කුසල් යළි කැඳවයි

LONDON, ENGLAND - MAY 19: Kusal Perera of Sri Lanka poses for a headshot during the Sri Lanka nets session at The Kia Oval on May 19, 2014 in London, England. (Photo by Tom Shaw/Getty Images)

තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයේ සිට යළි දිවයිනට කැඳවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ නිමාවට පත්වූ පකිස්ථාන් සංචාරයේදී ඔහු තහනම් උත්තේජක භාවිතා කර ඇතැයි පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවයි.

ඒ අනූව එම පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනූළු  අයි.සී.සීයේ රෙගුලාසි අනූව කුසල් ජනිත් යළි දිවයිනට කැඳවීමටත්, තවත් සාම්පල පරික්ෂාවකින් එය තහවුරු කර ගැනීමටත් අපේක්ෂා කරන බව ක්‍රිකට් ආයතනය කියයි.

එසේම කුසල්ගේ සේවය අහිමිවීම වෙනුවෙන් කෞෂාල් සිල්වා නවසීලන්තය බලාපිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ටෙස්ට් තරඟ 2කින්, එක්දින තරඟ 5කින් හා පන්දුවාර 20-20 තරඟ දෙකකින් සමන්විතය.

ටෙස්ට් තරඟාවලිය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.

විනය පරීක්ෂණයේ ප්‍රතිඵල

 

මේ අතර විධි විධාන උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව ජගත් පාලක මණ්ඩලය සනාථ කළේය.

ඒ අනුව එම විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු ඔහුට තාවකාලික තරඟ තහනමක් පනවනු ලබන බව අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ විනය පරීක්ෂණයෙන් නිගමනයකට එළඹෙන තුරු ජගත් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිවක් පැවසීමෙන් වැලකී සිටින බවද ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය සමඟ පැවති තරඟාවලිය අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලය විසින් කුසල් ජනිත් පෙරේරා ගෙන් ලබාගන්නා ලද සාම්පලවල තහනම් උත්තේජක තිබූ බව හෙළි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

kusal

එබැවින් දැනට කණ්ඩායම සමඟ නවසීලන්තයේ සංචාරයක යෙදී සිටින ඔහු වහාම යළි සියරට කැඳවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා කෞෂල් සිල්වා පිටත් කර යැවීමට නියමිතයි.

සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි:”ඉස්සෙල්ල බී සාම්පල් එක චෙක් කරන්න කියනවා. ඊට පස්සේ අපේ ලෝයර්ස්ල එක්ක කතා කරලා බලන ඕන මොකද්ද කරන්නේ කියල,” පැවසීය.

අයිසීසී විධිවිධාන ප්‍රකාර බී සාම්පලය පරීක්ෂා කර, හැකි ඉක්මනින් ඔහුට යළි ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීම සිය අභිප්‍රාය බවයි පාලක මණ්ඩලය පවසන්නේ.

 

කිසියම් ලෙසකින් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට වසර හතරක් දක්වා වූ ක්‍රිකට් තහනමක් පැනවීමට ඉඩ තිබේ.උපුල් තරංග ද මීට ඉහතදී තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් තරඟ තහනමකට ලක්විය

එසේ වුවත්, මෙය එවැනි වරදක් කෙරුණු පළමු අවස්තාව බැවින් සහ නොදැනුවත්ව ගත් ඖෂධයක් එයට හේතුව බව සනාථ කළහොත් ඒ දඬුවම ලිහිල්වීම්ට ඉඩ තිබෙන බවත් ඔහු පැවසීය.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.