පුංචි කොල්ලෙක්ව ලිංගික අපයෝජනය කල මෙහෙකාර තරුණිය

childපුංචි කොල්ලෙක්ව ලිංගික අපයෝජනය කල මෙහෙකාර තරුණිය

මිරිහාන ප්‍රදේශයේ අවුරුදු 2 හමාරක පුංචි පුතෙකු මෙහෙකාර තරුණියක් විසින් ලිංගික අපයෝජනය කර ඇත.මෙම දරුවාගේ මව පෞදද්ගලික ආයතනයක සේවය සදහා නිවසින් ගිය පසු දරුවාව බලාගෙන ඇත්තේ මෙම මෙහෙකාර තරුණිය විසිනි.

කාලයක සිට මෙම දරුවා බලාගෙන ඇති මෙහෙකාර තරුණිය ඔහුට අස්වාභාවික ලෙස ලිංගික හිංසා කර ඇති බව වාර්තා වේ.

පසුව මෙහෙකාර තරුණිය විවාහ වන බව පවසමින් නිවසින් ගොස් ඇති අතර දරුවා පසුගිය දින කිහිපයේ දැඩි ලෙස රෝගාතුර වී ඇත.

දරුවාට කතා කිරීමට පවා අපහසු වූ තැන වෛද්‍යවරු කිහිපදෙනෙකුට මේ බව දැනුම් දී පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව දරුවාගේ ලිංගික ප්‍රදේශවලට කිසිවෙකුගෙන් හෝ කාලයක සිට හිංසා සිදු වී ඇති බව වාර්තා වී ඇත.

මේ පිළිබද මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කල පසු එම මෙහෙකාරිය සුක්ෂම ලෙස නිවසට ගෙන්වා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.