කොටි නායකයෙක් හඹා ගිය හැටි

ජනපතිනියට ඇසක්‌ අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව
අපි තව සුළු මොහොතකින් උන්නිච්චිය ගමට ඇතුළු වෙනවා

මෙතෙක්‌ කතාව

1999 වර්ෂයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොළඹ පුරහල භූමියේදී මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයක්‌ එල්ල විය. කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්‌ටුඅම්මාන්ගේ උපදෙස්‌ මත බුද්ධි අංශයේ ප්‍රබලයන් වූ ත්‍රොaනර්, ඉලංගදීර් සහ වෛට්‌ටි විසින් මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කළහ.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ තමිල් සෙල්වි නමැති කොටි කාන්තාවක්‌ විසින් බව පසුව අනාවරණය විය. ඇය පදිංචිව සිටියේ මඩකලපුව ප්‍රදේශයේ බව හෙළිකරගත් රහස්‌ පොලිසිය ඇගේ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගත්හ.

තමිල් සෙල්වි බෝම්බ කබාය ඇඟලා ගත්තේ කොටහේන බ්ලූමැන්ඩල් කෝවිලේදී බව අනාවරණය කරගත් රහස්‌ පොලිස්‌ නිලධාරීන් එහි පූසාරිවරයා සහ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ප්‍රහාරයේ ප්‍රධානියකු වූ ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසියේ කණ්‌ඩායමක්‌ මඩකලපුව උන්නිච්චිය කොටි පාලන ප්‍රදේශයේ කළ බිහිසුණු මෙහෙයුම මෙවර 7 වැනි කොටසින් දිගහැරෙයි.

අද එතැන් සිට

* පුතේ ඌ එල්.ටී.ටී.ඊ. ඉන්ටෙලිජන්ට්‌ ලීඩර් කෙනෙක්‌…

හිටපු ජනාධිපති ඝාතන සැලසුම සඳහා නායකත්වය දුන් කොටි බුද්ධි අංශ ප්‍රධානියකු වූ ත්‍රොaනර් අත්අඩංගුවට ගැනීමේ ත්‍රාසජනක මෙහෙයුම ඇරඹුණේය.

මුස්‌ලිම් ව්‍යාපාරිකයන් ලෙස වෙස්‌වලාගත් රහස්‌ පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් පස්‌ දෙනා මඩකලපුව උන්නිච්චිය ප්‍රධාන මාර්ගය ඔස්‌සේ කිලෝ මීටර් පහකට ආසන්න දුරක්‌ පාගමනින් ගියහ.

පසුව මාර්ගයෙන් ඉවත් වූ නිලධාරීන් කණ්‌ඩායම කැලෑ පාරවල් ඔස්‌සේ උන්නිච්චිය ග්‍රාමයට සමීප වූහ. කොටි පාලන ප්‍රදේශයට අවතීර්ණ වීමෙන් පසු වෙස්‌වලාගත් නිලධාරීන්ගේ සිත්වලට මොකක්‌දොa අමුතුම ආකාරයක හැඟීමක්‌ දැනෙන්නට වූහ. කොයි මොහොතක දී හෝ තමන් කොටින්ගේ ග්‍රහණයට නතු වෙතැයි යන හැඟීම ඔවුන්ගේ සිත්වලට දැනෙන්නට විය.

එහෙත් කිසිවකුත් තම තමන්ගේ සිත්වලට ඇතිවූ ඒ හැඟීම පිට නොකිරීමට වගබලා ගත්හ. නිහඬතාව බිඳිමින් පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දු කටහඬ අවදි කළේය.

“අපි තව සුළු වේලාවකින් උන්නිච්චිය ගමට ඇතුළු වෙනවා. ඔය තුන් දෙනා ගමට එන්න එපා. මමයි සාජිතුයි ගමට ඇතුළු වෙලා ත්‍රොaනර් කොහෙද ඉන්නෙ කියලා හොයන්නම්. මොකක්‌ හරි හදිස්‌සියක්‌ වුණොත් ඔයගොල්ලො අපේ සපෝර්ට්‌ එකට එන්න බලාගෙන ඉන්න.

පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ නියෝග අනුව වෙස්‌වලාගෙන සිටි රහස්‌ පොලිසියේ නිලධාරීන් තිදෙනා උන්නිච්චිය ග්‍රාමය ආසන්නයේ නතර වූහ.

