චන්ද්‍රිකාගෙන් දකුණු ආසියාතික නායකයින්ට දොස් මුරයක්

chandrikaචන්ද්‍රිකාගෙන් දකුණු ආසියාතික නායකයින්ට දොස් මුරයක්

දකුණු ආසියාවේ රටවල් අටෙන් හයක් තමන්ගේ ප්‍රතිරූපය ගැන පමණක් කල්පනා කරන නිසා දකුණු ආසියාතික අනන්‍යතාවයක් ගොඩ නැගෙන්නේ නැති බව හිටපි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කියා සිටී.

හිටපු ජනාධිපතිනිය තරමක් සැර ප්‍රකාශය කරේ ඉන්දියාවේ Observer Research පදනම සහ විදේශ අමාත්යංශය සංවිධානය කල සම්මන්ත්රනයකදීය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති විරසකය මෙන්ම කලාපීය සහයෝගීතාවය ගොඩ නංවා ලන්නේ කෙසේද යන්න පිළිබද තිබෙන දැනුම සහ කුසලතාවේ අඩු පාඩුත් දකුණු ආසියාතික ප්‍රතිරූපයක් ගොඩ නැංවීමට බාධා පමුණුවන බව කුමාරතුංග මහත්මිය පැවසීය.

පැරණි හණමිටි පසෙකින් තබා අමිහිරි අතීතයන් අමතක කොට ඉදිරියට යාමට සුදානම් තරුණ පරපුරක් බිහිව සිටින හෙයින් පෙර මග සුභදායක බවත් ය කියා සිටියාය.

චන්ද්‍රිකා කුමාරතුංග පාලන සාමය තුල හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කිරීමට උත්සහ කල නමුත් ඉන්දු – පාකිස්තාන් විරසකය හමුවේ මේ උත්සාහය කනා මැදිරි එළියකට වඩා වැඩි යමක් නොවීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.