Amarican Cricket -සංගා, මහේල සමග මුරලි

Was8979429

ක්‍රිකට් ක්‍රීඩාව ඇමරිකාවේ ජනප්‍රිය කරලීම උදෙසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වන විස්සයි විස්ස තරගාවලිය හෙට (07 සෙනසුරාදා ) ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනෙකුට අවස්ථාව උදා වී තිබේ.

එම ක්‍රීඩකයන් තිදෙනා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපලක් මෙන්ම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස නම් දරා සිටින මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා ලොව බිහිවු සුපිරිම දග පන්දු යවන්නා ලෙස නම් දරා සිටින මුත්තයියා මුරලිදරන්ය.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය හෙට නිව්යෝර්ක් නුවර දී  පැවැත්වේ.

Was8979429

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 11 ට ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ 20-20 කණ්ඩායම් දෙකෙහි නායකත්වය දරන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන සචින් ටෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් විසිනි.

සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වය යටතේ වන ‘සචින් බ්ලාස්ටර්’ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් වන්නේ බ්‍රයන් ලාරා, මහේල ජයවර්ධන, වීවීඑස් ලක්ෂ්මන්, සව්රව් ගන්ගුලි, විරේන්ද්‍ර ශේවාග්, ග්ලේන් මැක්ග්‍රාත්, කාර්ල් හූපර්, ලාන්ස් ක්ලූස්නර්, කර්ට්ලි ඇම්බෘෘස්, ෂෝන් පොලොක්, මොයින් ඛාන්, ග්‍රෑම් සොන්, මුත්තයියා මුරලිදරන් හා ෂොයිබ් අක්තාර් ය.

ෂේන් වෝන්ගේ නායකත්වය යටතේ වන ‘වෝර්න්ර් වොරියර්ස්’ කණ්ඩායම මැතිව් හේඩන්, කුමාර් සංගක්කාර, රිකී පොන්ටින්, මයිකල් වෝන්, ජැක් කලීස්, ඇන්ඩෘෘ සයිමන්ඩ්,ජොන්ටි රෝඩ්ස්, සක්ලීන් මුස්තාක්, වසීම් අක්‍රම්, ඩැනිල් විටෝරි,කෝට්නි වෝල්ස්, ඇලන් ඩොනල්, අජිත් අගාකර්, යන ක්‍රිඩකයන්ගෙන් සමන්විතය.

මෙම තරගාවලියේ විශේෂත්වයක් වන්නේ සියලු ක්‍රීඩකයන්  විශ්‍රාමලත් ක්‍රිකට් තරු වීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.