මුඛ වාඩම් බැඳ එකෙකු නසන කළ දනිව් සුවහසක් යලි උපදින බව

ඒ සොදුරු සමනලයෙකුගේ මුවගින් නික්මුනු ගැඹුරු කටහඩක මතකයි. ජාතියේ පිනට උපන් එවන් සමනලයෙකුගේ තටු කඩා දමා අදට වසර 28ක්. මේ සුදානම ඒ සමනලගේ මතකයෙන් බිදක් නැවත ආවර්ජනය කරන්නටයි.

ඔහු නමින් විජය කුමරතිංග නම් වෙයි. බෙන්ජමින් කුමාරතුංග ගම මුලාදෑනියාට හා බ්‍රියෙට්‍රිස් කුමාරතුංගට දාව 1945 ඔක්‌තෝබර් 09 වැනි සීදුවේදී ජන්ම ලාබය ලබන විජය සීදුව මහා විදුහල , කඳාන ඩී. මැසනඩ් විදුහල, කොටහේන ශාන්ත් බෙනඩික් විදුහල යන පාසල් වලින් සිප් සතර හදාරනු ලැබුවා.

විජය සිනමා කලාවට අත්පොත් තබන්නේ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටිය තුළිනුයි. එතැන් පටන් ජන හද දිනාගත් ඔහු රග පෑ සියලුම චිත්‍රපට පාහේ ජනහද සොරාගැනීමට සමත් වුවා. තුෂාරා, සංගීත, මේ දස කුමටද, ජය අපිටයි, කරුමක්කාරයෝ, හිගන කොල්ලෑ, ක්‍රිස්තු චරිතය ඉන් කිහිපයක් පමණයි.

ගඟ අද්දරින් පසුබිම් ගායනයට එක්වන විජයගේ ගැඹුරු හඩ රංගනය සේම කාගේත් සිත් සතන් තුල නොමැකෙන නාමයක් තබන්නට සමත් උණා.

1977 දී ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණ වෙන මේ රංගධරයා එතැන් පටන් තම ජීවිතය අසරණ අහිංසක පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් හද නගන්නට කැප කළා. 1978 පෙබරවාරි 20 චන්ද්‍රිකෑ බණ්ඩාරනායක මෙනවිය සමග අතිනත් ගන්න හේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් වරයෙකු ලේසේද කටයුතු කල විජය 1982 දී රාජ්‍ය විරෝදී ක්‍රියා වල යෙදුනේයැයි චෝදනා කොට සිරගත කරන ලදී.

1984 දී මහජන පක්ෂය පිහිටුවා ගන්නා විජය අතුරු මැතිවරණ කීපයකටද තරග කළේය. 1986 වෙන විට මෙරට පවතී ප්‍රධානම ගැටලුව වූ ජනවාර්ගික ගැටලුව නිරාකරණය කිරීමට කැපවී ක්‍රියා කල කතානායකයා එක වරක එල් ටී ටී ය සමග සාකච්චා කිරීමට යාපනයට පවා ගියේය.

මෙලෙස ශ්‍රී ලාකීය කල කේත අස්වැද්දු, මහජනතාව වෙනුවෙන් තම සේවය නොපිරිහෙලා ඉටු කළ මේ නිරහංකාර කලාකරුවා , දේශපාලකයා කිසිවෙකුත් නොසිතු අන්දමින් 1988 පෙබරවාරි 18 වෙනිදා නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් මේ ලොව හැර ගියේ මවිබිමට දැරිය නොහැකි හිඩැසක් ඉතුරු කරමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.