අයි එස් හා එක් වූ බ්‍රිතාන්‍ය කාන්තාවට සිර දඩුවම්

බ්‍රිතාන්‍ය ජාතික 26 හැවිරිදි තරීනා ශකීල් තම කුඩා පුතු සමග තුර්කිය බලා ගොස් එතැන් සිට සිරියා දේශ සීමාවට පැමිණ අයි එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් එංගලන්තයේ බර්මින්හැම් අධිකරණයෙන් වසර 6ක සිර දඩුවම් ලබා දී ඇත.තව ද ඇය ට්විටර් සමාජ ජාලය හරහා පණිවිඩ යවමින් ත්‍රස්තවාදයට අනුබල දීම ද මෙම සිර දඩුවමට හේතු වී ඇත.

එමෙන්ම අයි එස් හිස්වැස්මක් පැළද ගිනි අවියක් සමග තරීනා ශකීල් තම පුතුගේ ඡායාරූපයක් ගැනීම පිළිකුල් සහගත බව විනිසුරු පවසා ඇත.

 

thareena

 

නිවාඩුවක් ගැනීම සදහා රටින් බැහැරව යන බව තම මිතුරන්ට පවසා ගිය ද යුධ ගිිිනි මැද සිටින සිරියාවට යාමෙන් නොසතුටට පත්වූ බවත් සිරියාව බලා යෑම තමන් විසින් ගත් වැරදි තීරණයක් බව දැනී බ්‍රිතාන්‍ය බලා නැවත පැමිණීමට තීරණය කර ඇත.

රකා නගරයේ සිට ගමන් ගත් බස් රථයකින් පැමිණ පසුව කුලී රථ රියදුරෙකුට අල්ලස් දී 2015 ජනවාරි මාසයේ දී තුර්කි දේශ සීමාව තෙක් පැමිණි බව තරීනා ශකීල් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.