සවුදියේ මරණයට නිමවී සිටින කත වෙනුවෙන් රංජන් ගෙන් අදහසක්

RanjanR_360px_12_12_22

සවුදි අරාබියේදී ගල් ගසා මර දැමීමේ දන්දන්යය ලක්වී සිටින කාන්තාවගේ නඩුවේ අලුත්ම තත්වය පිළිබඳව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා කල දැනුවත් කිරීම මේ කාන්තාව පත්ව සිටින විපත පිළිබඳව සංවේදීව සිටින බොහෝ දෙන තුල බලාපොරත්තුවක් ඇති කිරීමට  සමත් වී තිබේ.

 

“ඉරිදා අපේ තානාපති කාර්යාලයේ ඉහළ නිළධාරීන් මෙම කාන්තාව හමුවුණා. හිරගෙදරට ගිහින් දිර්ඝ සාකච්ඡාවක් කළා. එතනදී සෞදි අරාබියාවේ රියාද් අගනුවර ඇපැල් අධිකරණයෙන් ලැබුණු මතය ප්‍රාදේශිය අධිකරණය දැනුවත් කරලා තිබුණා. ඒ දැනුවත් කිරීම මත අපේ මැදිහත් වීම හරහා නීතිඥයන්ගේ උපදෙස් අනුව නැවතත් මේ නඩුව විවෘත කරන්න තීරණය කරලා තියෙනවා. ඒක අපි ජයග්‍රහණයක් හැටියට දකිනවා. විදේශ අමාත්‍යාංශය සියලුම වියදම් දරමින් නීතිඥයන්ගේ ගෙවීම් කරමින් මේ කාන්තාව වෙනුවෙන් උපරිම උත්සහය දරනවා මේ නඩු තීන්දුව වෙනස් කරන්න”. යැයි අච්චාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

වැදගත් තර්කයක්

මැද පෙරදිග සංක්‍රමණික සේවා පිරිස් වෙනුවන් හදවතින්ම කතා කරන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය වරය වැදගත් තර්කයක් ගෙන  හැර දැක්වීය.

“ඉස්ලාම් ෂරියා නිතිය අනුව වැදගත් මුස්ලිම්වරු 4 දෙනකගේ ඇසින් දුටු සාක්ෂි ඕනේ මේ දඬුවම දෙන්න, එහෙම සාක්ෂි මෙතන නැහැ, අවාසනාවට මෙම දඬුවම පිලිබදව නොදැනුවත්ව නීතිමය සහයක් නොමැතිව ඇය වරද පිළිගෙන තිබෙනවා” යැයි ඔහු පැවසීය.

වෙන්ත්  ආකාරයකින් රංජන් රාමනායක ගෙන හැර  දක්වා ඇත්තේ සවුදි බලධාරීන් තමන්ගේම ශරියා  නීතිය පිළිපැද  නැති බවයි.

2014 අප්‍රේල් මාසයේ මෙම කාන්තාව අත්අඩංගුවට පත්වී 2015 අගෝස්තු ඇයට දඬුවම් හිමි වීම දක්වා මේ නඩුව පිලිබදව ශ්‍රී ලංකා රජය හෝ තානාපති අංශ දැනුවත් වී නොසිටි බවත් නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ තර්කය මුස්ලිම් චින්තනයයට සහ සම්ප්‍රදායට ගැලපෙන් පරිදි ඉදිරිපත් කිරීමට හැකි වෙතොත් මේ කාන්තාවට ලිහිලක් ලබා ගැනීමට ඉඩ තිබිය හැකි බව නීතිවේදීහු පෙන්වා දෙති.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.