොලැබීමයි.මේ වන විට සරසවි ඇදුරන් ගේ වැටුප සෑහෙන තරමකින් වැඩිකොට ඇති හෙයින් ඔවුන්ට දාර්ශනික වලාකුළු අතරේ සැරිසැරීමේ නිදහස  ඇත.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.