9 වසරේ සිසුවා ශිෂ්‍ය නායකයාට පිහියෙන් ඇණලා…

student knife attackපාසලක 9 වැනි වසරේ සිසුවෙක් 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායකයකුට පිහියෙන් ඇනිම හේතුවෙන් 16 හැවිරිදි සිසුවා බරපතල තුවාල ලබා මහනුවර මහ රෝහලේ 10 වාට්ටුවට  ඇතුළත් කොට තිබේ. මේ සිදුවීම සිදුව ඇත්තේ කටුගස්තොට සෙනරත්ගම කනිෂ්ඨ විදුහලේ ය

පාසල් වේලාව තුල 9 වසර සිසුවාගේ නොමනා හැසිරීම පිළිබදව ශිෂ්‍ය නායකයා අවවාද කිරීම නිසා කිපී 9 වසර  සිසුවා මෙසේ ශිෂ්‍ය නායකයාට පිහියෙන් ඇණ ඇත.

මෙම සිද්ධිය පාසල් වේලාව තුල සිදුව ඇති අතර පාසලේ ගුරුභවතුන් මේ බව පොලිසියට දැනුම් දී නොමැත. තුවාල ලත් සිසුවා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර පොලිසිය සිද්ධිය පිළිබදව පරික්ෂණ ආරම්භ කර තිබේ.  පිහිපාර එල්ල කළ සිසුවා මේ වනවිට පරිවාස භාරයට පත් කර ඇත. මීට දින දෙකකට පෙර මහනුවර උසස් විද්‍යාලයක සිසුන් දෙදෙනෙක් සිසුවියක් නිසා හටගත් හබයක් කෙළවර කරගත්තේ එම සිසුවියගේ පාසල ඉදිරිපිට කළ පිහි ඇනුමකිනි.

පිහි පාර කෑ සිසුවා රෝහල්ගත කළ අතර පිහි පාර එල්ල කළ සිසුවා පරිවාස භාරයට පත් කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.