Avantgarde-චන්ද්‍රිකා ගේ භූමිකාව හෙළිදරව්වේ

CBK4-e1335759110463

 

ඇවන්ගාඞ්  සමාගම සමග එක්ව මුහුදු ආරක්ෂක කටයුතු කරගෙන යාමට රජය ඇතිකරගෙන තිබූ ගිවිසුම අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව නිවැරදි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි .මෙම ජාවාරමේ ලාභයෙන් සියයට පනහක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාගමකට හිමිවන බවත් එතුමිය කියයි .

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඇවන්ට්ගාඞ් සිද්ධිය පිළිබඳ ජනාධිපතිතුමාගේ තීන්දුව පිළිබඳ ඔබතුමියගේ අදහස කුමක් ද?

මොකද්ද තීන්දුව මම දන්නේ නෑ

ඇවන්ගාඞ් ගිවිසුම අහෝසිකලා කියලා  මාධ්‍යයෙන් වාර්තා වුනා නේ.

ඔය තීන්දුව මං ගන්න කිව්වේ මාස නවයකට කලින්. ඒ තීන්දුව සියයට සියයක් හරි. මාස 9ක් තිස්සේ මම   ඕක කිව්වා.

ඒක හරි කියන්නේ කොහොම ද?

මම අධ්‍යනය කළා  ඕක ගැන. පොලිසිය ඉතාමත් හොඳට, ඉතාමත් ඉක්මනට මාස දෙකක් ඇතුලත, එනම් මාර්තු  වෙනකොට අදාල සියළුම විස්තර හොයාගෙන තිබුණා. රහස් පොලිසිය ඇතුළු පොලිසියේ විවිධ අංශවල ඒ වාර්තා ගෙන්නාගෙන මම අධ්‍යනය කළා.  ඒ කරලා, මම ලිව්වා පිටු දෙකක වාර්තාවක්. මම යෝජනා කළේ ආණ්ඩුවට  පැහැදිළිවම අවන්ගාඞ් ගිවිසුම අහෝසි කරලා මේ කටයුත්ත නාවික හමුදාවට බාර දෙන්න කියලා. මේ නාවික හමුදාවට මේක කරන්න බෑ කියන්නේ බොරු. අපි මේක යසට කෙරුවා. අපි නාවික හමුදාවත්  එකක්ක කථා කළා. ඒ අය කිව්වා කරන්න පුළුවන් කියලා.

ගෝඨාභය රාජපක්ෂ එතකොට හිටපු නාවික හමුදාපතිට බලකරලා, මේක කරන්න බෑ කියලා ලියුමක් ගත්තා. අරගෙන ගොඨාභයයි, මොහාන් පීරිසුයි අධ්‍යක්ෂවරුන් වෙලා රක්නා ලංකා කියලා සමාගමක් හදාගත්තා. අවුරුදු එකහමාරක් මේ රක්නා ලංකා එක මේ බිස්නස් එක කෙරුවේ.  ඊට පස්සේ කවුරුහරි ඒ ගොල්ලන්ගේ මොලේ පාදන්න ඇති මේක සම්පූර්ණනයෙන් නීති විරෝධියි ඒ ගොල්ලෝ හිරේ යන්න පුළුවන් කියලා. ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට හමුදාවක් මුදල් හම්බකරපු එකක් අරගෙන, ඒ ගොල්ලන්ගේ සාක්කුවට සල්ලි දාගත්තාම මේක වැරදි කි‍්‍රියාවක් කියලා. ඊට පස්සේ ඉක්මනට මේක වෙන මොකද්දෝ අරමුදලකට දාලා තියෙනවා. ඒත් ඒක භාණ්ඩාගාර අරමුදලට යවලා නෑ. රක්නා ලංකා එක ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්නේ ඊට පස්සේ.  නිශ්ශංක සේනාධිපති ගොඨාගේ යාළුවෙක්. එයා ලව්වා අවන්ට්ගාඞ් කියලා  සමාගමක් හදාගෙන ඒ ගොල්ලන් රක්නා ලංකා එකත් එක්ක ගිවිසුමක් ගහනවා. ඒක කරලා තමුසෙලා බිස්නස් එක කරනවා  අපිට සියයට පනහක දෙනවා කියලා තියෙනවා. ලාබයෙන් සියයට පනහක් දෙන්න කියලා ලියලාම තියෙනවා. හැම මාසෙකටම දශ ලක්ෂ 438ක ලාභයක් තියෙනවා.  ඒකෙන් භාගයක් ගොඨාභයගේ සමාගමකට.

අලූත් ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් අවන්ට්ගාඞ් ගණුදෙනුව නිත්‍යානුකූලයි කියලා කියනවා නේ.

මුළු සමාජයම කණු වුනාට පස්සේ ඒක වළක්වන්න අමාරුයි මේක හදන්න දවසෙන් දෙකෙන් බෑ.  අපෙත් එක්ක ඉන්න මිනිස්සුත් හුඟ දෙනෙක් ඒ වැරදි වැඩ කළා.   දැන් ඒ අයගෙන් සමහරක් අය මේ ආණ්ඩුවේ ඇමතිවරු. හොරකම් කෙරුවා සහ මහින්දගේ මිනී මැරුම් අනුමත කෙරුවා.  අපි ආණ්ඩුව පෙරලූවේ නැත්නම් තවම ඒ අය ඒකේ. ඒවා වෙනස් කරන්නට ටිකක් කල් යනවා.

හැබැයි මට පැහැදිළිව කියන්න පුළුවන්.  මම ආණ්ඩුවේ කිසි තනතුරක් ගන්නේ නැ කියලා තියෙන්නේ. ව්‍යවස්ථාව වෙනස් කරලා මට තනතුරක් දෙන්න උත්සහ කළා. නමුත් ඒ මොකක්වත් මම එපා කිව්වා. නමුත් හුගක් වැඩවලට මම සම්බන්ධයි. දැන් ඔය අභ්‍යන්තර යාන්ත‍්‍රනයේ සම්බන්ධිකරණ කමිටුවේ ඉන්නවා. ඒ නිසා ආණ්ඩුවේ වෙන දේවල් මම දන්නවා. මට කියන්න පුළුවන් ආර්ථිකය සහ ¥ෂණය පිළිබඳව. මොකද අනික් හැම එකටම මම ඇගිලි ගහන්නේ නෑ. යහපාලනය පැත්තට ආණ්ඩුවේ කටයුතු හරවන්නට දැන් අවශ්‍ය කටයුතු ටික කෙරීගෙන යනවා. මිනිසුන් හිතන තරම් ඉක්මනට කෙරුනේ නැතිවුනාට.

ප‍්‍රධාන පක්ෂ දෙකේ එකගතාවයක් නැත්නම් මේ වෙලා තියෙන විනාශයෙන් රට ගොඩගන්නට බෑ. මේ ස්වර්ණමය  අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තේ නැත්නම් සියල්ලන්ටම වෙන්නේ මුහුදට පනින්න.

Former precident  kumaranathunga says she is behind  the avnent grade take over

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.