Avant Garde :විජේදාස කුණාටුවේ

ඇවන්ගාඩ් කුණාටුවෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට මහතාට බේරීමට බැරි තැනට කරුණු යෙදෙමින් තිබේ.

නීතිපතිවරයා ගේ  නිර්දේශ අනුව යමින්  ඇවන්ගාඩ් ගනුදෙනුව ගැන කලබල වීමට කිසි දෙයක් නැති බවත් තමන්ට ඒ ගැන විශේෂ රුදාවක් නැති බවත්  විජේදාස රාජපක්ෂ  මහතා  දිගටම කියා සිටියේය.

එහෙත් කොලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි අතිරේක සොලිසිටර් ජෙනරාල්  වසන්ත නවරත්න බණ්ඩාර විසින් නීතිපති වරයාට යවන ලද වාර්තාවකට අනුව මේ පිළිබඳව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කොට ඇත.

එසේ නම්  විජේදාස රාජපක්ෂ  ඇමති වරයා හිත මතාම සත්‍යය යටපත් කොට ඇත්ද?

මෙම හෙලිදරව්වට අනුව  නිස්සශංක සේනාධිපති සහ ගෝඨාභය රජපෂට එරහිව නඩු පැවරීමටත් අත්  අඩංගුවට ගැනීමටත් නියමිතව තිබිණ .

තිලක් මාරපන සහ  විජේදාස  රාජපක්ෂ  මෙම අත්අඩංගුවට ගැනීම වලක්වා ඇති බව මීට පෙර වාර්තා වී ඇත.

නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබීම ගැන නීතිපති දෙපර්තමෙන්තුව්ව් නිලධාරීන් කලකිරීමට පත්ව සිටින බවත් වාර්තා වේ.

නැගී එන කුණාටුව

 

 

සිදුවීමේ හරි වැරැද්දට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ විජේදාස රජපෂට නැගී එන කුණාටුවට මුහුණ දිය හැකිද යන්නයි.

රනිල් වික්‍රමසිංහ විජේදාස  රාජපක්ෂ රක ගැනීමට උනන්දු නොවනු ඇත  මන්දයත් දෝෂාභියෝග තර්ජනයක් ආවොත් ඊට මුහුණ දීමේ හැකියාව  සුළුතර ආණ්ඩුවේ නායකයා වන රනිල් සතු නොවන බැවිනි.

මේ මොහොතේ  විජේදාස ඇමතිවරයාගේ ගේ පැවැත්ම තීරණය කරන  ප්‍රධාන සාධකය වන්නේ ජනධිපතිවරයාය.

දැනට ඇවන්ගාඩ් සමාගමේ කොන්ත්‍රාත් සියල්ල අවලංගු කොට ඇති අතර පවතින රාජ්‍ය සංයුතිය තුළ

සුවිශේෂි වැදගත්කමක් නැති චරිතයක් වෙනුවෙන් තමන්ගේ බෙල්ල දීමට  ජනාධිපතිවරයා ඉදිරිපත් වෙතැයි සිතිය නොහැක.

විජේදාස රාජපක්ෂ හට  පෙරමුණු කීපයක් ඔස්සේ එන සුළි සුලඟකට මුහුණ දීමට සිදුව ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ,චම්පික රණවක,රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා මෙන්ම පාවෙන අවි කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට උත්සාහ හරණ ව්‍යාපාරික හවුල් මේ  පෙරමුණු අතර සිටී.

 

 

 

සිවිල් සංවීධාන.

මීට අමතරව තව ත් පෙරමුණක් සක්‍රීය වෙමින් පවතී.

ඒ සිවිල් සංවීධානයි.‘ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි’ යනුවෙන් – විජේදාස රාජපක්ෂ කල ප්‍රකාශයට සිවිල් සමජ සංවිධාන දැඩි ලෙස විරෝධය පල කරමින් සිටී.

‘ රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්තවාදීන්  මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්ෂා මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ’ යැයි විජේදාස රාජපක්  මහතා කල ප්‍රකාශය ප්‍රශ්න කරන සිවිල් සංවිධාන කියා සිටින්නේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම නීතිමය කරුණු මත තීරණය කරනවා විනා  අධිකරණ ඇමතිවරයා ගේ සිතැඟි මත තීරණය විය යුත්තක් නොවන බවයි.

පළපුරුදු නීතිවේදියෙක් වන විජේදාස රාජපක්ෂට උත්තරයක් තිබේද යන්න ප්‍රශ්නයකි.

Minister wijedasa in Avant Garde storm

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.