අල්ලසේ තිත්ත

amador-county-arrest-logඅල්ලසේ තිත්ත

නිට්ටඹුව සංඝබෝධි විදුහලේ විදුහල්පතිවරයා දරුවෙක් පාසලට ඇතුලත් කර ගැනීම සදහා රු.50000ක අල්ලසක් ලබා ගැනීම පිළිබද චෝදනාවකට අත්අඩංගුවට ගෙන ඇත.

හුදෙක් චෝදනාවක් එල්ල කල පමණින් කෙනෙක් වැරදිකරුවෙක් වන්නේ නැත.එහෙත් මේ පාසලට ළමුන් ඇතුලත් කර ගැනීම පසුපසින් තිබෙන කතාව නම් අපුල දනවන්නකි.

*මේ දරුවට ලැබුනේ මවගේ හව්හරණය පමණි.ඇයට ස්ථිර ආදායම් මාර්ගයක් නොවීය.

*දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 165 ලබා ගත්තේය.

*විදුහල්පතිවරයා දරුවා පාසලට ඇතුලත් කරගැනීම සදහා කෙලින්ම රු. 50000ක් ඉල්ලා සිටිබව වාර්තා වේ.

*මුදල හොයාගත නොහැකිව කල්පනාකරමින් සිටි මව රුපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කල අල්ලස් කොමිසමේ දුරකථන අංක කිහිපයකට කතා කළාය.

*දරුවාගේ පියා වෙනුවෙන් පෙනී සිටි උපාය දූතයා මව හා දරුවා සමගින් විදුහල්පතිවරයා හමුවිය.

*දවස් දෙකකට පසුව යලිත් රුපියල් 50000ක් සමග විදුහල්පතිවරයා හමුවූ උපාය දූතයා රුපියල් දාහේ නෝට්ටු පනහක් විදුහල්පතිවරයා අත තැබුවේය.

*විදුහල්පතිවරයා මුදල තමන්ගේ බෑගයට දමා ගන්නට සැරසෙද්දී අත්අඩංගුවට පත්විය.

කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටූ තැන වැඩේ වැරදී ගියේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.