Avant Garde :රාජිත ඇවන්ගර්ඩ් මුදල් ප්‍රතික්ෂේප කලා- දොස්තර සයුර

 

sayura

 

මැතිවරණ ව්‍යාපාරය සඳහා තම දිගුකාලින හිතමිතුරකු වන අවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ලබාදුන් මුදල ඇමති රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා, එම මුදල නැවත සේනාධිපති මහතාට බාර දුන් බව දොස්තර සයුර සමරසුන්දර මහතා පවසයි.

මේ අනුව මුලින්ම සනාථ වන්නේ රාජිත සේනාරත්න මුදල් භාර ගත් බවයි.නිශ්ශංක සේනාධිපති කවුඩ් යන්න පිළිබඳවත් ඔහු මුදල් ලබා දෙන්නේ කවර අරමුණකින්ද යන්න දොස්තර සයුර සමරසුන්දර මෙන්ම රාජිත සේනාරත්න හොඳාකාරව දැන  සිටින්නට ඇත.

දැනට තිබෙන තොරතුරුවලට අනුව  අවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ,ඇමති රාජිත සේනාරත්න මහතා  සහ  දොස්තර සයුර සමරසුන්දර  හමුවී ඇත.හමු වී  ගනුදෙනුව කතිකා කොට ගෙන ඇත.එසේ ක්‍රියා කරන රාජිත සේනාරත්නට යහපාලන පරමාදර්ශ ගැන තිබෙන අයිතිය ප්‍රශ්න කටයුතුය.

 

ඇමැති රාජිත සේනාරත්න මහතා යටතේ ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති සමරසුන්දර මහතාට තව දුරටත් යහ පාලන ආණ්ඩුවක ඉඉහලා තනතුරක් දැරීමට අයිතියක් තිබේද යන ප්‍රශ්නය මතුවේ.

අවන්ගාර්ඩ් සභාපතිවරයා, ඇමැති රාජිත සේනාරත්න මහතාට රුපියල් ලක්ෂ 50ක් ලබාදී ඇති බව දැක්වෙන හඬපටයක් වෙබ් අඩවි කිහිපයක් විසින් ඊයේ ප්‍රකාශයට පත්කර තිබිණ. මේ ඊට රාජිත පිලෙන් සැපයුන  ප්‍රති උත්තරයකි.

 

[vsw id=”/8P0P4K1RYPA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

alt“අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇවන්ගාඩ් ගැන කථා කරන්න එපා කියලා තමන්ට කොහේදිවත් කියලා නැහැ” යැයි සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසන බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සඳහා රාජිත සේනාරත්න ඇමතිවරයා බ්‍රසීලයට ගොස් ඇති අතර  ඔහු දිවයිනට පැමිණි පසු කරුණු පැහැදිලි කරන බව ඔහුගේ පුතා වන පාර්ලමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න කියා සිටී.

Avant Garde

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.