Ajith Perera:ආණ්ඩුවේද-විපක්ෂයේද?

බරපතල වංචා, දූෂණ පරීක්ෂා කිරීමේදී නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා අකාර්යක්ෂම බව පවසන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුව හමුවට කැඳවීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.ajith-p-perera

නීතිපති සහ පොලිස්පති යන නිලධාරීන් දෙදෙනාම ඇමතිවරුන් දෙදෙනෙකුට වග කියති එහෙයින් ඔවුන් පාර්ලිමේන්තුවට ගෙන්වීමට පෙර අදාල ඇමැතිවරුන් ගෙන් ඔවුන්ගේ ඇමතිවරුන් ගෙන් ප්‍රශ්න නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මතුවේ.

නීතිය පසිඳලීමේ කාර්යය භාරව සිටින ප්‍රධානම නිලධාරීන් දෙදෙනා අකාර්යක්ෂම වන අතරම, පැරණි පරිපාලනයේ ඇතැම් බලධාරීන්ට නීතිය ඉදිරියේ තවමත් විශේෂ වරප්‍රසාද හිමිවන හැඩකුත් පෙනී යන බවත් විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

ජනතාව අලුත් ආණ්ඩුවක් පත් කළේ මේ ගැටළුව  විසඳීමට  නොවේද?

ඇවන්ගාඩ් සමාගම හා සම්බන්ධ ආන්දෝලනය පිළිබඳව අජිත් පෙරේරා කියා සිටින්නේ, රාජපක්ෂ පරිපාලනය සමයේ සිදු වූ බව පැවසෙන බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ පරීක්ෂණවලට ආණ්ඩුව තුලින්ම පවා බාධා එල්ල වෙමින් පවතින බවයි.

 

මේ අනුව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහට තම ඇමති මණ්ඩලය පලනය කිරීම සම්බන්ධයෙන් ගැටළු පන නැගී ඇති බවයි.

ajith-p-perera-02

 

“දැන් රවිරාජ් මරපු පුද්ගලයන් අත්අඩංගුවට අරන් තියෙනව. හැබැයි රවිරාජ් මරන්න නියෝග දුන්න පුද්ගලයා කවුද?,” ඇමතිවරයා ප්‍රශ්න කළේය.

“ජෝසප් පරරාජසිංහම් ඝාතකයන් අත්අඩංගුවට අරන් තියෙනව. ඒත් ඔහු මරන්න නියෝග දුන්න පුද්ගලයන් කවුද? කුමන්ත්‍රණය කරපු අය කවුද? එක්නැලිගොඩ මරාදාපු සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනව. ඔහු මරන්න නියෝග දුන්නේ කවුද?,”  යනුවෙන්නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා  ප්‍රශ්න වැලක් නගයි.

 

ජනතාව  අජිත් පෙරේරා පත් කළේ ආණ්ඩු පක්ෂයට මිස විපක්ෂයට බව අමතක වී ඇති සෙයකි.

Parliamentarian Ajith Perera has more questions than answers

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.