Arrest:කෙහෙළිය අත්අඩංගුවට ගැනීමට නියෝග


අධිකරණයේ පෙනී සිටින මෙන් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාට තුන් වතාවක්ම නොතීසි නිකුත් කෙරිණ

මහින්ද රාජපක්ෂ පරිපාලනයේ හිටපු කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් යාපන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

යාපන මහේස්ත්‍රාත් පී සිවකුමාර් එම වරෙන්තුව නිකුත් කළේ ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන්වීම සම්බන්ධ නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේ.

ඔවුන් දෙදෙනා අතුරුදහන්වීම සම්බන්ධයෙන් වරින් වර එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කළ බවට ඔවුන්ගේ ඥාතීහු හිටපු අමාත්‍යවරයාට චෝදනා කරති.


”අලුත් පරීක්ෂණ ගැන විශ්වාසයි’- ආරුමුගම් වීරරාජු

එම නඩුවට අදාලව අධිකරණයේ පෙනී සිටින මෙන් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාට තුන් වතාවක්ම නොතීසි නිකුත් කෙරුණත් ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණේ.

2011 දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යාපනයේදී පැහැර ගනු ලැබීමෙන් අනතුරුව මෙතෙක් අතුරුදහන්ව සිටිති.

ඒ පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කරන මෙන් පසුගියදා සමාජ සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් හමු වී ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණ නැවත ආරම්භ වී ඇති බව ලලිත් කුමාර් ගේ පියා, ආරුමුගම් වීරරාජු බීබීසී සංදේශයට පවසයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.