සිලි සිලි මල්ලට ටටා කියමුද?

England-plasticbag-charge_10-5-2015_199716_l

 

 

 

පොලිතින් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලීතින් භාවිතය සම්බන්ධයෙන් මිට පෙරත් දැනුම්දීම් කර තිබූ නමුත් එය හරියාකාරව ක්‍රියාත්මක නොවූ බවත්, මේ නිසා එය බලාත්මක කිරීමට ජනවාරී 1 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් ඒ මහතා කියයි.

පොලිතීන් නිසා සිදුවන පාරිසරික විනාශය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනූව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා කියා සිටියේය.

 

පළමුව පොලිතින් දෙවනුව ඇස්බැස්ටෝස්   මළු

[vsw id=”/tkdE6j_Ewu8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

පොලීතීන් විශාල වශයෙන් භවිතා වෙන් එක අවස්ථාවක් නම් සුපිරි වෙළඳ සැලේ කෙරෙන සිලි සිලි මළු භාවිතයයි. සුපිරි වෙළෙඳ සැල් වල මේ තාක්  නොම්ලේ ලබා දුන් සිලි සිලි  මළු  වලට මුදල් අයකල යුතු බවට  බ්‍රිතාන්‍ය ආණ්ඩුව නියෝගයක් කළා.

මේ නීතියේ ප්‍රතිපලය ගැන දැනගන්න බ්‍රිතාන්‍ය මැන්චෙස්ටර් යේ ඇස්ඩා සුපිරි වෙළෙඳසලේසේවය කරන ජයලාල් වික්‍රමරත්නට කතා කල විට ඔහු කියා සිටියේ  මුලදී මේ ගැන පාරිභෝගිකයින් මැසිවිලි කළ නමුත් පසුව ඔවුන් ඊට පුරුදු වූ බවයි.

 

baskets-860

 

‘,මුලදී අපි සිලි සිලි බෑග් එකකට පැන්ස පහක් අය කරන කොට කස්ටර්මර්ස් ලගේ මුණ පුළුටු වෙන්න පටන් ගත්තා.එත් දවසක් දෙකක් යන කොට

වැඩේ හරි ගියා .මේ සිලි සිලි බෑග් විකිනිමෙන් ලැබෙන මුදල පුණ්‍ය කටයුතු වලට යොදන  බවට දීපු ප්‍රචාරයත් පාරිභෝගිකයින්ට හිත හදා ගන්න උදව්වක්

වෙන්න ඇති.ඉස්සර නොමිලේ සිලි සිලි බෑග් දෙන කාලේ සිලිසිලි මළු නොමිලේ දෙන කාලේ  බෑග් හත අට ගත්ත කට්ට්ටිය දැන් සල්ලි දීල ගන්නේ එක මල්ලයි නැතිනම් දෙකයි’යැයි  ජයලාල් වික්‍රමරත්න පැවසීය.

 

veveing

 

ශ්‍රී ලංකා සුපිරි වෙළඳ සැලින්සිලි සිලි මල්ල ඉවත් කොට පන් මල්ල වේවැල් කුඩයට තැනක් ලබා දුනහොත් නරකද? යයි කවුරුන් හෝ විමසුවහොත්

එය සාධාරණ ප්‍රශ්නයක් වනු ඇත .

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.