මහින්දට කොටි වලිගය අල්ලා ගෙන සිටිය හැකිද?

11846570_881310348570671_6630089015614469204_n

 

 

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන තමන් කාටත් වඩා හොඳින් දන්නා බවත් ඔහු කළ දේවල් පිළිබඳවද තමන් දන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

 

මේ අතරවාරේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අනගතය පිළිබඳව තීරනාත්මක  ප්‍රශ්න මතුවෙන් පවතී. උගතුන් ගේ සහයෝගය ඇතිව මහින්දට පක්ෂපාති ජන් මතයක් ගොඩ නැගීමට ගත් උත්සාහය සාර්ථක වී නැත.වියතුන් ගේ හඬ නම් සංවිධානයක් ගොඩනගා ගෙන නව  ප්‍රතිරූපයක් ගොඩනග ගැනීමට ගත් උත්සාහයේ ප්‍රධාන චරිතයක් වූ ආචාර්ය නාලක  ගොඩහේවා අත්අඩංගුවට පත් වීමත් සමඟ වියතුන් ගේ හඬ තවදුරටත් අඩාල  විය හැකිය.

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ගැන මග පිළිබඳව විමල් වීරංවශ ,උදය ගම්මන්පිළ සහ දිනේෂ් ගුනවර්ධ  ප්‍රධාන පිරිස  අතරේ යම් කතිකාවතක් ආරම්භ වී ඇති නමුත් ඒ කථාබහ පෙරට නොයන්න්නේ පිල් මාරු පිළිබඳව සැක සංකා ඇතිවී තිබීම් හේතුවෙනි.

 

මහින්ද රාජපක්ෂ කෙරේ විශ්වාසය පලකල තිස්ස අත්තනායක පව් සම කරගෙන් යලිත් එක්සත් ජාතික පක්ෂය වෙත සේන්දු වීමට ගන්නා උත්සාහය මහින්දටඅවැසි බව පල කරන ඉඟියකි.

11796460_881310181904021_3954405705866353390_n

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන ප්‍රදී මහින්ද රාජපක්ෂට අවශ්‍ය වන්නේ තම ගරුත්වය රැක ගෙන නික්ම යාමයි.

එහෙත් රාජපක්ෂ පවුලට එරහිව නැගෙන චෝදනා හමුවේ මහින්ද රාජපක්ෂට දේශපාලනය නම් කොටි වලිගය අල්ල ගෙන සිටීමට සිදුවී ඇත.

දැන් තිබෙන තත්වය අන්ව කොටියා ගේ ග්‍රහණය ක්‍රමයෙන් බුරුල්වෙමින් තිබෙන අතර ඉක්මනින් හෝ ප්‍රමාද වී කොටියා ඔහුව හපා කෑමට ඉඩ තිබේ.මේ නිසා ආරක්ෂාකාරී ලෙස අඩියක් පස්සට ගැනීමට ගන්නා උත්සාහයන් ඉදිරි කාලය තුල දකින්නට ලැබෙනු ඇත.

පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම  යෝජනා හෝ ප්‍රචාරණ වැඩපිළිවෙලට අත  නොගසා අයින් ගසා සිටීම අඩියක් පසුපසට ගැනීමේ මුල් පියවර වනු ඇත .

පසුබැසීමේ උපක්‍රමයක්

ප්‍රමාණවත් ආරක්‍ෂාවක්‌ නොමැති නිසා උත්සව හා රැස්‌වීම්වලට සහභාගි වීම සීමා කළ බව  මහින්ද රාජපක්ෂ කියා සිටී.

තම ආරක්‍ෂාවට සෙබළුන් 89 දෙනකු සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් අය නිවාඩු ගිය පසු ආරක්‍ෂාව සැපයීමට ප්‍රමාණවත් පිරිසක්‌ නැති බව ඔහු කියා සිටී.

 

[vsw id=”/X7mYozGTGVk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

මේ තත්ත්වය මත දෛනික කටයුතු රැසක්‌ සීමා කිරීමට සිදුව තිබෙන බවද රාජපක්‍ෂ මහතා පවසන් අතර ඇතැමෙක් කියා සිටින්නේ එය පසුබැසීමේ උපක්‍රමයක් විය හකි බවයි.

ආණ්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ හිටපු ජනාධිපති වරයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.