ප්‍රවීණයන්ගේ විස්සයි 20 තරගයේ දී මහේලගෙන් දැවැන්ත ඉනිමක්

ප්‍රවීණයන්ගේ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඇඩම් ගිල්ක්‍රිස්ට් නායකත්වය දරන සගිතරස් ස්ට්රායික පිල නියෝජනය කරන මහේල ජයවර්ධන තරගාවලියේ පළමු ශතකය වාර්තා කළේය.මහේලගේ මෙම දැවැන්ත ඉනිම හේතුවෙන් ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ කණ්ඩායම ලකුණු 63ක ජයක් වාර්තා කළේය.

එම තරගයේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණි මහේල ජයවර්ධන ලකුණු 124ක් ලැබීමට සමත් විය.එම ලකුණු 124ට හයේ පහර 9ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් විය.ඩුබායිහි දී පැවති මෙම තරගයේ වීරයා සම්මානය ද මහේල ජයවර්ධන විසින් දිනා ගත්තේය.

mayya 2

මෙම තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර ලකුණු 193ක් ලබා මහේල ජයවර්ධන ද ගෙමිනි අරබියන්ස් පිලේ කුමාර් සංගක්කාර ලකුණු 192ක් ලබා දෙවනි ස්ථානයේ ද රැදී සිටී.

එමෙන්ම පන්දු යවන්නන් අතර කඩුලු 9ක් ලබා ගෙමිනි පිලේ මුත්තයියා මුරලිදරන් ප්‍රථම ස්ථානයේ රැදෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.