Avant Garde:පාඩු කථාව වැරදියි

නාවික හමුදාව ඇවන්ගාඩ් බාර ගනී රැකියාවලට අනතුරක් නෑ

ජනාධිපති නියෝගයක් අනුව ඇවන්ගාඩ් ආයතනය සිදු කළ මෙහෙයුම් කටයුතු නාවික හමුදාවට පැවරීමෙන් පසු එම මෙහෙයුම් කටයුතු රක්නා ලන්කා සමාගම හා එහි ලියාපදිංචි විදේශ සමාගම් හා සමඟ එක්ව විධිමත් ලෙස ක්‍රියාත්මක කරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතා සිළුමිණ ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

මේ නිසා මේ මෙහෙයුම් කටයුතුවලින් ලැබෙන මුදල් පෞද්ගලික ආයතනයකට යනවා වෙනුවට රජයේ ආදායමට එකතුවන බව එම මෙහෙයුම්වල යෙදුණ අයගේ රැකියා සුරක්ෂිත වන බව ද නාවුක හමුදාපතිවරයා කීය.

මසකට රු. මිලියන 174 කට වැඩි මුදලක් 2012 ට කලින් නාවුක හමුදාවම මෙහෙයුම් කළ අවස්ථාවේ රජයේ ආදායමට එකතු වූ බව කී නාවුක හමුදාපතිවරයා, මෙවර ලැබෙන මුදල ඊටත් බෙහෙවින් වැඩි වනු ඇති බව ද කීය.

ඇවන්ගාඩ් පළමු නැවේ රටවල් 24 කට අයත් අවි 1000 ක් පමණ තිබූ බව කී නාවුක හමුදාපතිවරයා, නාවික හමුදාව අල්ලාගත් දෙවැනි නැවේ තිබූ ආයුධ 816 සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් ආයුධ කීපයක අංක වෙනස් කිරීම පිළිබඳව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා පොලිසිය පවත්වන පරීක්ෂණවලට ඉඩදිය යුතු ව තිබෙන බවත් පෙන්වා දුන්නේ ය. නාවික හමුදාපති වරයා අදාළ මෙහෙයුම් කටයුතු 2012 ට කලින් කළ ආකාරයට අඛණ්ඩව ගෙන යන බව ද කීය.

“ඇවන්ගාඩ් සමාගමට අයත් ‘මහනුවර’ පාවෙන ආයුධ ගබඩා නෞකාව පොලිසියේ පරීක්ෂාවට පත් වූයේ පසුගිය ජනවාරි මාසයේදී ය. එම ආයුධ වල භාරකාරත්වය ඇවන්ගාඩ් සහ රක්නා ලංකා සමාගම් යටතේ පැවතිණි.

ඊට පසු පසුගිය සැප්තැම්බර් මාසයේදී තවත් එවැනිම ආයුධ නෞකාවක් නාවික හමුදා භාරයට පත්විය. ‍එහි පරීක්ෂණ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත නාවුක හමුදාවේ පැමිණිල්ලක් මත රහස් පොලිසිය මඟින් සිදුවෙයි.

මේ අතර ඇවන්ගාඩ් ‘මහනුවර’ පාවෙන ආයුධ ගබඩාවේ සියලු ආයුධවල භාරකාරිත්වය ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට පත් කළ බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කීය. මේ ව්‍යාපාර කටයුතු කිසිසේත් නොනවතින බවත් ඒ ව්‍යාපාර කටයුතුවල භාරකාරත්වය විශේෂයෙන් ආයුධ තොගවල භාරකාරත්ව‍ය නාවික හමුදාවට පැවරීමට පියවරගත් බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.

Avant Garde will make profits with navy administration

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.