Airport:අර්ජුන අනින් නෙළුම් මල පර වේ

 

 

neluma

මිලියන දෙදහස් දෙසීයක් වියදම් කොට ඉදිකිරීමට  ගිය  දැවැන්ත නෙළුම් මලක හැඩ  ගත්  කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ

පර්යන්ත ගොඩනැඟිල්ලේ වහලේ  ඉදිකරීම් නතර කොට තිබේ.

 

 

මෙහිදී මිලියන‍ දෙදහස් දෙසීයක වියදමින් ඉදිකෙරෙන එම දැවැන්ත නෙළුම් මල පිළිබඳ අදාළ ඉංජිනේරුවන් සහ සෙසු නිලධාරින්ගෙන් ද විමසා ඇත. ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ එම පර්යන්ත ගොඩනැගිල්ලේ වහළය මත ඉදිකරනු ලබන එම දැවැන්ත නෙළුම් මල අලංකාරය සඳහා ඉදිකරන්නක් බවත්, එය විශේෂිත ‍ලෝහ වර්ගයකින් ඉදිකරන බවත්ය.

 

එහිදී එම නෙළුම් මලේ අලංකාරය දැකීමට හැකිවන්නේ කාහට දැයි විමසා බැලීමේදී එය ගුවන්තොටුපළට යන එන කිසිවකුටත් නොපෙනෙන දෙයක් වූ අතර එය දැකිය හැක්කේ ගුවන් නියමුවන්ට පමණක් බවත් අනාවරණය වී ඇත.

එහිදී මෙතරම් විශාල මුදල් සම්භාරයක් වියදම් කර මෙවැන්නක් සිදුකිරීමේ ඵල රහිත භාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා එම කොටස අදාළ පර්යන්ත ගොඩනැගිල්ලේ වහළය මත ඉදිකිරීම අදාළ ගොඩනැගිලි සැලසුමෙන් ඉවත්කිරීමටද උපදෙස් දී තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.