Avant-Garde:විජේ-රාජිත පරස්පරයි

avant-garde-mahanuwara-shipඇවන්ගාඩ් සමාගම සතුව තිබූ ගිනි අවි සහ යුද උපකරණ සියල්ල හෙට (13) නාවික හමුදා බාරයට ගැනීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

ඇවන්ගාඩ් සමාගම සහ රජය අතර සියලු ගිවිසුම් අවලංගු කර එහි මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමට ජනාධිපතිවරයා පසුගිය 11 වැනිදා ගත් පියවරේ මූලික පියවර වශයෙන් නාවික හමුදාව එහි ඇති ආයුද නාවික හමුදාව වෙත බාරගන්නා බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ඊයේ (11) පස්වරු 4.00ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවෙන් අනතරුව රජය තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත පැවසූ අතර එම ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් එම සාකච්ඡාවේදී එවැනි තීරණයකය එලඹියේ නැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන කිහිපයකට ප්‍රකාශක රක තිබිණ.

ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සියළු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට සියල්ල පවරන්නැයි ජනාධිපතිවරයා විසින් තීරණය කලේ නැතැයිද එසේ තීන්දු කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සහමුලින්ම අසත්‍ය යයිද විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාෂ කර තිබිණ.

විජේදාස රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය මුළුමනින්ම සත්‍ය විකෘතිකරමින් ජනතාව නොමගයැවීම අරමුණු කරගනිමින් සිදුකර ඇති ප්‍රකාශයක් බවත් ඇවන්ගාඩ් සමාගම ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් ඇමතිවරයා ඉදිරිපත්ව ඇති බව මෙයින් ප්‍රකාශවන බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Avant-Garde:විජේ-රාජිත පරස්පරයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.