Avantgarde: අළුත් තියරියක්

ඇවන්ට් ගාඩ් ගනුදෙනුව පිළිබඳව තවත් ප්‍රවාදයක් මතුවෙමින් පවතී.

මේ ගනු දෙනුව පිළිබඳව හා හුවක්  නැගෙන්නේ  යහ පාලනය පිලිබඳ හේතු නිසා නොව  එම ව්‍යාපාරය අත්පත් කරගැනීම් හේතුවෙන් බව එම ප්‍රවාදය  සමාජගත කිරීමට උත්සාහ දරන උදවිය කියා සිටිති.

පලමු කොටම් පෙනී යන්නේ මේ  පාවෙන අවි ගබඩා කොන්ත්‍රත්තුවත්ව රස මසවූළක් බවයි.

ප්‍රශ්නය වන්නේ මේ ගොදුරද  ගිල ගැනීමට මාන බලන සැබෑ ගිජුලිහිනියන්  කව්රුන්දැයි දන ගැනීමට නොහැකි වීමයි.

ඒ තරමටම තොරතුරු දුමාරයක් සිදුවීම වටා පැතිරෙමින්  පවතී. මේ දුමාරය  පැතිරෙන තරමට හොරුන්ට වාසිය.

 

නව ප්‍රවාදයේ තොරතුරු මෙසේය:

*අධික ලාභ ලබන ව්‍යාපාරයක් වන විදේශීය නෞකාවලට ආරක්ෂාව සැලසීමේ ව්‍යාපාරයෙන් ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය  ඇත පත් කර ගැනීම සඳහා මැරිටයිම් සිකියුරිටි නමින් ව්‍යාපාරයක් අරඹා මෙකී ව්‍යාපාරය අත් පත් කර ගැනීමට නව ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලුම් පත් දෙකක් යොමු වී ඇත.

 

*නාවුක ආරක්ෂාවේ යෙදෙන ඇවන්ට් ගාඩ් සමාගමට පක්ෂපාතව කතා කරන ඇමැතිවරුන් මෙන්ම විරුද්ධව කතා කරන ඇමැතිවරුන් සහ දේශපාලන පක්ෂද කරන්නේ නාවුක ආරක්ෂාව ලබා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන සමාගම් වලට අවශ්‍ය රූකඩය.

 

*ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් පැවැත්වෙන අතර විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී එම පරීක්ෂණ තමා යටතට ගන්නා බව ජනාධිපතිවරයා පවසා තිබේ. පරීක්ෂණ විධායක ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම යහපාලනය නොවේ. පෙරදී සිදුවූයේද එම ක්‍රියාවලියමය. ජනතාව විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූයේ ඒ නිසාමය. සිදුවිය යුත්තේ පරීක්ෂණ ස්වාධීනව කරගෙන යෑමට පොලිසියට රහස් පොලිසියට එෆ්සීඅයිඩියට අල්ලස් කොමිසමට ආදී ආයතන වෙත පැවරීම මිස විධායක ජනාධිපති එය අතට ගැනීම නොවේ. එහෙයින් මේ ගනුදෙනුව අත්පත් කර ගැනීම පිටුපසින් සිටින්නේ ජනාධිපතිවරයාය.

 

 

more theories on aventgrade controversy

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.