මුස්‌ලිම් ව්‍යාපාරිකයන් ලෙස වෙස්‌වලා ගෙන සිටි පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දු සහ උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එම්. සාජිත් උන්නිච්චිය ග්‍රාමයේ ගෙයක්‌ ගෙයක්‌ ගාණේ යමින් පැරැණි භාණ්‌ඩ එකතු කරන්නට වූහ.

ගම පුරා සැරිසරන අතරතුර ත්‍රොaනර් පදිංචිව සිටින නිවස සොයන්නට මොවුන් දෙදෙනා වෙහෙසුණේය.

“සැක නොහිතන විදිහට ත්‍රොaනර් ඉන්න තැන කාගෙන් හරි අහමු. වැඩේ පොඩ්ඩක්‌ හරි ගැස්‌සුනොත් අපි දෙන්න ඉවරයි. කොටි ඔත්තුකාරයො හැම තැනම ඉන්නවා.

මේ අතරතුර උන්නිච්චිය ග්‍රාමයේ පුංචි වෙළෙඳසලක්‌ අසල සිටි මැදවියේ කාන්තාවක්‌ වෙස්‌වලා ගත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට මුණගැසිණි. චතුර ලෙස දෙමළ භාෂාව හැසිරවූ පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මැදිවියේ කාන්තාව සමඟ දොඩමළු වුණේය.

අපි බිස්‌නස්‌ කරන්නෙ කොළඹ ඇන්ටික්‌ බඩු එකතු කරලා. කොළඹ ඉන්න මුදලාලි කෙනකුට දෙනවා. කොළඹ අපේ යාළුවෝ කීප දෙනෙක්‌ ඉන්නවා. ඒ අය උන්නිච්චියේ පදිංචිකාරයෝ. මේ ගමේ ත්‍රොaනර් කියලා කෙනෙක්‌ ඉන්නව කිව්වා. එයාව හම්බ වුණොත් උදව් කරයි කියලා අපේ යාළුවෝ කිව්වා. කරුණාකරලා අපිට ත්‍රොaනර් ඉන්න තැන පෙන්වන්න.

ප්‍රසාද් ප්‍රනාන්දු දෙමළ භාෂාවෙන් මැදිවියේ කාන්තාව සමඟ කතාකරමින් ත්‍රොaනර් ගැන විමසුවේය. ත්‍රොaනර්ගේ නම ඇසීමෙන් මැදිවියේ කාන්තාව එකවරම තිගැස්‌සුනාය. මහා අපරාධයක්‌ කළ එකියක මෙන් ඇය වටපිට බලන්නට වූවාය.


මුණගැහෙන්න අමාරුයි.
“ත්‍රොaනර් කියන්නෙ එල්.ටී.ටී.ඊ. ලීඩර් කෙනෙක්‌. එයාව මුණගැහෙන්න අමාරුයි. එයා ගමට එන්නෙ ඉඳල හිටලා. ඒ ආවත් වැඩිවෙලා ඉන්නෙ නැහැ. යනවා…”

බියට පත් කාන්තාව වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන්ට ලංවෙමින් කොඳුරන්නට වූවාය. අපිට ත්‍රොaනර්ගේ ගේ පෙන්වන්න පුළුවන්ද? එයාගේ ගෙදර අයව හරි හම්බ වෙලා යන්න පුළුවන්නේ.

උප පොලිස්‌ පරීක්‍ෂක සාජිත් ඇඟට පතට නොදැනෙන්නට කීවේය.

“ත්‍රොaනර්ගෙ අම්මා ඉන්න ගේ මම පෙන්වන්නම්. හැබැයි මම ගැන එහෙම ඒ අයට කියන්න එපා.

මැදිවියේ කාන්තාව මුස්‌ලිම් ජාතිකයන් ලෙස වෙස්‌වලාගෙන සිටි පොලිස්‌ පරීක්‍ෂකවරුන් දෙදෙනා කැටිව උන්නිච්චිය ග්‍රාමයේ කෙළවරට ගමන් කළාය.

“අර කෙළවරේම තියන ගේ තමයි ත්‍රොaනර් ඉන්නෙ. මේ වෙලාවෙ එයාගෙ අම්මා ඇති ගිහින් බලන්න..

මැදිවියේ කාන්තාව පොලිස්‌ පරීක්‍ෂකවරුන් දෙදෙනාට සමුදී එතැනින් පිටව ගියාය. ත්‍රොaනර්ගේ නිවස වරිච්චි බිත්තිවලින් තනා වහලයට උළු සෙවිලි කළ එකකි. නිවස වටා තල් කොළවලින් සකස්‌ කළ පැළලිවලින් ආවරණය කර තිබුණේය. නිවස තුළ කිසිදු හැල හොල්මනක්‌ නැත.

