කොළඹ ප්‍රධාන බාලිකා පාසල්වලට පොලිස් රැකවරණ

school boys and girlsකොළඹ ප්‍රධාන බාලිකා පාසල්වලට පොලිස් රැකවරණ

කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලකට බලෙන් ඇතුළුවීමට උත්සහ කල වෙනත් පිරිමි පාසලක සිසුන් පිරිසක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන මෙම ශිෂ්‍යයින් 4දෙනා අධිකරණයට ඉදිරිපත් කල පසු රදවා තබා ගැනීමට ද තවත් පස් දෙනෙකු මව්පියන්ගේ ඇප මත මුදා හැරීමටත් නියෝග කර ඇත.

මෙම පිරිමි විද්‍යාලයේ සිසුන් බාලිකා විද්‍යාලයට ඇතුළුවීමට උත්සහ කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට යනවිට පිරිසක් පැනගොස් ඇති අතර තවත් පිරිසක් කොටුකර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මෙම සිසුන් පිළිබද විස්තර එම පිරිමි විද්‍යාලයේ විදුහල්පතිට ලබා දෙන ලෙසට කොල්ලුපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති හට නියෝග ලැබී ඇත.

මෙම හේතුව නිසා ඊයේ සිට කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාල වලට පොලිස් රැකවරණය ලබාදීමට ද පියවර ගෙන තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.