killing fields පෙන්නුවාට මලයාසියාවේ නඩු

2013_Malaysia_Presser_Lena_Hendry

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල  වකවානුව  පිළිබඳව නිෂ්පදනනය කරන  ලද  killing fields චිත්‍රපටිය මලයාසියාවෙදී තිරගත කිරීමේ’ වරදට’

අධිකරණය හමුවට පමුණුවා සිටින ලීනා හෙන්ඩ්රි මානව හිමිකම් ක්‍රියධාරිනියට එරෙහිව ගොනු කොට ඇති නඩුව ඉවත් කරගන්නැයි ලොව පුරා මානව හිමිකම් ක්‍රියාධාරීන් සහ කලාකරුවන් මලයාසියානු ආණ්ඩුව වෙත බලපෑම් කරමින් සිටිති.

නඩුව සඳුදා  විභගයට ගැනීමට නියමිතයි.

20133 දී ආරාධිත පිරිසකට ද  killing fields චිත්‍රපටිය ප්‍රදර්ශනය කරද්දී මලයාසියානු පොලිස්  සහ ආගමන විගමන නිලධාරීන් පිරිසක්

එම ස්ථානය වැටලුහ.

channel-4-e28098sri-lanka_s-killing-fields

මලයාසියාවේ නිදහස් චිත්‍රපටි උළෙලේ කලමනාකාරිය වූ ලීනා හෙන්ඩ්රි රටේ වරණ නීති කැඩූ  බවයි මලයාසියානු ආණ්ඩුව කියා සිටින්නේ .

මලයාසියානු ආණ්ඩුව නීතිය උපයෝගී කරගෙන දේශපාලන වාරණයක නිරත වන  බව කියා සිටින පිරිස් අතරේ ගායිකා

M.I.A, Grammy සම්මාන ලාභිනි  Angelique Kidjo  සහ ඇමරිකාව,එංගලන්තය, බ්‍රිතාන්‍ය,ඉන්දියාව යන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂ වරු සහ killing fields  අධ්‍යක්ෂක කැලම් මැක්රේ  සහ ඉන්දීය කිවිඳියක් වන මීනා  කන්දසාමි ද සිටිති .

ලීනා වැරදිකාරිය වූවහොත් තුන් අවුරුද්දක් දක්වාවූ සිර දඬුවමක් හිමිවිය හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.