කුසල්ගේ තහනම වසර හතරකට ද ?

kusal janithකුසල්ගේ තහනම වසර හතරකට ද ?

තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම් උත්තේජක නිලධාරින් ඉදිරියේදී තවත් පරීක්ෂණයකට සහභාගී වීමට නියමිතව ඇත.ඒ ඉදිරි දින කිහිපය තුල පරීක්ෂණ කිහිපයකට සහභාගී වී එහි වාර්තාද සමගය.

කුසල්ගේ ” A ” සහ ” B ” මුත්‍රා සාම්පල වල තහනම් උත්තේජක අඩංගු බවට චෝදනා ලබා මාස 4කට ආසන්න කාලයක් ගිය ද ඔහුගේ ශරීරයට එය ඇතුල් වුයේ කෙසේද යන්න තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේය.

නව නීති රීති වලට අනුව තහනම් උත්තේජක වරදට හසු වූ අයෙකුට වසර 4ක තරග තහනමක් ලැබෙන අතර මෙය ඔහු දන හෝ නොදැන ගත දෙයක් වීම මත ඔහුට අදාළ තහනම අවම කර ගැනීමට අවස්ථාව ඇත.

පාකිස්ථාන ක්‍රීඩක යෂීර් ෂා ද පසුගිය දා තහනම් උත්තේජක වරදට හසු වූ අතර ඔහු පැවසුවේ අදාළ උත්තේජක අත්වැරදීමකින් ශරීරගත වූ බවය.මෙම නිසා ඔහුට මාස 3ක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය.

” මම පකිස්ථාන් ක්‍රීඩා ලෝලීන්ට කියනවා කිසිම විටෙක තහනම් උත්තේජක නොගත් බව.නමුත් මගේ බිරිදගේ බෙහෙත් සහ මම බොන බෙහෙත් එක ලග තබන නිසා මාරු වී ගත්තා ද යන්න මම දන්නේ නැහැ. ” යැයි ඔහු පැවසීය.

කුසල් පසුගිය නොවැම්බර් මසදී තහනම් උත්තේජ සංගටක ඇතුළු වූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කිරීම හේතුවෙන් ඒ වනවිට නවසීලන්තයේ සංචාරයකට සහභාගී වී සිටි කුසල් පෙරේරා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මෙරට ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තේය.

වාර්තා වන අන්දමට ඉදිරි දිනක කුසල් පෙරේරා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගොස් තවත් පරීක්ෂණයකට සහභාගී වන අතර එහි දී ඔහුගේ තහනම් කාලය කොපමණද යන්න තීරණය කරනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.