Avant Garde:රාජපක්ෂගේ තුවක්කු හොර එළියට

 

 

රක්නා ආරක්ෂක ලංකා පාර්ලිමේන්තු පනතකින් තොරව, ශ්‍රී ලංකා සමාගම් නීතිය යටතේ සංස්ථාපිත මහා පරිමාණයේ රාජ්‍ය සමාගමකි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පෞද්ගලික යුධ සේනාංකය වන රක්නා ආරක්ෂක ලංකා සමාගම සතු ආයුධ පිළිබ‍ද මෑතදී සිදු කරන ලද විගණනයකදී සංවිධානාත්මක අවි ජාවාරමක තොරතුරු රැසක් හෙළි වී ඇත.

මේ අනුව  බලතොත් රක්නා ලංකා යනු හමුදාවෙන් විශ්‍රාම ගිය  සෙබළුන් ගේ බඩ  වියත රැක  ගැනීම සඳහා  ඇටවු අහිංසක බිස්නස් එකක් නොවේ.

මුල් හිමිකරුවා වසන් කිරීමේ අදහසින් ශ්‍රේණිගත අංක වෙනස් කළ ස්වයංක්‍රීය රයිෆල් 320ක් සමග නීතිවිරෝධී ගිනිඅවි රැසක් රැඳවුම්භාරයේ ඇති අවන් ගාඩ් නෞකාවෙන් මතු වී ඇත .

ශ්‍රේණිගත අංක වෙනස් කළ තවත් ගිනිඅවි 59ක් ද ඒ අතර වේ.

ගාලු නාවික වරායෙහිදී මෙම අවි ගබඩා කොට ඇත්තේ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇරඹූ රක්නා ආරක්ෂක ලංකා සමාගම විසිනි.

 

 

රතු මුහුද

 

රතු මුහුදේ වරායක සිට පැමිණි  නෞකාවට ගිනිඅවි සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා අදාල ලියකියවිලි නොමැති බව පොලිසිය සහ නාවික හමුදාව විසින් අනාවරණය කරගෙන ඇත. මෙම නෞකාව පසුගිය ඔක්තෝබර් 05 වැනිදා සිට රැඳවුම්භාරයේ පවතී.

තම සේවාලාභියා වන අවන්ගඩ්  සමාගම ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ රක්නා ආරක්ෂක ලංකා‍ හි හවුල්කරුවෙක් බැවින්  මෙම ගනුදෙනුවෙහි නීතිවිරෝධී බවක් නැතැයි විත්තියේ නීතීඥ තිලක් මාරපන  පාර්ලිමේන්තුවේදී පැවසු කථාව මේ වන විට බැක්ෆයර් වී ඇතත් සත්‍ය ඒ ලෙසින්ම හෙළිදරව් වේද යන්න පැහැදිලි නැත.

ශ්‍රේණිගත අංක වෙනස් කරමින්ද ඇතැම් විට අකා මකා දමමින් ද සැබෑ හිමිකරුවා සොයා ගැනීම අවහිර කොට ඇත්තේ මන්දැයි පොලිසියද අන්දුන්කුන්දුන්ය. මෙම ගිනි අවි කුමන කාර්යයකට යොදා ගැනුණිදැයි යන්න අනාවරණය වී නොමැත. සැබැවින්ම මේවා ලංකාවේදී මෙන්ම විදේශයකදීද යම් අපරාධයකට යොදා ගැනීමට තිබෙන ඉඩ කඩ බැහැර කළ නොහැක.

අවන් ගාඩ් නෞකාවට  අවි තොගය ලැබී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටුවන ලද රක්නා ආක්ෂක ලංකා සමාගමෙනි.

අලුත්ම විගණනවලට අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් නිකුත් කරන ලද ගිනි අවි 816කින් 203ක් පමණක් එම සමාගම විසින් නිකුත් කරන ලද ඒවාය. අනෙක්වා ”පිටස්තර”ය.

ස්වයංක්‍රීය අවි 230ක් අතුරුදහන්ය. සංඛ්‍යාලේඛන විෂමතාවන්ගෙන් පිරී ඇත.

වි‍දේශීය ආයුධ නෞකාවන්ට රටක දේශසීමාකට ඇතුළු වීම සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය වුව ද අවන් ගාඩ් සතුව එබඳු අවසරයක් නොමැත.

 

 

 

ගිනි අවි 3,473න් 89ක් පමණක් නීත්‍යානුකූලයි 

පසුගිය රජයට හේත්තුව සිටියදී ආරක්ෂක අමාත්‍යංශයට ආරක්ෂක විධිවිධාන සලසා ගැනීමට පිඹුරුපත් සැකසූ වත්මන් රජයේ  බොහෝ ඇමතිවරු මෙම ගනුදෙනුව ”නීත්‍යානුකූල” කිරීමට කැස කැවුව ද රාජපක්ෂගේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න ම එය නීතිවිරෝධී බව පිළි ගනියි. රක්නා ලංකා නිකුත් කළ ගිනි අවි 3,473න් 89ක් පමණක් නීත්‍යානුකූලව නිකුත් කළ බව ඇය පවසයි. අනෙක් 3,384 ම නීතිවිරෝධීව නිකුත් කළ ඒවා ය.

හමුදාපති තුමාගේ අනුදැනුමෙන් තොරව යොදා ගැනෙන 10,000කට අධික පුහුණු බලකායක් රක්නාටත් අවන් ගාඩ්ටත් සිටින බව සැලයි.

තම ඡන්ද කොට්ටාසය බිය වද්දමින් සිටි අවන් ගාඩ් සේවකයකු ගැන මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කරන තුරු ම පොලිසිය කිසිදු පියවරයක් නොගත් බව තිරසර සංවර්ධන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලන විට පෞද්ගලික සමාගමකට රජයක් අස්ථාවර කිරීමේ හැකියාව ඇත්තේය.අපිකානු රටවල් රැසක්ම මෙම  ඉරණමට ගොදුරු වී ඇත.

මේ සියල්ල යටපත් කරන්නට තැත් කළහොත් රනිල් වික්‍රමසිංහ පාලනයේ ස්ථාවරත්වයට  එයින්  එල්ලවන තර්ජනය එසේ මෙසේ එකක් නොවනු ඇත.

 

 

 

Avent grade armourey was filled with  ilegal weapons

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.