ප්‍රසාද් ප්‍රනාන්දු සාජිත් දෙස බැලුවේය. කුමක්‌ ද කළ යුත්තේ යන්න ඔවුන්ට සිතා ගැනීමට බැරිය.

අපි එක පාරම ත්‍රොaනර්ගෙ ගෙදර යන එක අනතුරුදායකයි. අහල පහල ගෙවල්වලින් විපරම් කරලා බලමු.

ප්‍රසාද් ප්‍රනාන්දු සිය සගයාට කීවේය. ත්‍රොaනර්ගේ නිවස අසල තවත් කුඩා නිවසක්‌ පිහිටා තිබුණේය. ඒ නිවසේ සිටියේ මහලු යුවළකි. වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනා මහලු යුවළ මුණගැසී ඔවුන් සමඟ කුළුපග වන්නට උත්සාහ කළහ.

බැලූ බැල්මට මහලු යුවළ බොහොම කාරුණික පුද්ගලයන් බව පෙණිනි. ප්‍රසාද් ප්‍රනාන්දුට තම මෑණියන්ව සිහිවුණේය. මහලු කාන්තාව තම මවගේ වයසේ තැනැත්තියක්‌ බව ඔහු සිතුවේය. ඔහු මහලු දෙමළ කාන්තාවට අම්මා කියා ආමන්ත්‍රණය කළේය.

අපි බොහොම දුර බැහැර ඉඳලා ආවෙ අම්මා. ඇන්ටික්‌ බඩු එකතු කරලා කොළඹට ගෙනිහින් විකුණන එක අපේ බිස්‌නස්‌ එක. පරණ දේවල් තියනවනම් අපට දෙන්න අපි හොඳ මුදලකට ගන්නවා.

ප්‍රසාද් ප්‍රනාන්දු මහලු කාන්තාවට කීවේය. මේ නිවසේ ගෘහ මූලිකයා වූයේ රාජක්‍රිෂ්ණන්ය. ඔහු වසර හතළිහකට ආසන්න කාලයක්‌ රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගිය අයෙකි. මොවුන්ට පිරිමි දරුවන් තිදෙනෙකි. එක්‌ දරුවකු විදේශගතව සිටින අතර අනෙක්‌ දරුවා කොළඹ ප්‍රදේශයේ රැකියාවක්‌ කළේය.

රාජක්‍රිෂ්ණන්ගේ බාල පුත්‍රයා එල්.ටී.ටී.ඊ. සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගෙන තිබුණේ ඊට වසර හතර පහකට උඩදීය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට බඳවාගෙන යුද්ධයට යෑවූ ඒ දරුවා හමුදා ප්‍රහාරයකින් මියගොස්‌ තිබුණේ 1997 වර්ෂයේදීය.

එල්.ටී.ටී.ඊ. කාරයො මේ රටටයි අපේ ජාතියටයි කරන්නෙ මහ විනාශයක්‌. අපි කවදාවත් මේ යුද්ධයට කැමැති නැහැ. ඒත් අපි මේකට විරුද්ධව වුණොත් අපිවත් මරනවා.

රාජක්‍රිෂ්ණන් තම හදවතේ සඟවා ගෙන තිබූ හැඟීම් වචනවලට පෙරළන්නට වුණේ ප්‍රසාද් ප්‍රනාන්දු පිළිබඳව ඒ වන විට ගොඩනැඟී තිබූ විශ්වාසය නිසාය.

ඒ විශ්වාසය තවදුරටත් වර්ධනය කර ගන්නට ප්‍රසාද් ප්‍රනාන්දු රාජ ක්‍රිෂ්ණන් සමඟ තව තවත් කුළුපගව කතා කරන්නට වූවේය.

තාත්තේ අපි නිතර නිතර කොළඹ යනවා. ඔයාගෙ පුතාව අපිට එහෙදී හම්බවෙයි. අපි එයාට උදව් කරන්නම්.

ප්‍රසාද් ප්‍රනාන්දු මහලු රාජක්‍රිෂ්ණන්ට තව තවත් ලෙන්ගතුවෙමින් කීවේය.

තාත්තේ අපේ කොළඹ යාළුවෙකුගේ ඥතියෙක්‌ ඉන්නවා ත්‍රොaනර් කියලා, එයා මේ ගමේ ඉන්නවා කිව්වෙ. අපට ත්‍රොaනර්ව මුණගස්‌වන්න පුළුවන්ද?

