Aventgrade:රාජිත ගෙන් හෙළිදරව්

Rajitha-Senaratne (1)
ඇවන්ගාඩ් සිද්ධිය නැවත වරක්‌ ඊයේ (06 දා) පෙරවරුවේ පැවැති එක්‌සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමේදී ප්‍රධාන මාතෘකාවක්‌ වීම නිසා එම රැස්‌වීම වාග් ප්‍රහාර හා අත්පොළසන් හඬින් උණුසුම්වී ඇතැයි දැන ගන්නට ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ මෙම මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම ආරම්භ විණි.

ඇවන්ගාඩ් පරීක්‍ෂණ යටගසන බවට හා එහි අයිතිකරුවන් ආරක්‍ෂා කරන බවට නීතිය හා සාමය පිළිබඳව ඇමැති තිලක්‌ මාරපන හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ යන මහත්වරුන්ට මෙම රැස්‌වීම ආරම්භයේදීම චම්පික රණවක හා දොස්‌තර රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් චෝදනා කර ඇත.

මෙම රැස්‌වීමට තිලක්‌ මාරපන සහ විජයදාස රාජපක්‍ෂ යන ඇමැතිවරුන් පැමිණ නොසිටි බවද වාර්තාවේ.

දැන් මේ ආණ්‌ඩුවේ අමාත්‍ය තනතුරු දරන සමහරු පසුගිය ආණ්‌ඩුව කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග රහසින් සබඳතා පවත්වමින් එජාපයේ අභ්‍යන්තර තොරතුරු ඔහුට ලබාදුන් බව තමා හොඳින්ම දන්නා බවත් සමහර පුද්ගලයන් අද ඇවන්ගාඩ් හිමිකරුවන්ගේ මුදල්වලට යටවී සිටින බවත් රාජිත සේනාරත්න මහතා පවසා ඇත.

අද අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන එක්‌ පුද්ගලයකු පසුගිය ආණ්‌ඩුව කාලයේ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම් හා මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම්වලදී සිය ජංගම දුරකථනය මගින් එහි කතාබහ මහින්ද රාජපක්‍ෂ මහතාට අසන්නට සලස්‌වා ඇති බවද ඔහු චෝදනා කොට තිබේ.

වර්තමානයේ ඇමැතිවරයකු වන තවත් අයකුට පසුගිය ආණ්‌ඩුව කාලයේ රාජපක්‍ෂ මහතා විසින් විශේෂ වැටුපක්‌ ගෙවූ බවත් තමා දන්නා බවද සේනාරත්න මහතා පැවසීම නිසා මොවුන් කව්දැයි බොහෝදෙනකු විමසා ඇත.

පැය 2 ක්‌ පමණ පැවැති මෙම රැස්‌වීම අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, තමා මේ ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව කලින් දින රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවත් මේ පිළිබඳව පරීක්‍ෂණ ඉදිරියේදී පවත්වාගෙන යැමට කටයුතු කරන බවත් පවසා තිබේ-දයා ලංකාපුර -දිවයින 

Rajitha Senaratna tells more on aventgrade

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.