නාමල්ගේ මචංකරණයට අභියෝගයක්

mkdsනාමල්ගේ මචංකරණයට අභියෝගයක්

අභාවප්‍රාප්ත හිටපු ඉඩම් ඇමති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහින්ද රාජපක්ෂ පාලනය තුල ගත කලේ දැඩි අසතුටෙනි.ඒ ඔහුට බුද්ධ ශාෂන අමාත්යංශය ලබාදීම හේතුවෙනි.

” මට පුළුවන් වෙන්නේ ඕනෙනම් කෙනෙක් මහණ කරවන්න විතරයි.වෙන රස්සාවක් ලබාදෙන්න ඉඩක් නැහැ. ” යැයි ඔහු කියා සිටියේය.

පසුගියදා ඔහුගේ පුතා වූ නලීන් ගුණවර්ධන මල්වතු මහා නා හිමියන් හමු වූ අවස්ථාවේදී ඒ විරසකයේ තවත් පැතිකඩක් මතුවිය.

නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් ‘ මචංකරණයට ‘ ලක්කලහැටි නලීන් ගුනවර්දන කියා සිටියේය.

” නාමල් රාජපක්ෂ මහත්තයා මා ඉදිරිපිටම මගේ තාත්තට මචං කියල තුන් සැරයක්ම කිවුවා යැයි නලීන් මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

නලීන් ගුණවරධාන පවසන ආකාරයට හිටපු ඇමතිවරයා නිහඩ වී නැත.නාමල්ගේ පියා වූ මහින්ද රාජපක්ෂත් තමන්ට මචං කියා කතා කරන හෙයින් තමන්ට මචං යයි ඇමතීම සුදුසු නැති බව එම් . කේ. ඩී. එස්. විසින් පෙන්වා දී ඇත.

එම. කේ.ඩී. එස්. ගේ පුතා කල හෙළිදරව්ව ගැන ඇසු බොහෝ දෙනා සමාජ මාධ්‍යන්ගේ කුටු කුටු ගාන්නට පටන් ගෙන තිබේ.

මේ හැමදෙනාටම දැනෙන පොදු ප්‍රශ්නයක් වන්නේ නාමල් ගේ මචංකරණය ගැන හෙළිදරව් කිරීමට නලින්ද මේ මොහොත තොර ගන්නේ මන්ද යන්නයි.

මහින්ද රාජපක්ෂ අලුත් පක්ෂයක් පිහිටුවීම ගැන නලින්ද කියන්නේ එය සල්ලි පස්සේ යන අනුන්ගේ ලේ බොන කූඩල්ලන්ගේ වැඩක් වන බවයි.

එය අලුත් පක්ෂයට නලීන්ගේ විරෝධයට හේතුවකට ගත හැකිය.

එහෙත් ඒ විරෝධතා පසුපස සිටින අය තේරුම් ගත යුතු වන්නේ හැංගි හැංගි වෙස් බැන්දත් එළියේ නටන්නට සිදුවෙන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.