ප්‍රසාද් ප්‍රනාන්දු කීදේ ඇසීමෙන් රාජක්‍රිෂ්ණන්ගේ දැස්‌ උඩ ගියේය. ඔහු මොහොතක්‌ ප්‍රසාද් දෙස බලා සිටියේය.

පුතේ ඌ එල්.ටී.ටී.ඊ. ඉන්ටෙලිජන්ට්‌ ලීඩර් කෙනෙක්‌. අර අල්ලපු ගෙදර ඌ ඉන්නෙ. හිටපු ගමන් ගෙදර එනවා. අපි දන්නෙ නැහැ මිනිහා එන වෙලාවල්.

රාජක්‍රිෂ්ණන් ත්‍රොaනර් පිළිබඳව සියලු තොරතුරු ප්‍රසාද් ප්‍රනාන්දු සමඟ හෙළිකරන්නට වූයේය. තමන් නියම ස්‌ථානයට පැමිණ සිටින බව පොලිස්‌ පරීක්‍ෂකවරුන් දෙදෙනා සිතුවෝය. කෙසේ හෝ ත්‍රොaනර් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකි වූවොත් එය තමන් ජීවිතයේ ලබන විශාලම ජයග්‍රහණය බව ඔවුන්ට සිතිණි.

තාත්තේ අපට ත්‍රොaනර්ව දකින්න ආසයි. පුළුවන්නම් එයාගෙ පිංතූරයක්‌ හරි අපට හොයලා දෙන්න. ඒක අපට කරන ලොකු උදව්වක්‌.

ප්‍රසාද් සිය සගයාට ඇසකින් ඉඟි කරමින් කීවේය. පුතේ ඔය ගෙදර ඉන්නේ ත්‍රොaනර්ගේ අම්මා. ඒ මනුස්‌සය හරිම අහිංසකයි. අපි එක්‌ක බොහොම කුළුපගයි. මම උත්සාහ කරලා බලන්නම් ත්‍රොaනර්ගෙ පිංතූරයක්‌ ඉල්ලගන්න.

රාජක්‍රිෂ්ණන් ත්‍රොaනර්ගේ නිවස වෙත ගියේ ප්‍රසාද් ප්‍රනාන්දුගේ ඉල්ලීම පැහැර හැරිය නොහැකි නිසාය. කොළඹට එල්ල වූ දැවැන්ත ප්‍රහාර ගණනාවකට මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග ඝාතන සැලසුම පිටුපස සිටි මහ මොළකරු ලෙස සැලකෙන ත්‍රොaනර් ඡායාරූපයකින් හෝ දැක ගන්නට පොලිස්‌ නිලධාරීන් දෙදෙනා තුළ තිබුණේ මහත් උනන්දුවකි.

ඒ වන විට ත්‍රොaනර් පිළිබඳව කිසිදු හෝ තොරතුරක්‌ ආරක්‍ෂක බුද්ධි අංශ සතුව තිබුණේ නැත. කොටින්ම ත්‍රොaනර්ගේ ඡායාරූපයක්‌ හෝ බුද්ධි අංශ වෙත ලැබී තිබුණේ ද නැත.

විනාඩි කීපයකට පසු රාජක්‍රිෂ්ණන් නිවසට ආවේය. ඔහු අත සාමාන්‍ය ප්‍රමාණයේ ඡායාරූප ඇල්බමයකි.

පුතේ ත්‍රොaනර්ගේ අම්මා ප්‍රශ්න වැලක්‌ ඇහුවා. මම කිව්වා මගේ ඥති පුතෙක්‌ ඇවිත් ඉන්නවා. එයා ත්‍රොaනර් ගැන විස්‌තර දන්නවා. එයාගෙ පිංතූරයක්‌ බලන්න ආසයි කියනවා. ඒ නිසයි මේක අරගෙන යන්නෙ කියලා. මේක පරිස්‌සම් කරලා ආපහු දෙන්න කිව්වා.

රාජක්‍රිෂ්ණන් ඡායාරූප ඇල්බමය ප්‍රසාද් ප්‍රනාන්දු අත තැබුවේය. පොලිස්‌ පරීක්‍ෂකවරයා එහි තිබූ ත්‍රොaනර්ගේ ඡායාරූපයක්‌ තෝරා ගත්තේය.

ලබන සතියේ තව කොටසක්‌

හේමන්ත රන්දුණු

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.